logo4.gif (427 bytes)

arrow7.gif (1098 bytes)


 
Z අගය වෙන වෙන ම ගණනය කරන්න
ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි

තමරි රණතුංග

2011 වර්ෂයේ අ.පො.ස. උසස්‌ පෙළ විභාගයෙහි ඉසෙඩ් - ලකුණු ක්‍රමවේදයට එරෙහි ව ඉදිරිපත් වූ පෙත්සම්වලට අදාළ නඩු තීන්දුව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පෙරේදා (ජූනි 25) ප්‍රකාශයට පත් කරන ලදි. එම තීන්දුව මඟින් පැරැණි සහ නව විෂය නිර්දේශයන් සඳහා වෙන වෙන ම යළි ඉසෙඩ් අගය ගණනය කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමට නියෝග කළේ ය. පෙර නිකුත් කරන ලද ඉසෙඩ් ලකුණු දෝෂ සහගත බව ද එම නඩු තීන්දුවෙහි සඳහන් වේ.

සිසු සිසුවියන් 16 දෙනකු සහ ලංකා ගරු සංගමය විසින් ගොනු කරනු ලැබ තිබූ මේ පෙත්සම්, අගවිනිසුරු ශිරානි බණ්‌ඩාරනායක මහත්මිය ගේ ප්‍රධානත්වයෙන් යුතු ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ලක්‌ හමුවේ විභාග කෙරිණි.