|
අම්මා 'අ' යනු කියනු දකිනා රිසි බලා සිටිය අම්මා 'අම්මා' යෑයි තෙපලූ සඳ සතුටු වුණා අම්මා පන්තියෙ පළවෙනිය වේ ද බලා සිටිය අම්මා තෑගි අරන් එනවා දැක සතුටු වුණා අම්මා මල්වර දින එළඹෙන තුරු බලා සිටිය අම්මා ලොකු ළමයෙක් වූ දිනේ දි සතුටු වුණා අම්මා හැඩ වැඩ වී වැඩෙනව දැක සතුටු වුණා අම්මා රන් මිණි මුතු පළඳන්නට සිහින මැව්ව අම්මා විභාග ජය ගන්නා තුරු බලා සිටිය අම්මා උපාධියක් ගත් දිනේ දී සතුටු වුණ අම්මා රැකියාවක් ලැබෙනා තුරු බලා සිටිය අම්මා මගේ දෝණි ලොකු තැනකයි බස් තෙපලූ අම්මා විවාහයක් කෙරෙන තුරා බලා සිටිය අම්මා පෝරුව මත නැංග දිනේ කඳුළු සැලූ අම්මා දරු මුණුපුරු ලැබෙන තුරා බලා සිටිය අම්මා දරු සුරතල් යළි දකිමින් සතුටු වුණා අම්මා දරුවන් ගේ දරුවන් ගැන සොයා බැලුව අම්මා ඒ දරුවන් ලොකු වන තුරු බලා සිටිය අම්මා ජීවිත ගමනේ කෙළවර මෙය ද සිතූ අම්මා මතු භවයට පාර සොයා බවුන් වඩන අම්මා උපාලි ජයවීර, මාතලේ ඊරියගහමඩ. |
||||
|
||||