logo3.gif (702 bytes)

arrow7.gif (1098 bytes)


ක්‌වොන්ටම් අංශු දැකීම

බටහිර රසායන විද්‍යාව හා ජෛවීය විද්‍යාව පමණක්‌ නො ව බටහිර භෞතික විද්‍යාව හා ගණිතය ද බටහිරයන්ට අනුව නිරපේක්‍ෂ වාස්‌තවික දැනුමක්‌ ලබා දෙයි. ඒ සාපේක්‍ෂ දැනුමක්‌ ලෙස බටහිරයෝ නො සලකති. එහෙත් බටහිර භෞතික විද්‍යාවේ දී එහි ඊනියා නිරපේක්‍ෂ බව පසාරු කෙරෙමින් සාපේක්‍ෂ බව මතු වෙයි. ගණිතයේ දී එය එතරම් පැහැදිලි නො වන්නේ එය වඩාත් වියුක්‌ත බැවිනි. අවට ලෝකය පිළිබඳ දැනුමක්‌ ගොඩනැඟීම ගණිතයේ අරමුණ නො වේ. ගණිතයෙහි සාපේක්‍ෂ බව දැනගත හැකි වන්නේ ස්‌වසිද්ධි විශ්ලේෂණය කිරීමෙනි.

අයින්ස්‌ටයිනීය සාපේක්‍ෂතාවාදය ඉදිරිපත් කෙරුණේ ලෝකය පිළිබඳ දැනුම සාපේක්‍ෂ බව කීමට නො වේ. අයින්ස්‌ටයින් විද්වතා තරම් නිරපේක්‍ෂවාදියකු, යථාර්ථවාදියකු පසුගිය සියවසේ නො සිටින්නට ඇත. ඔහු අපෙන්, එනම් නිරීක්‍ෂකයා ගෙන්, තොර ව පිහිsටි ලෝකයක්‌ ගැන විශ්වාස කෙළේ ය. ඔහු ක්‌වොන්ටම් භෞතික විද්‍යාව පිළිගැනීම ප්‍රතික්‌ෂේප කෙළේ එය යථාර්ථවාදී නො වේ යෑයි ප්‍රකාශ කරමිනි. එහි දී ඔහු බෝර් විද්වතාට විරුද්ධ ව යමින් නිරීක්‍ෂකයකු මැදිහත් වී ක්‌වොන්ටම් පද්ධතීන්ට අගයන් ලබා දෙන්නේ යෑයි පිළිගැනීම ප්‍රතික්‌ෂේප කෙළේ ය.

ක්‌වොන්ටම් භෞතික විද්‍යාවෙහි ද නිරීක්‍ෂකයකු මැදිහත් වීමකින් තොර ව වෙනස්‌කම් සිදු වෙයි. එහෙත් ක්‌වොන්ටම් භෞතික විද්‍යාව පිළිබඳ විවරණ ලබා දුන් නීල්ස්‌ බෝර් පඬිවරයා ඇතුළු බටහිර විද්‍යාඥයන්ට යම් වරදක්‌ සිදු වී ඇති බව පැහැදිලි ය. මේ වරදට හේතුව බටහිර ඉන්ද්‍රියානුභූතිවාදයේ (positivism) බලපෑම ය. මම ද කලක්‌ ක්‌වොන්ටම් භෞතික විද්‍යාවෙහි නිරීක්‍ෂකයකු ගේ මැදිහත් වීම පිළිගත්තෙමි. එහෙත් නිරීක්‍ෂකයන් ගෙන් තොර ව ද වෙනස්‌වීම් සිදු වන බව පසුව මට වැටහිණි. අවශ්‍ය වූයේ ඒ වෙනස්‌වීම් නිව්ටෝනීය භෞතික විද්‍යාවෙහි සිදු විණි ද, අයින්ස්‌ටයිනීය භෞතික විද්‍යාවෙහි සිදු විණි ද, ක්‌වොන්ටම් භෞතික විද්‍යාවෙහි සිදු විණි ද, ඒවාට අරුත් දෙනු ලබන්නේ නිරීක්‍ෂකයන් විසින් බව තේරුම් ගැනීම ය. එලෙස තේරුම් ගත් විට ක්‌වොන්ටම් භෞතික විද්‍යාවේ පමණක්‌ නො ව නිව්ටෝනීය භෞතික විද්‍යාවේ දී ද නිරීක්‍ෂකයා ගේ මැදිහත් වීමක්‌a ඇති බව පෙනී යයි. නිරීක්‍ෂකයකු තේරුම් ගන්නේ අරුත් දෙන්නේ ඔහුට සාපේක්‍ෂව ය.

