|
ශ්‍රී ලංකාවේ ගොම
කුරුමිණියන්
ගැන සිදු කළ විධිමත් අධ්‍යයනයක්
පසක්
ස්වාභාවික ව සරු බවට පත් වන ක්‍රියාවලීන් අධ්‍යයනය කිරීමේ දී ඒ සඳහා දායක වන
ජීවීන් කොටසක් ලෙස ගොම කුරුමිණියන් හෙවත් Dung Beetles හඳුන්වා දිය හැකි ය. ගොම
කුරුමිණියන් ගෙන් කෘෂිකාර්මික පරිසරයට ඇති කරන බලපෑම පැරැණි ගොවියා ඇතුළු ලක්
ජනතාව මැනැවින් දැන සිටිය ද, නූතන පරපුරට ගොම කුරුමිණියන් පිළිබඳ ව ඇත්තේ, අල්ප
දැනුමකි. එසේ සිතිය හැක්කේ, නූතන කෘෂිකර්මාන්තය, බොහෝ විට කෘෂිරසායන ද්‍රව්‍ය මත ම
පදනම් කරගෙන පවතිව බැවිනි. මේ වන විට ලෝකයේ ගොම කුරුමිණි විශේෂ 7000කට වඩා ඇතැ'යි
විවිධ පර්යේෂණවලින් පෙන්වා දෙයි. මොවුන් ගෙන් බහුතරයක් ස්කැරබිඩේ කුලය (Scarabaeidae
Family) යටතේ ඇෆෝඩිනේ ( Aphodiinae) හා ස්කැරබිනේ (Scarabaeinae) යන උපකුලවලට අයත්
වෙති. ජියෝට්රොපිඩේ (Geotrupidae) යනු, පස් ආශ්රිත ව වෙසෙන ගොම කුරුමිණි
විශේෂයකි.
|