logo3.gif (702 bytes)

arrow7.gif (1098 bytes)


යුරෝපය බහුවිධ දෙවියන් ප්‍රතික්‌ෂේප කිරීම

පැරැණි ගී්‍රකයන් ද යුදෙව්වන් ද දෙවියන් සමඟ සන්නිවේදනය කර තිබිය දී දෙවියන් ගෙන් යම් යම් දේ දැනගෙන තිබිය දී වත්මන් බටහිරයන් එසේ නො කරන්නේ ඇයි ද යන ප්‍රශ්නය අප හමුවේ වෙයි. වත්මන් යුරෝපීය සංස්‌කෘතියෙහි ප්‍රධාන කණු දෙකක්‌ වී ඇත්තේ ගී්‍රක සංස්‌කෘතිය හා චින්තනයත් යුදෙව් සංස්‌කෘතිය හා චින්තනයත් ය. එසේ තිබිය දී වත්මන් බටහිරයන් ඒ දෙවියන් අත්හැර දමා ඇත්තේ ඇයි? අද බටහිර ජීවත් වන ප්‍රධාන පෙළේ විද්‍යාඥයන් දෙවියන් ගෙන් යම් යම් දේ අසා දැනගත් බවක්‌ අපි නො දනිමු.

මෙයට ප්‍රධාන හේතුව දේශපාලනය යෑයි සිතිය හැකි ය. කතෝලික සභාව දෙවියන් හා යක්‍ෂයන් මුළුමනින් ම අත්හැරියේ නැත. එහි ලෝකය මැවූ යෙහෝවා දෙවියන්ට අමතරව තවත් දෙවියෝ සිටිය හ. ඒ දෙවියෝ පන්සල්වල දක්‌නට ඇති රූපවලින් පෙන්නුම් කෙරෙන දෙවියන්ට වඩා වෙනස්‌ වූ හ. කතෝලික ආගමේ අනෙක්‌ දෙවියන් නිරූපණය වන්නේ තටු (පියාපත්) සහිත අය ලෙස ය. මේ දෙවියෝ ඇතැම් විට ඒන්ජල්ස්‌ (දේව දූතයෝ) නමින් හැඳින්වෙති. මේ දේවදූතයන් ද යම්කිසි දේව මණ්‌ඩලයකට හෝ දේව මණ්‌ඩලවලට අයත් වෙති යි සිතිය හැකි ය. ඒ දේව මණ්‌ඩලවල දෙවියන් පියාපත් වැනි දෙයකින් ද සැරසී සිටින බවත්, ඉන් එකක නායකයා යෙහෝවා දෙවියන් යෑයි ද සිතිය හැකි ය.

දෙවියන් සමඟ සන්නිවේදනයෙහි යෙදෙන අය එවැනි දෙවියන් ද දැක ඇත. එපමණක්‌ නො ව පසුගිය දා ශල්‍යකර්මයක දී එලොව ගොස්‌ මෙලොව ආ බටහිර එක්‌තරා කුඩා ක්‍රිස්‌තියානි/ කතෝලික කුඩා ළමයකු මෙලොවින් ඇතට ගොස්‌ සිටි සුළු කාලයෙහි දී එවැනි දෙවියන් මුණ ගැසී ඇතැයි කියෑවෙයි. අපේ භාෂාවේ ඇති එලොව ගොස්‌ මෙලොව ආවා යන්න එසේ මරණ මංචකයට පිවිස මනස සිරුරෙන් නික්‌ම ගොස්‌ යම් අත්දැකීම් ලැබ ටික වෙලාවකින් ආපසු පැමිණි අය නිසා නිර්මාණය වූ පිරුළක්‌ විය හැකි ය. ඒ කුමක්‌ වුවත් කතෝලික පල්ලියේ දිගින් දිගට ම එවැනි දේව සම්බන්ධකම් ගැනත් යක්‍ෂයන් එලවීම ගැනත් සඳහන් වී ඇත.