එපමණක්‌ නො ව වෙනස යන්න තේරුම් ගන්නේ ද නිරීක්‍ෂකයන්ට සාපේක්‍ෂව ය. වෙනස්‌ වන යමක්‌ පවතී ද යන මූලික ප්‍රශ්නය ගනිමු. පුටුවක්‌ වෙනස්‌ වෙයි, දිරාපත් වෙයි ආදී වශයෙන් කීමේ දී වෙනස්‌ වන පුටුවක්‌ ඇති බව උපකල්පනය කෙරෙයි. එහෙත් එලෙස වෙනස්‌ වන පුටුවක්‌ ඇතැයි සැලකීම සිංහල බෞද්ධයනට අනුව නම් ආත්මවාදී ය. වෙනස්‌ වන්නක්‌ නැති ව වෙනස්‌ වීම පිළිබඳව අනුරාධපුර යුගයේ මහාවිහාරික භික්‍ෂුන් වහන්සේලා තේරුම් ගෙන සිටිය හ. වස්‌තු අංශූ ආදිය ඇති වී නැති වී යයි. අංශුවක්‌ නැති වන්නේ වෙනත් අංශුවක්‌ පහළ කරමිනි. එසේ පහළ වන අංශුව කලින් තිබී නැති වූ අංශුව නො වේ. එය වෙනත් අංශුවක්‌ වන්නේ ද නො වේ.

බොහෝ අය වෙනස්‌ වන වස්‌තුවක්‌ ඇතැයි සලකති. එහෙත් සිංහල ථෙරවාදී බෞද්ධයනට අනුව වෙනස්‌ වීම පිටුපස, එසේත් නැත්නම් වෙනස්‌ වන, වස්‌තුවක්‌ නැත. එසේ වෙනස්‌ වන වස්‌තුවක්‌ ඇතැයි ගැනීම ආත්මවාදී වෙයි. ආත්මවාදී නො වීම සඳහා ජීවාත්මවාදී නො වීම ප්‍රමාණවත් නො වේ. ජීවාත්මවාදී නො වී ද ආත්මවාදී විය හැකි ය. පුටුවක්‌, මේසයක්‌ වැනි වස්‌තු ඇතැයි ගැනීම ද ආත්මවාදී වෙයි. එය ධර්මාත්මවාදී යෑයි නාගර්ජුනපාදයන් වහන්සේ අනුගමනය කරමින් අපි කියමු. මේ කරුණෙහි දී නාගර්ජුනපාදයන් වහන්සේ අනුගමනය කිරීම නිසා යමකු මාධ්‍යමිකවාදියකු වන්නේ නො වෙයි. ඇතැම් උගත් සිංහල ථෙරවාදී බෞද්ධයෝ ඊනියා මාධ්‍යමිකවාදයක්‌ අනුගමනය නො කරන්නේ යෑයි පවසමින් එවැනි වස්‌තු ක්‍ෂණයකට පවතින්නේ යෑයි කියති. එහෙත් මේ ක්‍ෂණය කුමක්‌ දැයි ඔවුහු නො කියති.

ක්‍ෂණය යන්න අර්ථ දැක්‌විය හැක්‌කේ වෙනස්‌ වීම මුල් කරගෙන ය. ඒ හේතුව නිසා ම ක්‍ෂණය මුල් කරගෙන වෙනස්‌ වීමක්‌ ගැන කතා කිරීමට නොහැකි යෑයි මම නො කියමි. චක්‍රීය චින්තනයක එසේ කිව නොහැකි ය. එහෙත් එවිට ක්‍ෂණය හා වෙනස්‌ වීම අතර සම්බන්ධය තේරුම් කර දිය යුතු ය. ඇතැම් සිංහල ථෙරවාදී බෞද්ධ යෑයි කියාගන්නා අය ඊනියා පරමාර්ථ ධර්මවල එල්ලී මෝහාන්ධකාරයෙහි ගිලී සිටිමින් නිවන හැරෙන්නට අනෙක්‌ පරමාර්ථ ධර්ම ද සාපේක්‍ෂ බව, මනසට සාපේක්‍ෂ බව, තේරුම් නො ගනිති. ඔවුහු ඒ පරමාර්ථ ධර්මවල එල්ලී එහි සාපේක්‍ෂතාව නො දකිති.

