|
භූගත ජලයේ ෆ්ලෝරයිඩ් ඉවත් කරන ජල පෙරණයක් උතුරුමැද පළාතේ භූගත ජලයේ ෆ්ලෝරයිඩ් ඇතුළු බැර ලෝහ සංයුතිය ඉතා අධික බවට පර්යේෂණවලින් තහවුරු වී ඇති බැවින් එම ප්‍රදේශවල ජීවත් වන ජනතාවට සුදුසු ජල පෙරණයක් හඳුන්වා දීමට මූලික අධ්‍යයන ආයතනය කටයුතු කර ඇතැයි පර්යේෂණ නිලධාරී ආචාර්ය මෙත්තිකා විතානගේ මහත්මිය පැවසූ බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයක සඳහන් වෙයි. පී. වී. සී. නළයක් හා අලුතින් පුළුස්‌සන ලද ගඩොල් කැට භාවිතයෙන් නිර්මාණය කර ඇති මේ පෙරණය ඉතා අඩු වියදමකින් නිෂ්පාදනය කර ඇත. පෙරණය සඳහා භාවිත කරන ගඩොල් කැට මාස 3කට වරක් අලුත් කිරීමෙන් එහි කාර්යක්‍ෂමතාව ඉහළ නංවාගත හැකි ය. උතුරු මැද කලාපයේ ජනතාවට මේ උපකරණය දැනටමත් නොමිලේ ලබා දී ඇති අතර ශ්‍රී ලංකාවේ අනෙකුත් ප්‍රදේශවල ජනතාවට ද පානීය ජලය පිරිසිදු කර ගැනීමට මේ උපකරණය භාවිත කළ හැකි බව මූලික අධ්‍යයන ආයතනය අවධාරණය කරයි. මේ උපකරණය පිළිබඳ වැඩි විස්‌තර මූලික අධ්‍යයන ආයතනය, හන්තාන පාර, මහනුවර යන ලිපිනයෙන් හෝ 081-2232002 යන දුරකථන අංකයෙන් හෝ ලබාගත හැකි ය. |
||||
|
||||