|
දිසා ලේකම්වරුන්ට ඉ-රාජ්‍ය ප්‍රතිපත්තිය අමල් උඩවත්ත රාජ්‍ය ආයතන ප්‍රධානීන් තොරතුරු හා සන්නිවේදන තාක්‌ෂණය පිළිබඳ දැනුමෙන් සන්නද්ධ වී සිටීම වඩාත් ඵලදායි සේවාවක් ජනතාවට ලබා දීමට රුකුලක් වන බව රාජ්‍ය කළමනාකරණ ප්‍රතිසංස්‌කරණ අමාත්‍යංශයේ ලේකම් පී. බී. අබේකෝන් මහතා පැවසී යෑයි ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්‌ෂණ නියෝජිතායතනය මගින් නිකුත් කළ නිවේදනයක සඳහන් වෙයි ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්‌ෂණ නියෝජිතායතනය නමින් ඉ-රාජ්‍ය ප්‍රතිපත්තිය පිළිබඳව රාජ්‍ය ආයතන ප්‍රධානීන් දැනුවත් කිරීම සඳහා පවත්වන ලද මේ සම්මන්ත්‍රණය සඳහා ගාල්ල, මාතර, හම්බන්තොට සහ මොනරාගල යන දිස්‌ත්‍රික්‌ක නියෝජනය කරන දිසා ලේකම්වරුන්, ප්‍රාදේශීය ලේකම්වරුන්, සහ ප්‍රධාන නවීකරණ නිලධාරීන් සහභාගි වූ බැව් එම නිවේදනයේ තවදුරටත් සඳහන් වෙයි. |
||||
|
||||