බටහිරයන්ට ප්‍රශ්නය වී ඇත්තේ වෙනස්‌ වන දෙයක්‌, වස්‌තුවක්‌, අංශුවක්‌ නොමැති ව වෙනස්‌ වීම යන්න තේරුම් ගැනීමට නොහැකි වීම ය. ඉංගිරිසි භාෂාව නාම පද මුල් කරගත් භාෂාවකි. සිංහලය ක්‍රියා පද මුල් කරගත් භාෂාවක්‌ වෙයි. ඒ කෙසේ වෙතත් වෙනස්‌වීම් පවා තේරුම් ගැනීමේ දී සියල්ලන්ට පොදු වූ ක්‍රමයක්‌ නොමැති බව පැහැදිලි කරගත යුතු ය. වෙනස්‌ වීම පිළිබඳව ද විවිධ අර්ථකථන වෙයි. සිංහල ථෙරවාද බෞද්ධයන් වෙනස්‌ වන වස්‌තුවක්‌ ඇතැයි නො ගෙන වෙනස්‌ වීම තේරුම් ගන්නා අතර වෙනත් අය වස්‌තුවක වෙනස්‌ වීම ගැන කතා කරති.

ක්‌වොන්ටම් අංශුවල වෙනස්‌ වීම ගැන කතා කිරීමට බටහිරයන් එළඹෙන්නේ ම එවැනි අංශූ පවතින්නේ ය යනුවෙන් ගැනීමෙනි. නිව්ටෝනීය අංශූ සම්බන්ධයෙන් ද මේ කරුණ අරභයා වෙනසක්‌ නැත. එහි දී ද වෙනස්‌ වන අංශු පවතින්නේ යෑයි ගැනෙයි. එසේ නම් ක්‌වොන්ටම් අංශු සම්බන්ධයෙන් වෙනසක්‌ ඇති වන්නේ ඇයි? එයට ප්‍රධාන හේතුවක්‌ වනුයේ ක්‌වොන්ටම් අංශු මිනිසුන් ගේ පංෙච්න්ද්‍රියන්ට ගොදුරු නො වීම ය. මා ඉන්ද්‍රිය ගෝචර ඉලෙක්‌ට්‍රොaන ඉල්ලා සතියකට වඩා ගත වී ඇති නමුත් තවමත් කිසි ම බටහිර විද්‍යාඥයකු එවැනි ඉලෙක්‌ට්‍රොaන පිළිබඳ හෝඩුවාවක්‌ වත් දන්වා එවා නැත.

ඉන්ද්‍රිය ගෝචර නො වන අංශුවල පිsහිටීම ගැන කිව හැක්‌කේ කුමක්‌ ද? පුටු, බිලියඩ් බෝල වැනි ඉන්ද්‍රිය ගෝචර වස්‌තුවල පිහිටීම අපට, එනම් මිනිසුන්ට, මිනිසුන් ගේ වැනි ඉන්ද්‍රිය (පංෙච්න්ද්‍රිය හා මනස) ඇති සතුන්ට, දැනගත හැකි ය. එසේ එක්‌ තැනක පිහිsටි වස්‌තුවක්‌ තවත් තැනකට ගමන් කරනු ද අපට දැකිය හැකි ය. ඒ චලනය අපේ ඇස්‌වලට දැකගත හැකි ය. චලනය නැවතීමෙන් පසුව අංශූව වෙනත් ස්‌ථානයක පිහිටන බව ද අපට දැකගත හැකි ය. එපමණක්‌ නො ව අංශුව මුල් ස්‌ථානයේ සිට දෙවැනි ස්‌ථානයට ගමන් කරන අතර (චලනය වන අතර) අංශුව විසින් පසු කෙරෙන අනෙක්‌ ස්‌ථාන ද අපට දැකගත හැකි ය. එබැවින් අංශුවල, වස්‌තුවල පැවැත්ම ගැන දාර්ශනික අර්ථයකින් මිස සම්මුති අර්ථයකින් අපට ප්‍රශ්න නැත.

