logo3.gif (702 bytes)

arrow7.gif (1098 bytes)


ගැස්‌ට්‍රයිටිස්‌ හා ආමාශයේ වණ

ගැස්‌ට්‍රයිටිස්‌ හා ආමාශයේ වණ ඇති වීම අද සාමාජයේ උණ සෙම්ප්‍රතිශ්‍යාව තරම් ම සුලබ රෝගයක්‌ බවට පත් වී හමාර ය. මේ රෝග තත්ත්වය තාවකාලිකව හෝ නො වැළඳුණු කෙනකු සොයා ගැනීම උගහට ය. මෙය බොහෝ විධායක ශ්‍රේණියේ ඉහළ නිලධාරීන් ඇතුළු කාර්යබහුල පුද්ගලයන්ට ඉතා සුලබව ඇති වන්නකි. මේ ඒ පිළිබඳව කායික රෝග විශේෂඥ වෛද්‍යවරයකු සමග කරනු ලබන සාකච්ඡාවකි.

Gastritis (ආමාශයික ප්‍රදාහය) යනුවෙන් හැඳින්වෙන තත්ත්වය කුමක්‌ ද?

Gastritisයන්න ලිහිල්ව භාවිත කරන වචනයක්‌. ස්‌වභාවයෙන් ආමාශය HCL වලින් (හයිෙඩ්‍රාක්‌ලෝරික්‌ අම්ලය) ආරක්‌ෂා වන්නේ ශ්ලේෂ්මලවලින්. (mucous) හා ශ්ලේෂ්මල පටලයෙන්. රෝග තත්ත්වයක්‌ ඇති වන විට ශ්ලේෂ්මල පටලයේ (Mucous membrane) දුර්වලතාවක්‌ ඇති වී ඒ හේතුවෙන් දැවිල්ලක්‌ හා තුවාල තත්ත්වයක්‌ ඇති වනවා.

Gastric ulcers යනුවෙන් හැඳින්වෙන්නේ කුමක්‌ ද?

අමාශයේ HCL මගින් ඇති වන දැවිල්ලක්‌ වැනි තත්ත්වයක්‌ ඉන් ඔබ්බට ආම්ලික තුවාලයක්‌ දක්‌වා වර්ධනය වූ විට මේ නමින් හැඳින්වෙනවා එහි දී රුධිර වහනයක්‌ සහ වෙනත් සංකූලතා ඇති වනවා. ඇතැම් විට මේ ආම්ලික තුවාලය ආමාශයේ බිත්තිය සිදුරු කරන මට්‌ටමට ද වර්ධනය විය හැකියි. (Perforation)

Gastrits ඇති වීමට හේතු මොනවා ද?

හේතු කීපයක්‌ නිසා ඇති වනවා.

1. වේදනානාශක පෙති වර්ග නිතර නිතර ගැනීම-NSAID කාණ්‌ඩයේ ඔසු-විශේෂයෙන් ම Aspirin වැනි ඖෂධ.

2. Helycobacter pylori නම් වන බැක්‌ටීරියා ආසාදන.

3. Chemical Gastritis යනුවෙන් හැඳින්වෙන රසායන ද්‍රව්‍ය නිසා ඇති වන ආමාශයික ප්‍රදාහ තත්ත්ව පවතිනවා. මෙහි දී අධික වශයෙන් මද්‍යසාර නිතර නිතර ගැනීම, තුනපහ, මිරිස්‌, විනාකිරි අධිකව යෙදූ ආහාර හා සකස්‌ කළ ආහාර (Processed foods) ගැනීම නිසා ද ඨ්‌sඑරසඑසි ඇති වනවා.

H. pylori බැක්‌ටීරියා ආසාදන සලකතොත් එය ශරීරගත වන්නේ ආහාරපාන මගින්. ඒවා කාලයක්‌ තිස්‌සේ ආහාර මාර්ග පද්ධතියේ වර්ධනය වෙනවා. ඒ වගේ ම ඒවා ආමාශයේ ශ්ලේෂ්මල පටලයේ තැන්පත් වී වර්ධනය වෙලා ප්‍රදාහකාරී තත්ත්වයක්‌ ඇති වනවා. එමගින් ආමාශය අම්ලවලින් ස්‌වභාවයෙන් ආරක්‌ෂා වන යාන්ත්‍රණයට හානි පමුණුවනවා.

ඒ වගේ ම ආහාර මාර්ග පද්ධතියේ ඇති වන Gastrin නම් වන හෝමෝනය වැඩි වශයෙන් ශ්‍රාවය කරනු ලබන වර්ධනයන් (Tumors)වලින් ද ආමාශයේ අම්ල ශ්‍රාවය විශාල වශයෙන් වැඩි කරනු ලබන බැවින් Gastritis, Gastric ulcers (ආම්ලික තුවාල) ඇති වනවා. Zollinger Ellisons
syndrome යනුවෙන් හැඳින්වෙන්නේ මෙයයි.

