logo4.gif (427 bytes)

arrow7.gif (1098 bytes)


 
තිරසර පාරිසරික හා සමාජ ආර්ථික
සංවර්ධනය පිළිබඳ පාඨමාලාව


දේශගුණික විපර්යාස, ජෛවවිවිධත්වය හායනය හා පරිසර දූෂණය වැනි පාරිසරික ගැටලූ පිළිබඳව වර්තමාන ලෝකයේ පෙර නො වූ විරූ තරම් අවධානයක්‌ යොමු ව තිබේ. මේ වන විට ශ්‍රී ලංකාවට ද අභියෝගයක්‌ වී ඇති උක්‌ත ගැටලූ විසඳීම සඳහා අවශ්‍ය දැනුම සහිත පිරිසක්‌ බිහි කිරීමේ අරමුණින් යුතු ව "තිරසර පාරිසරික හා සමාජ ආර්ථික සංවර්ධනය" පිළිබඳ විශේෂ පාඨමාලාවක්‌ ආරම්භ කිරීමට ශ්‍රී ලංකා හරිත ව්‍යාපාරය මඟින් කටයුතු යොදා ඇත.

ක්‌ෂේත්‍රයේ නූතන ප්‍රවණතා සඳහා වැඩි අවධානයක්‌ යොමු කරන මේ සය මාසික පාඨමාලාව 2010 සැප්තැම්බර් මස අවසානයේ ආරම්භ වීමට නියමිත ය. ප්‍රවීන ආචාර්ය මණ්‌ඩලයක්‌ මඟින් මෙහෙයවනු ලැබෙන මේ පාඨමාලාවට වැඩමුළු හා ක්‌ෂේත්‍ර අධ්‍යයන ද ඇතුළත් ය.

පාඨමාලාව සඳහා මේ වන විට අයදුම්පත් බාර ගනු ලැබේ. වැඩි විස්‌තර දැනගැනීම සඳහා දුරකථන අංක 011-2817156 හෝ 017-5358067 යන අංක අමතන මෙන් ශ්‍රී ලංකා හරිත ව්‍යාපාරය ඉල්ලා සිටියි..