එහෙත් ක්‌වොන්ටම් අංශු එසේ නො වේ. ඒවා ගැන අප දැනගන්නේ ඒ අංශු වෙනත් වස්‌තු සමඟ ඇති කරන ප්‍රතික්‍රියා හේතු කොටගෙන ය. පුටුවක්‌, බිලියඩ් බෝලයක්‌ මෙන් සෘජුව ඒ දැනගැනීමට ක්‍රමයක්‌ නැත. ක්‌වොන්ටම් අංශු පවතින බව සෘජුව ඉන්ද්‍රිය ගෝචර ව දැනගත හැකි නො වේ. මෙයින් කියෑවෙනුයේ පුටු, බිලියඩ් බෝල ආදිය වාස්‌තවික ව යථාර්ථවාදීව නිරපේක්‍ෂ ව පවතින බව නො වේ. එහෙත් ඒ වස්‌තු අපට සෘජුව සංජානනය වෙයි. එහි දී වැඩිදුරටත් කිව යුත්තේ සංකල්පනයක්‌ (ඤබජැචඑසදබ) නොමැති ව සංජානනයක්‌ (ඡැරජැචඑසදබ) ඇති නො වන බව ය.

ඉලෙක්‌ට්‍රොaන වැනි ක්‌වොන්ටම් අංශු ගැන අප සංකල්ප ඇති කරගන්නේ ඒ අංශු වෙනත් පද්ධතීන් සමඟ ඇති කරන ප්‍රතික්‍රියා මගිනි. එහි වරදක්‌ ඇතැයි මම නො කියමි. මෙහි දී ද අවධාරණය කළ යුතු වන්නේ සංකල්පනයක්‌ නොමැති ව සංජානනයක්‌ ඇති නො වන බව ය. ක්‌වොන්ටම් අංශුවක පිහිටීම අපට වෙනත් උපකරණයක්‌ යොදා ගැනීමෙන් පමණක්‌ "දැකගත" හැකි ය. අපට දළ සේයා පටයක්‌ වැන්නක්‌ යොදා ගැනීමෙන් ඉලෙක්‌ට්‍රොaනයක්‌ දැකගත හැකි ය. ඉලෙක්‌ට්‍රොaනය සේයා පටය සමඟ ප්‍රතික්‍රියා කර සේයා පටයෙහි යම් ප්‍රතිබිම්බයක්‌ නිර්මාණය කරයි. අපි ඒ ප්‍රතිබිම්බය ඉලෙක්‌ට්‍රොaනයක්‌ නිසා ඇති වන්නක්‌ ලෙස හඳුනාගනිමු.