Gastritis රෝගය වළක්‌වාගත හැකි ද? පාලනය කළ හැකි ද?

වළක්‌වාගත හැකියි. වේදනානාශක පෙති අත්‍යවශ්‍ය අවස්‌ථාවල දී පමණක්‌ ගන්න. ෆාමසිවලින් හිතුමතේට ගන්න එපා. සන්ධි අමාරුවලට (Arthritis) දෙන ඖෂධ වට්‌ටෝරු වෛද්‍ය උපදෙස්‌වලින් තොරව නොකඩවා පාවිච්චි කරන්න එපා.

H. pylori බැක්‌ටීරියා ආසාදන නිසා ඇති වන Gastris තත්ත්ව වළක්‌වා ගැනීමට

නිවැරැදිව ආහාරපාන සකසා ආහාරයට ගන්න. ආහාර පිසීමට පෙර හොඳින් පිරිසිදු කිරීම වගේම ආහාර හොඳින් තැම්බීමත්, පිසීම ආදියත් ඉතා වැදගත්. අධික උෂ්ණත්වයේ දී මේ බැක්‌ටීරියා විනාශ වනවා. රසායනික ද්‍රව්‍ය නිසා ඇති වන Chemical Gastritis  වලින් මිදීමට අධික මිරිස්‌ හා තුනපහ යෙදූ ආහාරවලින් හැකිතාක්‌ දුරට වළකින්න. මද්‍යසාර ගැනීම ද නවතා දමන්න. නැත්නම් පාලනය කරන්න. ඒ වගේ ම මත්පැන් පානය කරන අය ගන්න කටගැස්‌මවල අධික තෙල්, අධික මිරිස්‌ හා තුනපහ ද, විවිධ රසකාරක ද විශාල වශයෙන් අන්තර්ගත නිසා Gastritis ඇති කරනවා. එනිසා මත්පැන් සේ ම එවන් ආහාර ද සීමා කරන්න.

යම්යම් රසායන ද්‍රව්‍ය යොදා කලින් සකස්‌ කළ ආහාර (Processed foods) හා ක්‌ෂණික ආහාර හැකිතාක්‌ සීමා කරන්න. නැවුම් ස්‌වාභාවික ආහාර ගැනීම ඉතා ම වැදගත්. කලට වෙලාවට ආහාර නො ගැනීමෙන් සෘජුව ම ආමාශයික තුවාල ඇති වීම සිදු නො වුණත් ආමාශයේ තුවාල සුව වීම ප්‍රමාද වීම හා රෝග ලක්‌ෂණ වැඩි වීම සිදු වනවා. එනිසා හැකි පමණ කලට වේලාවට ආහාර ගැනීමට උත්සුක වන්න.

දීර්ඝකාලීනව ඇතැම් රෝග සඳහා ඖෂධ ගන්නා අයට Gastritis ඇති විය හැකි නිසා එවන් අයට දිය හැකි උපදෙස්‌ මොනවා ද?

වෛද්‍ය අනුමැතියෙන් තොර ව ඖෂධ ගන්නට යන්න එපා. ඇතැම් අය වේදනානාශක ඖෂධ ෆාමසිවලින් හිතුමතේට රැගෙන භාවිත කරනවා. මෙය ඉතා ම හානිකරයි. මෙවන් ඖෂධ දීර්ඝකාලීනව භාවිතයෙන් Gastritis ඇති විය හැකියි. මෙවන් වේදනානාශක ඖෂධ ද හෘද රෝග වළක්‌වාගැනීමට ගන්නා Aspirin වැනි ඖෂධ ද ආහාරයට පසුව ම ගැනීමෙන් Gastritis වැනි අතුරු ආබාධ සීමා කරගත හැකියි. ඒ වගේ ම ආමාශයට අම්ල ශ්‍රාවය වැඩි නො කරන ආමාශයට හානි නො කරන දියුණු තාක්‌ෂණයෙන් නිපදවන Enteric coated ඖෂධ පෙති භාවිතයෙන් ද Gastritis වැනි අතුරු ආබාධ අඩු කරගත හැකියි.

Gastritis වලට ප්‍රතිකර්ම නො ගෙන සිටිය හොත් නො සලකා හැරිය හොත් සිදු වන්නේ කුමක්‌ ද?

