|
අකුණු ආපදා කළමනාකරණය
ප්‍රථම අන්තර් මෝසම් වකවානුව (Inter Monsoon) මාර්තු මාසයේ මැද භාගයේ ආරම්භ වේ. එය
සාමාන්‍යයෙන් මැයි මැද දක්වා දිගු වෙයි.
හිරු වටා අපේ ලෝක ගෝලය සැරිසරන කාලය තුළ දී සැම වසරක ම මාර්තු මාසයේ 21 හෝ 22 දා
හිරු සමකයට (equator) මුදුන් වී (Overhead) පායයි. එතැන් සිට සැප්තැම්බර් 22 දා වන
තෙක් හිරු උත්තර අර්ධ ගෝලයේ විවිධ ස්ථාන (අක්ෂාංශ)වලට මුදුන් වෙමින් සංක්‍රමණය
වන අතර බක් මස 5 සහ 15 අතර කාලයේ අප රටේ භූමි කොටස්වලට මුදුන් වේ. මේ වකවානුවේ
ශ්‍රී ලංකා භූතලය සෘජු හිරු කිරණින් උණුසුම් වීමේ ප්‍රතිඵලයක් ලෙස සංවහන
(Convection) ධාරා උද්දීපනයක් වර්ධනය වී අකුණු සදා ලන විශේෂ වලාකුළු ප්‍රභේදයක්
වන කැටි වැහි වලාවන් (Cumulonimbus) සැම ප්‍රදේශයක ම පාහේ වර්ධනව වේ. එසේ කැටි වැහි
වලාවන් වර්ධනය වන නිසා එම වලාවන් අප වෙත ලබා දෙන අකුණු (Lightning) සහ ගිගිරුම්
මෙන් ම චණ්ඩ සුළං සහිත ටෝනේඩෝ (Tornado)වල බලපෑම්වලට ද මුහුණ දීමට අපට සිදු වේ.
මෙවැනි ආපදාවලින් වැළකීම හෝ අඩු කරලීමට ආරක්ෂක පියවර ගැනීම අත්‍යවශ්‍ය බව මින්
පැහැදිලි ය.
|