කතෝලික පල්ලිය මධ්‍ය කාලය යෑයි බටහිරයන් විසින් හැඳින්වෙන යුගයෙහි දී තම ආධිපත්‍යය සාමාන්‍ය ජනයා අතර පැතිරවීමෙහි දී මේ දේව යක්‍ෂ සම්බන්ධකම් ද යොදාගෙන ඇත. පාප් වහන්සේට විරුද්ධව කතෝලික පල්ලියේ ම මාටින් ලූතර් වැනි පූජකවරුන් විසින් ගෙන යන ලද සටනේ දී ඔවුන්ට මේ දේව සම්බන්ධකම් ද ප්‍රශ්නයක්‌ වන්නට ඇත. එහෙත් එයට පෙර ද කතෝලිකයන්ට පෙරදිගින් පැමිණි දේව සම්බන්ධකම් ඔස්‌සේ මෙන් ම භාවනාවෙන් හා යෝග අභ්‍යාසයෙන් ද ලබාගත් දැනුම ප්‍රශ්නයක්‌ වූ බව ද පැහැදිලි ය.

අද බටහිරයන් කුමන බයිලා කීව ද, ගැලීලියෝ ගේ කාලයෙහි දී යුරෝපයට පෙරදිගින් පැමිණි දැනුම අවශෝෂණය කිරීමේ ගැටලුවක්‌ විය. භාරතීයයන් මෙන් භාවනාවෙහි යෝග අභ්‍යාසයෙහි දක්‍ෂයන් නො වුණු බටහිරයන්ට එලෙස පෙරදිගින් පැමිණි දැනුම තමන් ගේ සංස්‌කෘතියට ලබාගැනීමට තරම් ආධ්‍යාත්මික වර්ධනයක්‌ නො තිබිණි. ඔවුන් සමහර දෙනකු දෙවියන් සමඟ සන්නිවේදනයක්‌ කළ ද, ඔවුන්ට පෙරදිග දැනුම ප්‍රත්‍යක්‍ෂ කිරීමේ දී බාධා ඇති විය. ගැලීලියෝ ඒ ප්‍රශ්නයට ප්‍රතිචාර දැක්‌වූයේ වියුක්‌ත චින්තනය මත පදනම් වෙමිනි.

අප බොහෝ විට කියා ඇති පරිදි පෘථිවිය සූර්යයා වටේ යන බවට ඇති දැනුම යුරෝපයට ගෙන ගියේ භාරතයෙනි. භාරතීයයන් ඒ බව දැනගත්තේ ඊනියා ඉන්ද්‍රිය ගෝචර අත්දැකීමක්‌ උපයෝගී කරගෙන නො ව එක්‌කෝ පංෙච්න්ද්‍රිය වසා දැමීමෙනි. නැත්නම් දෙවියන් ගෙනි. භාවනාවෙන්, යෝගී අභ්‍යාසවලින් මනස පංෙච්න්ද්‍රියන් ගෙන් නිදහස්‌ වූ විට මනසට විවිධ වෙනත් අත්දැකීම් ගෝචර වීමට පටන් ගනියි. මනසට පමණක්‌ ගෝචර වන මේ දැනුම සත්‍යය යෑයි අපි නො කියමු. ඒ දැනුම ද අනෙක්‌ දැනුම් මෙන් ම මනසේ නිර්මාණ වෙයි. සියලු දැනුම මනසේ නිර්මාණ වෙයි. මනස ඇතැම් දැනුම් පංෙච්න්ද්‍රිය ද ඇසුරු කරමින් නිර්මාණය කරන අතර තවත් දැනුම් පංෙච්න්ද්‍රියන් ගෙන් ස්‌වායත්ත ව නිර්මාණය කරයි.

