|
මුහුදු ක්ෂීරපායින් ගේ රජදහනක කළ
පරිසර අධ්‍යයන චාරිකාවක්
සාගරික
පරිසර පද්ධති යනු ගොඩබිම් පරිසර පද්ධතිවලට දෙවැනි නො වන සුවිශේෂී පරිසර පද්ධති යෑයි
කිවොත් නිවැරැදි ය. මේ පරිසර පද්ධති ආශ්‍රිතව දිවි ගෙවන ජීවීන් අතරින් අතළොස්සක්
වැනි ප්‍රමාණයක් මිනිසාට ඉතා ම සමීප වී ඇති අතර විද්‍යාත්මක පර්යේෂණවලට ද හරිහැටි
හසු නො වූ බහුතරයක් එසේ වන්නේ නැත.
සාගරයේ වෙසෙන ජීවීන් අතරින් මිනිසාට ඉතා ම සමීප එසේ ම මිනිසා ආදරය නො කළත් මිනිසාට
ආදරය කරන ජීවීන් විශේෂයක් ලෙස ඩොල්ෆින් හෙවත් ශ්‍රී ලංකාවේ ධීවරයන් ගේ ව්‍යවහාරයට
අනුව මුල්ලා හැඳින්විය හැකි ය. මේ හැරුණු කොට මිනිසාට සමීප නො වුණත් මිනිසා විසින්
හොඳින් අධ්‍යයනය කරන ලද ජීවී විශේෂයක් ලෙස තල්මහ (Whale) දැක්විය හැකි ය. මිනිසා
ගේ දැඩි තර්ජනයට ලක් වූ ජීවීන් විශේෂයක් වන මුහුදු කැස්බෑවා ( Sea Turtle),
මුහුදු ඌරා (Dugong) මෙන්ම කොරල් (Coral) ද මේ අතර වේ. ශ්‍රී ලංකාවේ සුන්දර මුහුදු
තීරය වටා සැරිසරන්නකුට දැකගත හැකි සාගර ජීවී විශේෂ සංඛ්‍යාව අති විශාල වන අතර
මෙයින් විශේෂ 20ක් පමණ කල්පිටිය සහ කන්දකුලිය යන ප්‍රදේශවලින් වාර්තා වෙයි. මෙහි
ඇති විශේෂත්වය වන්නේ මේ සියලු ම ජීවීන් මුහුදු ක්ෂීරපායින් හෙවත් කිරි බී වැඩෙන
ජීවීන් වීමයි.
|