logo3.gif (702 bytes)

arrow7.gif (1098 bytes)


විවිධ ලෝක

න්‍යqට්‍රීනෝව පිළිබඳ එසේත් නැත්නම් න්‍යqටීනෝවෙහි වේගය පිළිබඳව සෑහීමකට පත් විය හැකි කතාවක්‌ ගොඩනඟා ගැනීමට බටහිර විද්‍යාඥයන් අසමත් වී ඇත. න්‍යqට්‍රීනෝ අංශු ආලෝකයේ වේගයට වැඩි වේගයකින් චලනය වන බව බටහිර විද්‍යාඥයන්ට දැනගන්නට ලැබී දැනට වසර කිහිපයකි. ඔවුන් එකල ඒ ගැන එතරම් උනන්දුවක්‌ නො දැක්‌වුව ද, පසුගිය දා සිදු කළ සර්න් පරීක්‍ෂණවලින් පසුව බටහිර විද්‍යාඥයන්ට න්‍යqට්‍රීනෝවේ වේගය පිළිබඳව දැඩි සැලකිල්ලක්‌ දැක්‌වීමට සිදු වී ඇත. න්‍යqට්‍රීනෝවේ ස්‌කන්ධය පිළිබඳව තවමත් හරිහමන් කතාවක්‌ ගොතා ගැනීමට නොහැකි වී සිටින බටහිර විද්‍යාඥයන්ට දැන් තවත් ප්‍රශ්නයකට පිළිතුරු වශයෙන් කතාවක්‌ ගෙතීමට සිදු වී ඇත.

කලින් සඳහන් කර ඇති පරිදි දැනට බටහිර භෞතික විද්‍යාඥයන්ට න්‍යqට්‍රීනෝ වර්ග තුනක්‌ දැනගැනීමට හැකි වී ඇත. ඒ වර්ග බටහිර විද්‍යාඥයන් විසින් රස (flovours) ලෙස හඳුන්වනු ලැබෙයි. මේ න්‍යqට්‍රීනෝ වර්ගීකරණය වෙනත් අංශු මත පදනම් වෙයි. උදාහරණයක්‌ ලෙස ගත හොත් සර්න් පරීක්‍ෂණාගාරයෙහි පරීක්‍ෂණවලට භාජන වී ඇත්තේ මුවෝන් (muon) නම් වර්ගයට අයත් න්‍යqට්‍රීනෝ අංශු ය. මුවෝන් ද අංශු වර්ගයක්‌ වන අතර එහි වේගය ආලෝකයේ වේගයට අඩු වෙයි.

බටහිර විද්‍යාඥයන් න්‍යqට්‍රීනෝ ගැන කල්පනා කරන්නේ ද ඉලෙක්‌ට්‍රොaන, ප්‍රොටෝන වැනි අනෙක්‌ අංශු ගැන කල්පනා කරන ආකාරයට ම ය. ඔවුන්ට අනුව ඒ අංශුවලට ආලෝකයට අඩු වේග ඇති අතර ඇතැමුන්ට අනුව න්‍යqට්‍රීනෝවලට නිශ්ශූන්‍ය ස්‌කන්ධ ද ඇත. බටහිර විද්‍යාඥයන්ට දැන් ප්‍රශ්නය වී ඇත්තේ න්‍යqට්‍රීනෝවල වේගය ය. එයට ඇත්තේ එක ම එක හේතුවකි. ඒ අයින්ස්‌ටයින්, අංශුවලට ආලෝකයට වැඩි වේගයකින් චලනය විය නො හැකි යෑයි කියා තිබීම ය. වෙනත් අයුරකින් කියන්නේ නම් අයින්ස්‌ටයින්ට අනුව අංශු ආලෝකයේ වේගයට වැඩි වේගයකින් චලනය නො වෙයි. එමෙන් ම ආලෝකයට වැඩි වේගයකින් අංශු අතර සන්නිවේදනය නො කෙරෙයි.