භාරතයේ ද බොහෝ විට ලංකාවේ ද තිබූ සුර්ය කේන්ද්‍රවාදය, එනම් සූර්යයා වටා පෘථිවිය ඇතුළු ග්‍රහ වස්‌තු චලනය වන බව හුදු සාපේක්‍ෂ දැනුමක්‌ විය. පෘථිවියට සාපේක්‍ෂව සූර්යයා චලනය වන බවට අපේ රටවල තිබූ දැනුම එලෙස ම යොදාගන්නා ලදී. ඒ කිසි විටෙකත් මිථ්‍යාවක්‌ ලෙස ප්‍රතික්‌ෂේප නො කෙරිණි. එය තවත් සාපේක්‍ෂ දැනුමක්‌ විය. ජ්‍යෙdතිෂයෙහි දී යොදාගනු ලැබූයේ පෘථිවියට සාපේක්‍ෂව සූර්යයා ද ග්‍රහයන් ද පෘථිවිය වටා චලනය වන බව ය.

එහෙත් ප්‍රශ්නය වූයේ මනසට පමණක්‌ සීමා වූ දැනුම් යුරෝපයට ගිය විට යුරෝපීයයන් ඒ ග්‍රහණය කරගත්තේ කෙසේ ද යන්න ය. යුරෝපීයයන් දෙවියන් සමඟ සම්බන්ධකම් පවත්වා ඇති නමුත් ඔවුන්ට භාවනාව, යෝගී අභ්‍යාස ආදිය ගැන දැනුමක්‌ නො වී ය. පංෙච්න්ද්‍රිය නොමැති ව මනසින් පමණක්‌ දැනුම ලබාගැනීමේ ක්‍රමවේදයක්‌ ඔවුන් සතු නො වී ය. ග්‍රීකයන් ද යුදෙව්වවන් යුරෝපයට සංක්‍රමණය වීමෙන් පසුව ඔවුන් ද ඒ ඒ දෙවිවරුන් සමඟ සම්බන්ධ වී දැනුම ලබාගත්ත ද දෙවියන් ගෙන් තොර ව පංෙච්න්ද්‍රියන් වසා දමා මනසින් පමණක්‌ දැනුම ලබාගැනීම යුරෝපීයයන් ගේ අත්දැකීමක්‌ නො වී ය.

එවැනි තත්ත්වයක්‌ යටතේ යුරෝපීයයන්ට වියුක්‌ත චින්තනයකට යැමට සිදු විය. ඒ සඳහා ඔවුන්ට ගී්‍රකයන් ගෙන් හා යුදෙව්වන් ගෙන් ලැබුණු අත්දැකීම් හා නිදර්ශන විය. කතෝලික චින්තනයට පෙර ගී්‍රක හා යුදෙව් චින්තනවල වියුක්‌ත චින්තනය විය. ගී්‍රකයෝ වියුක්‌ත ගණිතයක්‌ බිහි කළ හ. යුදෙව්වෝ වියුක්‌ත දෙවියන් වහන්සේ කෙනකු බිහි කළ හ. එහෙත් සෙසු යුරෝපයට මේ දෙක ම දිරවාගත නො හැකි විය. කතෝලික චින්තනයෙහි වියුක්‌ත දෙවියන් සිටිය ද ඔවුහු මරියතුමිය ඔස්‌සේ පංෙච්න්ද්‍රියවලට ගෝචර වූ සංයුක්‌ත දෙවි කෙනෙකුත් ඇති කරගත් හ.

ක්‍රිස්‌තුස්‌ වහන්සේ ම වියුක්‌ත දෙවියන් නැති කර තිබිණි. උන්වහන්සේ මරියතුමිය ගේ කුසින් ඉප දී තමන් වහන්සේ දෙවියන් වහන්සේ බවත් එමෙන් ම දෙවියන් වහන්සේ ගේ පුතා බවත් පැවසූ හ. අප කලින් කියා ඇති පරිදි යෙහෝවා දෙවියන් වහන්සේ තමන් වහන්සේ ගේ ආධිපත්‍යය යුදෙව්වවන් නො වන ජනතාවටත් පැතිරවීම සඳහා මනුෂ්‍යාත්මයක්‌ ලබාගෙන මරියතුමිය ගේ කුසින් බිහි වන්නට ඇත. තමන් දෙවියන් වහන්සේ බවත් උන්වහන්සේගේ පුතා බවත් කීමට ක්‍රිස්‌තුස්‌ වහන්සේට හැකියාව ලැබුණේ එසේ යෑයි සිතමි. ක්‍රිස්‌තුස්‌ වහන්සේ තමන් දෙවියන් වහන්සේ යෑයි කියන විට ම දෙවියන් වහන්සේ වියුක්‌ත භාවයෙන් මිදී පංෙච්න්ද්‍රිය ගෝචර තත්ත්වයකට පත් වෙයි.

