logo4.gif (427 bytes)

arrow7.gif (1098 bytes)


 
වෛද්‍ය චන්න සුදත් ජයසුමන ගේ
දොස්‌තොර කතා ජුනි 21 දා එළිදකී


රජරට විශ්වවිද්‍යාලයයේ වෛද්‍ය පීඨයේ කථිකාචාර්යවරයකු මෙන්ම විදුසර පුවත්පතේ ලේඛකයකු ද වන වෛද්‍ය චන්න සුදත් ජයසුමන මහතා ගේ නවතම කෘතිය වන "දොස්‌තොර කතා" ජුනි 21 වැනි දින මහනුවර කැන්ඩි සිටි සෙන්ටර්හි දී පැවැත්වෙන පොත් ප්‍රදර්ශනයේ දී එළිදකී. කලකට පෙර විදුසර පුවත්පතට වෛද්‍ය චන්න සුදත් ජයසුමන මහතා විසින් ලියන ලද ලිපි පෙළක්‌ ඇසුරෙන් නිර්මාණය වූ මේ කෘතිය බටහිර ජීවන ක්‍රමය සියුම් ලෙස උපහාසයට ලක්‌ කරන ලිපි 30කින් පමණ සමන්විත ය.