එහෙත් ඒ 1905ට පසුව ය. ඉන්පසු බටහිර භෞතික විද්‍යාඥයන් ලෝකය දෙස බලන්නේ එලෙස ය. ලංකාවේ ද බොහෝ බටහිර භෞතික විද්‍යාඥයන් ලෝකය දෙස බලන්නේ, එසේත් නැත්නම් ලෝකය ග්‍රහණය කරන්නේ එලෙස යෑයි සිතමි. එහෙත් මෙරට බටහිර භෞතික විද්‍යාඥයන් නො වන බොහෝ බටහිර විද්‍යාඥයන්ට සන්නිවේදනයේ මේ සීමා පිළිබඳ අවබෝධයක්‌ ඇතැයි නො සිතමි. එවැන්නන් වේගය සම්බන්ධයෙන් ලෝකය ග්‍රහණය කරගන්නේ නිව්ටන් ලෝකය ග්‍රහණය කරගත් ආකාරයට ම ය.

නිව්ටන්ට අනුව සන්නිවේදනයට සීමාවක්‌ වත් අංශුවල වේගයට සීමාවක්‌ වත් නො වී ය. අංශුවලට ඕනෑ ම වේගයකින් චලනය විය හැකි ය යන්න නිව්ටන් ගේ ලෝකයේ විසූවන් ගේ ද දැනටත් වසන්නන් ගේ ද අදහස වෙයි. එහෙත් ඉතා බහුතරයක ගේ ලෝකවල මෙවැනි ප්‍රශ්නයක්‌ ඇසෙන්නේ වත් නැත. බොහෝ අයට අංශුවලට වේග සීමාවක්‌ ඇත් ද යන ප්‍රශ්නය නැත. එවැනි ප්‍රශ්නයක්‌ නැති අය ගේ ලෝක හා ප්‍රශ්නයට විසඳුම ලෙස එවැනි සීමාවක්‌ නැත. අංශුවලට ඕනෑ ම වේගයකින් චලනය විය හැකි යෑයි කියන්නන් ගේ ලෝක අතර වෙනසක්‌ ඇති බව පැහැදිලි විය යුතු ය.

ඉතා පැහැදිලිව අංශුවල වේගය සම්බන්ධයෙන් ලෝක වැස්‌සන් අඩු ම තරමෙන් හතර ආකාරයකින් ලෝක නිර්මාණය කරගෙන ඇත. එක්‌ කොටසක ගේ ලෝකයෙහි වේගය යන සංකල්පය වත් නැත. තවත් කොටසක ගේ ලෝකවල අංශුවලට වේග ඇත. එහෙත් ඒ වේගවලට සීමාවක්‌ ඇත් ද නැත් ද යන ප්‍රශ්නය නැත. තුන්වැනි කොටසක ගේ ලෝකවල අංශුවල වේගවලට සීමාවක්‌ නැත. ඔවුන් ගේ ලෝකවල අංශුවලට වේග සීමාවක්‌ නොමැති බැවින් අංශු අනන්ත වේගයකින් ද චලනය විය හැකි ය. ඒ තුන්වැන්න වේගය පිළිබඳ නිව්ටන් ගේ ලෝකයයි. හතරවැනුව බටහිර භෞතික විද්‍යාඥයන් ගේ ලෝකවල සාමාන්‍ය අංශුවලට ආලෝකයේ වේගයෙන් චලනය විය නො හැකි ය. ෆොaටෝන ආලෝකයේ වේගයෙන් චලනය වෙයි.

ඇතැම් විට තවත් අය ගේ අප නො දන්නා ලෝක ද තිබෙන්නට හැකි ය. කෙසේ වෙතත් සිංහල බෞද්ධයන් ගේ ලෝකවල අංශු කෙසේ වෙතත් දෙවියෝ භූතයෝ ආදීහු ඉතා අධික වේගවලින් චලනයෙහි යෙදෙති. එමෙන් ම සිතිවිලි සන්නිවේදනය ඉතා පැහැදිලිව ආලෝකයේ වේගයට වැඩියෙන් සිදු වෙයි. සිංහල බෞද්ධයන් ගේ ලෝකවල අංශු, වස්‌තු, කිරණ (ආලෝක ධාරා) පමණක්‌ නො ව සිතිවිලි ධාරා ද වෙයි. චිත්ත ශක්‌තිය දියුණු කරගත් අයකුට තුසිතයේ හෝ තව්තිසාවෙහි හෝ සිදු වන්නක්‌ මේ මොහොතේ ම පොළොවේ සිට බලාගත හැකි ය.

