logo4.gif (427 bytes)

arrow7.gif (1098 bytes)


 
තේ නිෂ්පාදනය පසුගිය දශකයට
සාපේක්‌ෂව ස්‌ථාවරයි

අමල් උඩවත්ත

ශ්‍රී ලංකා තේ මණ්‌ඩලය විසින් නිකුත් කළ නිවේදනයකට අනුව ශ්‍රී ලංකාවේ තේ නිෂ්පාදනය වසර 2012 මැයි මස කිලෝ ග්‍රෑම් 30812993ක්‌ වන අතර එය වසර 2011 අදාළ මාසයේ තේ නිෂ්පාදනය වන කිලෝග්‍රෑම් 33646675 සමග සැසඳීමේ දී කිලෝ ග්‍රෑම් 2833682කින් හෙවත් සියයට 8.4කින් අඩු වීමක්‌ පෙන්නුම් කරයි. වසර 2012 ජනවාරි සිට මැයි මස අවසානය දක්‌වා වූ කාල පරාසය තුළ තේ නිෂ්පාදනය කිලෝග්‍රෑම් 135628839ක්‌ වන අතර මෙය වසර 2011 ජනවාරි සිට මැයි මස අග දක්‌වා වූ කාල පරාසය තුළ වූ තේ නිෂ්පාදනය වන කිලෝග්‍රෑම් 140919090 සමග සැසඳීමේ දී කිලෝ ග්‍රෑම් 5290251කින් හෙවත් සියයට 3.8කින් අඩු වීමක්‌ පෙන්නුම් කරයි. මේ සම්බන්ධව ශ්‍රී ලංකා තේ මණ්‌ඩලයේ අධ්‍යක්‍ෂ ජනරාල් එච්. ඩී. හේමරත්න මහතා ගෙන් විදුසර කළ විමසීමක දී පසුගිය වසරේ තේ නිෂ්පාදනය සමග මේ වසරේ මේ කාල සීමාව තුළ තේ නිෂ්පාදනයේ කිසියම් අඩු වීමක්‌ පෙන්නුම් කළත් ඉකුත් වසර 10ක නිෂ්පාදන සාමාන්‍යය සැලකීමේ දී එය අඩු වීමක්‌ නො ව සාමාන්‍ය තත්ත්වයක්‌ බැව් පැවසී ය. සාමාන්‍යයෙන් වාර්ෂික තේ නිෂ්පාදනය අඩු වීම කෙරෙහි කාලගුණික හා දේශගුණික විපර්යාස තේ ගස්‌වල වයස්‌ ප්‍රමාණය සහ ලබා දෙන සත්කාර බෙහෙවින් බලපාන බැව් ඒ මහතා තවදුරටත් පැවසී ය.