Gastritis වලට මුල් අවස්‌ථාවේ ප්‍රතිකර්ම කරන්නේ නැති ව නො සලකා සිටිය හොත් ඒවා තුවාල (Gastric ulcers) බවට පත් වී වේදනාකාරී ස්‌වභාවයකට පත් වෙනවා. මෙලෙස Gastric ulcers ඇති වන එක මැදි වියේ හෝ වයස්‌ගත වූවන්ට හෝ වැඩි අවදානමක්‌ තිබෙනවා. මෙහි දී රෝගීන්ට රාජකාරි කටයුතුවල දී අපහසුතා ද දෛනික වැඩකටයුතු කරගැනීමේ අපහසුතා ද ඇති වනවා. Gastric ulcers වලට ප්‍රතිකර්ම නො ගෙන සිටිය හොත් ඇතැම් විට ආමාශ බිත්තිය සිදුරු වී (Perforation) අම්ල ඇතුළුව ආමාශයේ අන්තර්ගතය පිටතට පැමිණ දරුණු තත්ත්වයකට පත් විය හැකියි. එහි දී අධික රුධිර වහනයක්‌ ඇති වනවා. ඒ නිසා රෝගියාට හදිසි ශල්‍යකර්මයක්‌ කිරීමට පවා සිදු විය හැකියි.

දුම් පානයෙන් Gastritis/Gastric ulcers ඇති වනවා ද?

දුම්පානයෙන් Gastritis ආමාශයික වණ වැනි තත්ත්ව ඇති වන බව පෙනී ගොස්‌ තිබෙනවා. දුම්කොළවල අඩංගු නිකොටින් මෙයට හේතුව වෙනවා. දුම්පානය Gastritis ඇති වීමේ අවදානම් සාධකයක්‌ (Risk factor) වන නිසා එයින් මිදීම ආමාශයික ප්‍රදාහය සහ වණ ඇති වීම වළක්‌වා ගැනීමට හේතු වනවා.

ගැස්‌ට්‍රයිටිස්‌ පරම්පරාවෙන් පරම්පරාවට යනවා ද?

සෘජු්‍රව ම ජාන පසුබිම ඔස්‌සේ පරම්පරාවෙන් පරම්පරාවට යන සම්බන්ධතාවක්‌ නෑ. එහෙත් පවුලේ සාමාජිකයන් එක ම ආහාර පිස එක ම ආහාර ගන්නා නිසා H.pylori බැක්‌ටීරියා ආසාදන අවදානම ඇති විය හැකියි.

වැඩිහිටියන් තම පවුලේ ඉදිරි පරම්පරාවටත් අයහපත් ආහාර පුරුදු නිසා මේ බැක්‌ටීරියා දායාද කළ හැකියි.

කිරි පානයෙන් Gastritis සමනය වෙනවා කියා බොහෝ දෙනා සිතනවා. එහි සත්‍යතාවක්‌ තිබෙනවා ද?

එහි සත්‍යතාවක්‌ තිබෙනවා. කිරිවල අන්තර්ගත ප්‍රොaටීනවල තිබෙන භාෂ්මික ගුණ නිසා ආමාශයික අම්ල උදාසීන (Neutralization) වෙනවා. ඒ නිසා උදරයේ දැවිල්ල, Gastritis සමනය වෙනවා. ඒත් සම්පූර්ණයෙන් යොදය සහිත කිරි පානයෙන් තරබාරුව හා කොලෙස්‌ටෙරොල් ප්‍රමාණය වැඩි වීම ආදිය සිදු වන බැවින් එහි අහිතකර පැත්තකුත් තිබෙනවා. එහෙත් කිරි පානයෙන් Gastritis ඇති රෝගීන්ට තාවකාලික සහනයක්‌ ලැබෙනවා පමණයි. මෙය ප්‍රතිකර්ම ක්‍රමයක්‌ නො වෙයි. ඒ නිසා Gastritis ආමාශයික වණ ඇති රෝගීන් ඒ සඳහා සුදුසුකම් ලත් වෛද්‍යවරයකු වෙත යොමු වී නිසි ප්‍රතිකර්ම ගැනීම අත්‍යවශ්‍යයි.

ආමාශයික ප්‍රදාහය, ආමාශයික වණ (Gastric
ulcers) සඳහා වන ප්‍රතිකර්ම මොනවා ද?

ඖෂධීය ප්‍රතිකර්ම කීපයක්‌ ම තිබෙනවා. කලාතුරකින් ශල්‍ය ප්‍රතිකර්ම ද සිදු කරනවා. ප්‍රධාන ඖෂධීය ප්‍රතිකර්ම වන්නේ,

1. අම්ලවල වැඩි බව අඩු කරන විවිධ ඖෂධ භාවිත වනවා. නූතන යුගයේ ඒ සඳහා භාවිත වන ප්‍රධාන ඖෂධ කාණ්‌ඩය වන්නේ Proton pump inhibitors (PPI). Omeprazole,
Pantaprazole ඒ කාන්ඩයේ ප්‍රධාන සුලබ වශයෙන් භාවිත වන ඖෂධයි.

වෛද්‍ය උපාලි වේරගම
ආමාශයික හා අන්ත්‍ර පිළිබඳ විශේෂඥ වෛද්‍ය හා කායික (Gastroenterologist) රෝග විශේෂඥ වෛද්‍ය (පොලිස්‌ රෝහල කොළඹ)
සාකච්ඡා කොට සකස්‌ කළේ SH