දැන් ප්‍රශ්නය වනුයේ සේයා පටය නොමැති නම් අපට ඉලෙක්‌ට්‍රොaනයක්‌ ඇති බව දැනගත නො හැකි ද යන්න ය. සේයා පටයක්‌ හෝ වෙනත් එවැන්නක්‌ නොමැති ව ඉන්ද්‍රිය ගෝචර ව, එනම් පංෙච්න්ද්‍රියන්ට පමණක්‌ සීමා වී ඉලෙක්‌ට්‍රොaනයක්‌ ගැන දැනගැනීමේ හැකියාවක්‌ නැත. එහෙත් එයින් අදහස්‌ කරන්නේ දියුණු කරන ලද මනසකට එවැනි උපකරණයක්‌ (සේයා පටය ද උපකරණයක්‌ ලෙස සැලකෙයි) නොමැති ව ඉලෙක්‌ට්‍රොaනය "දැකගත" නොහැකි බව නො වේ. මනස එවැනි අවස්‌ථාවල අනෙක්‌ ඉන්ද්‍රියන් ගෙන්, එනම් පංෙච්න්ද්‍රියන් ගෙන් ස්‌වාධීන ව ක්‍රියා කරන අතර එය සුපුරුදු පරිදි සංකල්ප ද තනයි. මෙහි දී අවධාරණය කළ යුත්තක්‌ නම් මනස විසින් පමණක්‌ ග්‍රහණය කරන ලද්දේ වුව ද එහි නිරපේක්‍ෂ බවක්‌, යථාර්ථවාදී බවක්‌, වාස්‌තවික බවක්‌ නැති බව ය. පංෙච්න්ද්‍රිය සමඟ එකතු වී හෝ නො වී හෝ සංකල්ප තනන්නේ මනස ය. ඒ සියලු සංකල්ප සාපේක්‍ෂ සම්මුතීන් මිස නිරපේක්‍ෂ පරමාර්ථ නො වේ. ඉලෙක්‌ට්‍රොaනය (ක්‌වොන්ටම් අංශුව) සේයා පටය සමඟ ගැටී එහි ප්‍රතිබිම්බයක්‌ සෑදීමට පෙර ඒ ගැන කිව හැක්‌කේ කුමක්‌ ද? එය සේයාපටයේ අහවල් තැන ගැටේ වි යෑයි අපට කිව හැකි ද? ඉලෙක්‌ට්‍රොaනය සේයා පටයේ ගැටීමට පෙර අපට කිව හැක්‌කේ ඉලෙක්‌ට්‍රොaනය පිහිටි තැනක්‌ අප නො දන්නා බව ය. ඉලෙක්‌ට්‍රොaනයට යම් ප්‍රවේගයක්‌, ගම්‍යතාවක්‌ ඇති බව අපි දනිමු. ඒ ඉලෙක්‌ට්‍රොaනයට යම් ශක්‌තියක්‌ තිබෙන බැවිනි. ඉලෙක්‌ට්‍රොaනය සේයා පටය සමඟ කිනම් ලක්ෂ්‍යයක දී ගැටේ දැයි අපට කිව නො හැක්‌කේ එහි ගම්‍යතාව (ප්‍රවේගය) දැනගෙන සිටිය ද ඉලෙක්‌ට්‍රොaනය පිහිටි තැන නො දන්නා බැවිනි. ඉලෙක්‌ට්‍රොaනයේ ගම්‍යතාව ද පිහිටීම ද දැන සිටියේ නම් ඉලෙක්‌ට්‍රොaනය යම් මොහොතක යම් ලCෂ්‍යයක දී යම් දිශාවකට යම් වේගයකින් චලනය වන බව අපට කිව හැකි ව තිබිණි. එවැනි අවස්‌ථාවක ඉලෙක්‌ට්‍රොaනයෙහි පථය දන්නා බැවින් එය සේයා රුවෙහි කොතැනක දී ගැටේ වි දැයි කල් ඇති ව කීමට තිබිණි. නිව්ටෝනීය භෞතික විද්‍යාවෙහි මෙන් ම අයින්ස්‌ටයිනීය භෞතික විද්‍යාවෙහි දී ද සිදු වන්නේ එයයි.

එහෙත් ක්‌වොන්ටම් අංශු සම්බන්ධයෙන් එවැන්නක්‌ කිව නොහැකි ය. ඉන්ද්‍රිය ගෝචර නො වන ඉලෙක්‌ට්‍රොaන වැනි අංශුවල පිsහිටීම සේයා රුවක්‌ වැනි "උපකරණයක්‌" නොමැති ව දැනගත නො හැකි ය. එහි ශක්‌තිය, ගම්‍යතාව ගැන දැනගන්නේ ද යම්කිසි උපකරණයක ආධාරයෙනි. එයට හේතුව සෘජුව ඉලෙක්‌ට්‍රොaනයක ගම්‍යතාව දැනගැනීමට ඉන්ද්‍රිය ගෝචර ඉලෙක්‌ට්‍රොaනයක්‌ නොමැති වීම ය. අප ඉලෙක්‌ට්‍රොaන විදීමට යොදා ගන්නා උපකරණ මගින් මෙහි දී ඉලෙක්‌ට්‍රොaනයෙහි ගම්‍යතාව දැනගත හැකි වෙයි. එබැවින් ම අනිශ්චය මූලධර්මයට අනුව ද අපි ඒ ඒ කාලයෙහි දී එහි පිහිටීම නො දනිමු. අපට කිව හැකි වන්නේ ඉලෙක්‌ට්‍රොaනය යම් ස්‌ථානයක තිබීමට අසවල් සම්භාවිතාවක්‌ ඇති බව ය.

මහාචාර්ය නලින් ද සිල්වා