බටහිර භෞතික විද්‍යාවේ දාසයන් එසේ නො සිතුව ද අද එම විද්‍යාව අර්බුද රැසක ගිලී ඇත. ක්‌වොන්ටම් භෞතිකය ගැන ජ.වි. පෙරමුණේ කුමාර් ඕපාත පිලේ පුබුදු ජාගොඩ ගෙන් ඉගෙන ගත් අය දන්නා ඉටිගෙඩියක්‌ නැති වුවත් ක්‌වොන්ටම් අංශුවක යම් ගුණයක්‌ මැන ඇති විට එහි ප්‍රතිබද්ධ ගුණය ගැන නිශ්චිතව කිසි ම දෙයක්‌ බටහිර භෞතික විද්‍යාවට කිව නො හැකි ය. එය වරදක්‌ ලෙස මම නො දකිමි. ඒ වරදක්‌ ලෙස දකින්නෝ අයින්ස්‌ටයින් වැනි දරදඬු යථාර්ථවාදියෝ ය. බටහිර භෞතික විද්‍යාඥයන්ට අද ක්‌වොන්ටම් භෞතික විද්‍යාව ගැන පැහැදිලි අර්ථ විවරණයක්‌ නැත. කලකට පෙර වෙනත් කළ හැකි දෙයක්‌ නොමැති බැවින් ඔවුන් සමස්‌තයක්‌ ලෙස ගත් කල කෝපන්හේගන් අර්ථ විවරණය පිළිගත්ත ද තම යුදෙව් ක්‍රිස්‌තියානි සංස්‌කෘතියෙන් ඔවුන්ට උරුම වී ඇති දරදඬු යථාර්ථවාදය පිළිගන්නා බටහිර භෞතික විද්‍යාඥයෝ එදා සිට ම කෝපන්හේගන් අර්ථවිවරණයෙන් ඈත් වීමට උත්සාහ කළ හ. එහෙත් ඒ වෙනුවට වෙනත් අර්ථ විවරණයක්‌ ගෙතීමට ද ඔවුහු අපොහොසත් වෙති.

බටහිර භෞතික විද්‍යාව (අනෙක්‌ බටහිර විද්‍යා භෞතික විද්‍යාව පසුපස යන නො ගැඹුරු විද්‍යා වෙයි) 1990 පමණ වන තෙක්‌ ජයකෙහෙළි නැංවූ බව සැබෑ ය. එහෙත් එයට කණකොකා හැඩීම ආරම්භ වූයේ දහ නව වැනි සියවසේ අගභාගයේ සිට ය. බටහිර භෞතික විද්‍යාවේ එතෙක්‌ ගවේෂණයට ලක්‌ වූයේ පංෙච්න්ද්‍රියන්ට ගෝචර වන වස්‌තු ය. ඒ අදාළ සංසිද්ධි ද පංෙච්න්ද්‍රියයන්ට ගෝචර විය. ඇතැම් විට ඒ සංසිද්ධි තේරුම් ගැනීමට බටහිර භෞතික විද්‍යාඥයන්ට පංෙච්න්ද්‍රියයන්ට ගෝචර නො වන සංකල්ප ද යොදා ගැනීමට සිදු වූ නමුත් එය ඔවුන් අති විශාල බහුතරයකට එතරම් ප්‍රශ්නයක්‌ නො වී ය. එයට හේතුව වූයේ තේරුම් ගැනීමට යොදාගත් සංකල්ප පංෙච්න්ද්‍රිය ගෝචර නො වූ ව ද ඔවුන් නිරීක්‍ෂණය කළ දෑ පංෙච්න්ද්‍රිය ගෝචර වීම ය. එලෙස පංෙච්න්ද්‍රිය ගෝචර නො වන සංකල්ප යොදාගැනීම ප්‍රශ්නයක්‌ වී නම් ඒ අර්නස්‌ට්‌ මාක්‌ වැනි කිහිප දෙනකුට පමණ ය.