එහෙත් ක්‍රිස්‌තුස්‌ වහන්සේට තමන් ජීවත් ව සිටි කාලයෙහි යුදෙව්වන් නො වන ජනතාවට යෙහෝවා දෙවියන් පිළිගැනීමට නොහැකි වූවා පමණක්‌ නො ව යුදෙව්වෝ ද එතුමන්ට විරුද්ධ වූ හ. තම වියුක්‌ත දෙවියන් ගේ පිsළිමයක්‌ වත් ඇඹීමට විරුද්ධ වූ යුදෙව්වෝ තම දෙවියන් පණ පිටින් දැකීමට හැකි යෑයි සිතත් ද? යුදෙව්වෝ රෝමයන් සමඟ එකතු වී ක්‍රිස්‌තුස්‌ වහන්සේ මරා දැමූ හ. යෙහෝවා දෙවියන් වහන්සේ යුදෙව් නො වන ජනතාව අතරට ගෙන ගියේ පාවුළුතුමන් ය. ඉන්පසු තෙවැනි සියවසේ රෝම කොන්ස්‌තන්තයින් රජු ගේ කාලයෙහි ක්‍රිස්‌තියානි ආගම රෝමයේ රාජ්‍යාගම බවට පත් කෙරිණි. රෝමානු කතෝලික සභාවේ උත්පත්තිය ඉන්පසුව තහවුරු විණි. කතෝලික සභාවේ චින්තනය (අපි එයට කතෝලික චින්තනය යෑයි කියමු) මධ්‍යකාලීන යුරෝපයෙහි චින්තනය විය.

කතෝලික චින්තනය වියුක්‌ත චින්තනයක්‌ නො වූ අතර එහි න්‍යාය වූයේ ගී්‍රක ඇරිස්‌ටෝටලීය න්‍යාය (Logic) නො ව ත්‍රිකෝටික චින්තනය ය. පියා හා පුතා එක ම තැනැත්තා විය හැක්‌කේ එවැනි න්‍යායක ය. සංයුක්‌ත කතෝලික චින්තනයට පංෙච්න්ද්‍රිය ගෝචර අත්දැකීම් ප්‍රධාන විය. පාප් වහන්සේට ඉර පොළොව වටා යනු මිස පොළොව ඉර වටා යැමක්‌ දර්ශනය නො වී ය. ක්‍රිස්‌තුස්‌ වහන්සේ ගේ උත්ථානයෙන් පසු ස්‌වර්ගයට යැමෙන් නැවතත් නො පෙනෙන දෙවියන් වහන්සේ කෙනකු කතෝලිකයන්ට සිටි නමුත් මෙලොව කටයුතුවල දී කතෝලික සභාවේ චින්තනය මුළුමනින් ම සංයුක්‌ත විය.

