|
විදුලි උත්පාදක ජලාශවල ජල මට්ටම පහළ බසියි තමරි රණතුංග පසුගිය 24 වන ඉරු දින පෙරවරුව වන විට මාවුස්සාකැලේ ජලාශයේ ජල මට්ටම, පිටාර ජල මට්ටමෙහි සිට අඩි 40ක් ද, කාසල්රී ජලාශයේ ජල මට්ටම අඩි 51ක් ද වශයෙන් පහත බැස තිබිණි. පසුගිය සති කිහිපය තුළ දී මධ්‍යම කඳුකරයෙහි ජල පෝෂක ප්‍රදේශවලට වැසි නො ලැබීම මෙසේ ජල මට්ටම අඩු වීමට හේතු වී ඇත. පසුගිය දිනවල කාසල්රී ජලාශයට ලැබුණු උපරිම වර්ෂාපතනය මි.මී. 6ක් වන අතර මාවුස්සාකැලේ ජලාශයට ලැබී තිබුණේ මි.මී. 0.6ක් පමණ සුළු වර්ෂාපතනයකි. ලක්ෂපාන ජල විදුලි යෝජනා ක්‍රමය යටතේ ක්‍රියාත්මක වන ප්‍රධාන විදුලි බලාගාර සඳහා ජලය සැපයෙනුයේ මාවුස්සාකැලේ හා කාසල්රී ජලාශවලිනි. ඒ යටතේ ලක්ෂපාන, නව ලක්ෂපාන, විමලසුරේන්ද්‍ර, පොල්පිටිය හා කැනියොන් යන ප්‍රධාන ජල විදුලි බලාගාර ක්‍රියාත්මක වේ. |
||||
|
||||