logo6.gif (686 bytes)

arrow7.gif (1098 bytes)


මේ ප්‍රවාද විද්‍යාත්මක ද?

1. දකුණු ඇමෙරිකාවේ ශිෂ්ටාචාරයක්‌ වූ මායාවරුන් ගේ දින දර්ශනය 2012.12.12 දිනෙන් අවසන් වන බවත්, එනිසා එදිනට හෝ ඒ ආසන්න දිනක ලොවට විශාල අනතුරක්‌ වන බවත් පැවසීම.

2. පෘථිවිය ඇතුළු ග්‍රහ වළල්ල 2012.12.21 දින පමණ වන විට චක්‍රාවාටයේ එක ම පේළියකට පිහිටීමෙන් පෘථිවි ගුරුත්ව හා චුම්බක ක්‍ෂේත්‍රවල යම් වෙනසක්‌ වී පාථිවියට හානිකර ලෙස භූමිකම්පා සිදු වේ යෑයි පැවසීම.

3. ආරූඪයෙන් යම් යම් දේ පවසන අයකු 2012 නොවැම්බර් මස 21 දිනෙන් පසුව පෘථිවිය කරා විශ්වයේ සිට පැමිණෙන යම් ද්‍රව්‍යයක්‌ මඟින් ප්‍රබල ඝට්‌ටනයක්‌ වී, පෘථිවි ජනගහනයෙන් 2/3ක්‌ විනාශ වන බව කියා තිබීම.

4. පෘථිවිය කරා ආගන්තුක අභ්‍යවකාශ යානා 3ක්‌ පැමිණෙන බවත්, දැනට ඒවා ප්ලුටෝ ගේ කක්‌ෂයේ පවතින බවත් පැවසීම.

5. ඉන්දියාවේ සිටි සායි බාබා, 2020 සිට ලොව වසර 2000ක්‌ සාමකාමී වන බවත් එහි ආරම්භය 2010 - 2020 දක්‌වා පැවැති සංක්‍රාන්ති සමයෙන් පසුව සිදු වන බවත්, සංක්‍රාන්ති සමයේ දී ලොව සිටින දූෂිත පුද්ගලයන් ස්‌වාභාවික විපත්, රාජ්‍ය පාලනය වැනි උපද්‍රවවලින් විනාශ වන බවත් දැක්‌වීම. (සායි බාබා, තමා අවුරුදු 96ක්‌ ජීවත් වන බවත් ලංකාවට එන බවත් පවසා තිබුණ ද ඔහු ජීවත් වූයේ වසර 85ක්‌ වන අතර, ලංකාවට පැමිණියේ ද නැත)

මෙහි දක්‌වා ඇති පළමු කරුණ ලෝකයේ ඉමහත් ප්‍රසිද්ධියට පත් වූ දෙයකි. නිවැරැදි විද්‍යාත්මක පදනමකින් තොර ව වරින් වර පළ කරන මෙබඳු අදහස්‌වල සැ`ගවීගත් ගුප්ත අර්ථයක්‌ ද ඇත. විශේෂයෙන් ම 1, 2 හා 4 වැනි කරුණු ගත හොත් බටහිර ජාතීන් විසින් කාර්මීකරණයෙන් ලොව වායුගෝලීය උණුසුම ඉහළ නංවා, වනාන්තර කපා විනාශ කර ජෛවවිවිධත්වයට කර ඇති හානිය හා දැනටත් ධ්‍රැව ආශ්‍රිත අයිස්‌ කඳු දියවීමට පටන් ගැනීම හා ලොව දේශගුණය මුළුමනින් ම වෙනස්‌ කරලමින් පවතින මෙවැනි වකවානුවක, ඒවාට එක එල්ලේ චෝදනා එල්ල වන බටහිර කාර්මික රටවල ගැලවීමට යෙදූ උපායක්‌ ලෙස මෙවැනි ප්‍රවාද වරින් වර මතු කරමින් මිනිසුන් ගේ අවධානය වෙනතකට යොමු කරවීම දැක්‌විය හැකි ය. මෙවැනි විශාල කලබැගෑනියක්‌ 21 වැනි සියවස ආරම්භ වන දින ද පරිගණක දෝෂයකින් (ශ2න) ඇති වන බවට බටහිර රටවල උගත් යෑයි සිතන ගොබ්බ මාධ්‍යවලින් ලොව පුරා පාරම් බෑවත්, බැලුමක හුළං පිට වී ගියාක්‌ මෙන් සිදු වූ දෙයක්‌ නැත. මාධ්‍ය එයට දුන් පිළිතුරක්‌ ද නැත. එනිසා යම් යම් නිෂ් පුද්ගලයන් කුමනාකාර අවිධිමත් ප්‍රතිචාර වරින් වර මාධ්‍ය ම`ගින් කළ ද රටේ එදිනෙදා කටයුතුවලට බාධා වන අයුරින් ඒවා බාර නො ගෙන කටයුතු කිරීමට අප බුද්ධිමත් විය යුතු ය. මේ ප්‍රවාද ද, ජ්‍යෙdතිෂ්‍ය පුවත් පත්වල අප නිරීක්‌ෂණය කර ඇති අනාගතය ගැන කියෑවෙන බොහෝ නිෂ්විෂයාත්මක හිතළු ද අතර වෙනසක්‌ නො දකිමු.

එච්. එස්‌. පෙරේරා, මොරටුව.