ඇපල් හා පොල් වැටීම පංෙච්න්ද්‍රිය ගෝචර සංසිද්ධි වෙයි. එය තේරුම් ගැනීමට නිව්ටන් ගොතා යොදාගත් සංකල්පය ගුරුත්වාකර්ෂණය විය. එහෙත් ගුරුත්වාකර්ෂණය පංෙච්න්ද්‍රියයන්ට ගෝචර නො වේ. එසේ වුවත් එය නිව්ටන්ට වත් බටහිර භෞතික විද්‍යාඥයන්ට වත් ප්‍රශ්නයක්‌ නො වී ය. ඔවුහු ගුරුත්වාකර්ෂණය යන්න සත්‍යයක්‌ ලෙස සැලකූ හ. නිව්ටන් තම චලිත සමීකරණ ඊනියා අවස්‌ථිති සමුද්දේශ රාමුවල පමණක්‌ වලංගු වන්නේ යෑයි කීවේ ය. එහෙත් නිව්ටන් ගේ ඊනියා නිරපේක්‍ෂ අවකාශය වත් ඊනියා අවස්‌ථිති සමුද්දේශ රාමුව වත් පංෙච්න්ද්‍රියයන්ට ගෝචර නො වේ.

ගුරුත්වාකර්ෂණය, අවස්‌ථිති රාමු ආදිය පංෙච්න්ද්‍රිය ගෝචර නො වීම බටහිර භෞතික විද්‍යාඥයන් ගෙන් අතිමහත් බහුතරයට ප්‍රශ්නයක්‌ නො වී ය. ඔවුහු ගුරුත්වාකර්ෂණය යනුවෙන් දෙයක්‌ ඇතැයි සිතූ හ. ඔවුහු ඒ නො දැකීම හෝ ස්‌පර්ශ නො කිරීම හෝ ප්‍රශ්න නො කළ හ. එවැනි දේ ප්‍රශ්න කළේ අර්න්සට්‌ මාක්‌ ය. ගුරුත්වාකර්ෂණය යන්න පැහැදිලිව ම පංෙච්න්ද්‍රියන්ට ගෝචර නො වෙයි. දැන් එසේ තිබිය දී ගුරුත්වාකර්ෂණය ඊනියා යථාර්ථයක්‌ ලෙස පිළිගැනීමට බටහිර භෞතික විද්‍යාඥයන් පෙලඹුණේ ඇයි? කේම්බ්‍රිඡ් විශ්වවිද්‍යාලයයෙන් රසායන විද්‍යාව පිළිබඳ ආචාර්ය උපාධියක්‌ ලබාගත් විශ්වවිද්‍යාලයීය ආචාර්යවරයකු ඇතුළු මෙරට බටහිර විද්‍යාඥයන් ඇතැමකු සහ පාසල්වල විද්‍යාව උගන්වන උපාධිධාරී ගුරුවර ගුරුවරියන් සමහරකු ගුරුත්වාකර්ෂණය තමන්ට දැනෙන බව, එසේත් නැත්නම් ඒ තමන් ගේ අත්දැකීමක්‌ බව කියන්නේ ඇයි?