භාරතයෙන් පොළොව ඉර වටා යන බවට වූ දැනුම කොපර්නිකස්‌ මගින් ඉතාලියට ගියේ එවැනි පසුබිමක ය. පොළොව ඉර වටේ යන්නේ යෑයි කීම භාරතීයයනට මනසින් දැකිය හැකි වුවත් යුරෝපයට එය පංෙච්න්ද්‍රිය ඇසුරෙන් දැනගැනීමට නො හැකි විය. එහි ප්‍රතිඵලය වූයේ පාප් වහන්සේ ගැලීලියෝට පොළොව ඉර වටා යන බව ඔප්පු කිරීමට අභියෝග කළ විට ඔහුට ඒ කළ නො හැකි වීම ය. පාප් වහන්සේ උරණ වූයේ ගැලීලියෝ තමන්ට ඔප්පු කිරීමට නො කළ හැකි වූවක්‌ ඉගැන්වූ බැවිනි. පාප් වහන්සේ ගේ පැත්තෙන් ගත් කල ගැලීලියෝට දඬුවම් පැමිණවීම වරදක්‌ නො වේ. භාවනාව හෝ යෝග අභ්‍යාස හෝ නො දත් ගැලීලියෝට සිදු වූයේ පොළොව ඉර වටේ යන බව පෙන්වීමට සාපේක්‍ෂ චලිතය උපයෝගී කරගනිමින් වියුක්‌ත චින්තනයේ පිහිට පැතීමට ය. ඔහුට වෙනත් විකල්පයක්‌ නො වී ය. බටහිර විද්‍යාවටත් පසුව පොදුවේ බටහිර දැනුමටත් ප්‍රවාද ගෙතීම සඳහා වියුක්‌ත චින්තනය ඇතුළු වූයේ එලෙස ය. වියුක්‌තය අත්දැකීම් සාධාරණ කිරීමෙහි ලා වැදගත් වෙයි.

දහ හත් වැනි සියවසෙහි මාටින් ලූතර් ක්‍රියාත්මක වූයේ එවැනි පසුබිමක ය. එතුමාට පාප් වහන්සේ ගේ හා පල්ලියේ ආධිපත්‍යය ප්‍රශ්නයක්‌ විය. එතුමා කතෝලික පල්ලියෙහි දේශපාලන ආධිපත්‍යයට අභියෝග කෙළේ ය. ඒ අභියෝගයේ දී (බහුවිධ) දෙවියන් හා යක්‍ෂයන් මගින් කතෝලික පල්ලිය යම් යම් දේ කරගත්තේ නම් එය මුළුමනින් ම මිථ්‍යාවක්‌ යෑයි කීමට කතෝලික ආධිපත්‍යයට අභියෝග කළ නව ක්‍රිස්‌තියානීන්ට සිදු විය. යුරෝපයේ (බහුවිධ) දෙවියන් සමඟ තිබූ සම්බන්ධකම් එලෙස නැති වී යෑයි සිතිය හැකි ය. එහෙත් නව ක්‍රිස්‌තියානීහු මැවුම්කාර දෙවියන් වහන්සේ ප්‍රතික්‌ෂේප නො කළ හ. කතෝලික පල්ලියේ ඡේසුයිට්‌ වැනි නිකායවල තිබූ කැප කිරීමෙන් වැඩ කිරීම ද නව ක්‍රිස්‌තියානීහු ලබාගත් හ.

බටහිර ගී්‍රක යුදෙව් ක්‍රිස්‌තියානි චින්තනයෙහි වර්ධනයක්‌ එමගින් පිළිබිඹු විය. පහළොස්‌ වැනි සියවසේ අගභාගයෙහි ආරම්භ වූ බටහිර නූතනත්වය ඒ සමඟ බටහිර ක්‍රිස්‌තියානි නූතනත්වය ලෙස නම් කළ හැකි විය. පහළොස්‌ වැනි සියවසේ ඇරඹි පුද්ගලිකත්වය ඉස්‌මතු වීම මාටින් ලූතර් තවදුරටත් වර්ධනය කෙළේ දෙවියන් වහන්සේ ද පෞද්ගලිකකරණයට ලක්‌ කිරීමෙනි. සියලු දෙනා ම එකතු වී පල්ලියේ යාඥ පැවැත්වීමේ අනවශ්‍ය බව ලුතර් අවධාරණය කෙළේ ය. දෙවියන් වහන්සේ සැම තැනක ම සැම විටක ම සිටින්නේ නම් දෙවියන් වහන්සේට යාඥ කිරීමට පල්ලියට නො ගොස්‌ තනි ව ම කළ හැකි යෑයි ඔහු කියා සිටියේ ය. එමගින් ඔහු පාප් වහන්සේ ගේ හා පල්ලියේ ආධිපත්‍යයට තර්ජනයක්‌ එල්ල කෙළේ ය.

මහාචාර්ය නලින් ද සිල්වා