|
ප්රාග් ඵෙතිහාසික මානව ඇට සැකිල්ලක් පාහිංගලින් හමු වෙයි පුරාවිද්‍යා කැණීම්වලින් පාහිංගල ප්‍රදේශයෙන් ප්රාග් ඵෙතිහාසිකට යුගයට අයත් මානවයකු ගේ සම්පූර්ණ ඇට සැකිල්ලක් හමු වූ බවත් හා එය ආසියානු මහාද්වීපයේ රටකින් ප්‍රථම වතාවට හමු වූ පූර්ණ ආදි මානව ඇටසැකිල්ල බවත් පාහිංගල පුරාණ ගල්ලෙන් විහාරාධිකාරී මාතර ආනන්ද සාගර හිමියෝ විදුසර කළ විමසීමක දී පැවසූ හ. මෙයට පෙර කළ කැණීම්වලින් මේ ප්‍රදේශයේ තිබී මානව හිස් කබලක් ද සොයාගැනුණු අතර එය වසර 37000ක් පැරැණි බව හෙළිදරව් විය. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මේ කැණීම් තවදුරටත් කරගෙන යයි. |
||||
|
||||