එයට ප්‍රධාන හේතුව නිව්ටෝනීය ගුරුත්වාකර්ෂණ ප්‍රවාදයේ ඊනියා සාර්ථකත්වය ය. අහසට විසි කරන ගලකට සිදු වන්නේ කුමක්‌ දැයි ගුරුත්වාකර්ෂණ ප්‍රවාදය ආශ්‍රයෙන් දැනගත හැකි ය. එය කොපමණ කාලයක්‌ අහසේ තිබේ ද ආපසු පොළොවට පැමිණෙන විට එහි ප්‍රවේගය කොපමණ ද ආදී ප්‍රශ්නවලට පිළිතුරු නිව්ටෝනීය ප්‍රවාදයෙන් ඉතා පහසුවෙන් දිය හැකි ය. පාසල්වල හා විශ්වවිද්‍යාලවල අපට ලැබෙන බටහිර ගැති කසිකබල් අධ්‍යාපනය මගින් ගුරුත්වාකර්ෂණය අපට දැනෙන්නක්‌ බවට පත් කෙරී ඇත්තේ එය ඊනියා යථාර්ථයක්‌ බවට පත් කරවමිනි. ඊනියා යථාර්ථය තමන්ට දැනෙන්නේ යෑයි කීමට තරම් මොවුන් නොමඟ යෑවීමට ගුරුත්වාකර්ෂණය තම අත්දැකීමක්‌ බව පැවසීමට තරම් මෙරට විද්‍යාව උගත් සමහරුන් නොමඟ යෑවීමට බටහිර විද්‍යාවෙන් හා බටහිර ගැති අධ්‍යාපනයෙන් විශාල රුකුලක්‌ ලැබේ. තමන්ට ගුරුත්වාකර්ෂණය දැනෙන්නේ කිනම් ඉන්ද්‍රියකින් ද යන්න කීමට ඔවුන්ට නො හැකි වුවත් ඔවුහු එය තමන්ට දැනෙන්නේ යෑයි කියති. මේ අය ගුරුත්වාකර්ෂණය තම අත්දැකීමක්‌ බව කියන්නේ යම් වස්‌තුවක්‌ උඩකින් අතහරිනු ලැබුව හොත් එය පොළොවට වැටෙන බව දැක ඇති නිසාත් ඒ එසේ වන්නේ ගුරුත්වාකර්ෂණය බැවින් යෑයි පාසලේ දී හා විශ්වවිද්‍යාලයේ දී ඔවුන් ගේ හැඟීම්වලට ජීර්ණය කර ඇති නිසාත් ය.

මේ පිරිස, අයින්ස්‌ටයින්, ගුරුත්වාකර්ෂණය යනුවෙන් ප්‍රපංචයක්‌ නැතැයි ප්‍රකාශ කර ඇති බවක්‌ නො දනිති. ඇත්තට ම මොවුන් උපාධිධාරීන් වුවත් ඔවුන් ගේ දැනුම දුර්වල ය. ඒ අය ගේ දැනුම දුර්වල වී ඇත්තේ ම බටහිර අධ්‍යාපනය නිසා යෑයි කිසිවකු තර්ක කිරීමට ද ඉඩ ඇත. මේ දැනුම ඇතැමුනට පාසලෙන් හා විශ්වවිද්‍යාලයයෙන් ද තවත් අයට දැන් නම් ජනමාධ්‍යයෙන් ද ටික කලකට පෙර ජීවත් වූ මාර්ටින් වික්‍රමසිංහ මහතා වැන්නවුන්ට ජනප්‍රිය ඉංගිරිසි පොත් කියවීමෙන් ද ලැබී ඇත. අයින්ස්‌ටයින්ට අනුව ඇත්තේ ඊනියා අවකාශ කාලයේ වක්‍රතාව මිස ගුරුත්වාකර්ෂණයක්‌ නො වේ. මෙයින් අදහස්‌ කරන්නේ ගුරුත්වාකර්ෂණයක්‌ නැති බව හා අවකාශ කාල වක්‍රතාවක්‌ ඇති බව නො වේ. මෙහි නිව්ටන්ට විරුද්ධව අයින්ස්‌ටයින්ට පක්‍ෂපාතීත්වයක්‌ දැකිය හැක්‌කේ කිසි ම විචාර බුද්ධියක්‌ නොමැති උපාධිධාරී ගුරුවර ගුරුවරියන්ට හා වෙනත් එවැන්නන්ට ය. නිව්ටන් මෙන් ම අයින්ස්‌ටයින් ද වැරැදි ය. ඔවුන් දෙදෙනා ම කියා ඇත්තේ කතාන්දර ය. එක්‌ කතාන්දරයක ගුරුත්වාකර්ෂණය වෙයි. අනෙක්‌ කතාන්දරයේ අවකාශ කාල වක්‍රතාව වෙයි. මේවා සංසිද්ධියක්‌ (ප්‍රපංචයක්‌) පැහැදිලි කිරීම සඳහා ගොතන ලද බොරු කතාන්දර පමණ ය. මෙරට බොහෝ දෙනා නො දැන සිටිය ද නිව්ටන් බොරු වී දැන් අවුරුදු අනූ හයක්‌ පමණ වෙයි. න්‍යqට්‍රීනෝ මගින් අයින්ස්‌ටයින් ද බොරු වීම ඇරඹී ඇත.

මහාචාර්ය නලින් ද සිල්වා