|
වැහි මන්දාරම වැහි ගන අන්දකාරේ සුදු වලාකුළු නැත පේන මානේ අ`දුරු සළු පට විහිදා දිනි`දු බැස යයි අ`දුරේ.... අහස සරනා සියොතුනේ සැ`ගව යනු ගන වදුළේ..... මොණරකු ර`ගයි, මැඩියකු හ`ඩයි මහ බි`දු වැටෙයි වැහි අ`දුරේ මම සෙවණ සොයමින් වදුළේ සැ`ගවුණෙමි මහ වනයේ........ සැලෙයි හොල්මන් ඡායා සැලෙයි තුරුවැල් බෝමා රැහැයියෝ කෑ මොර දෙත් අ`දුරු සළුපිළි ලෙළ දෙයි......... මන්දාරමින් මිදීලා... වඩිනු මැන හිරු රජිෙ`ද්...... බියයි මහදට බෝ සේ....... එස්. අමන්දා උදේශිකා සිල්වා, ජීව විද්‍යා අංශය (2013 Aරැඛ) ශ්‍රී සුමංගල බාලිකා මහා විද්‍යාලය - පානදුර. |
||||
|
||||