|
සර්ප දෂ්ට සඳහා ප්‍රතිවිෂ මෙරට නිපදවිය යුතුයි අමල් උඩවත්ත "සර්ප දෂ්ටන පිළිබඳව රජයේ රෝහල් වාර්තා අනුව වර්ෂ 1985 දී රෝහලට පැමිණි රෝගීන් ගණන 3485ක්. 1990 දශකයේ සිට රෝහල් කරා එන රෝගීන් ගණන වැඩි වෙලා. දැන් වසරකට රෝහල් කරා සර්ප දෂ්ටන රෝගීන් a 35000ත් 40000ත් අතර ප්‍රමාණයක් පැමිණෙනවා. ඒ වගේ ම මරණ 100ත් 200ත් අතර ප්‍රමාණයක් වාර්ෂිකව සිදු වෙනවා" යනුවෙන් පේරාදෙණිය වෛද්‍ය පීඨයේ මහාචාර්ය එස්. ඒ. එම්. කුලරත්න පැවසී ය. ශ්‍රී ලංකාවේ සර්ප දෂ්ටන පිළිබඳව සෞඛ්‍ය අධ්‍යාපන කාර්යංශයේ පැවැති මාධ්‍ය හමුවක දී තවදුරටත් අදහස් දැක්‌වූ මහාචාර්ය කුලරත්න, "සර්ප දෂ්ටනයට ලක් වූ රෝගීන් 20000ක් පමණ රෝහල් කරා එන්නේ නැ සමහර රෝගීන් ගොඩ වෙදකම් කර නිවෙස්‌වල දී ම මිය යනවා. සර්ප දෂ්ටනයක දී රජයේ රෝහල්වලින් ප්‍රතිකාර වශයෙන් ප්‍රතිවිෂ ලබා දීම සිදු කරනවා. මේ ප්‍රතිවිෂ ලංකාවේ නිපදවන්නේ නෑ. ඉන්දියාවෙයි නිපදවන්නේ. ඉන්දියානු සර්පයන් ශ්‍රී ලංකාවේ සිටියත් උන් ගේa විෂ ස්‌වභාවය වෙනස් වන නිසා ඉන්දියාවේ නිපදවන ප්‍රතිවිෂ ශ්‍රී ලංකාවට සියයට සියයක් ගැලපෙන්නේ නෑ. ප්‍රතිවිෂ ලබා දීමෙන් භයානක අසාත්මිකතා ඇති වනවා. වෛද්‍යවරු හැටියට ප්‍රතිවිෂ ලබා දුන් පසු ඇති වන අසාත්මිකතාවලටත් ප්‍රතිකාර කරන්න ඕනේ. ඒ නිසා සර්ප දෂ්ටන සඳහා සාර්ථක ප්‍රතිකාර ලංකාවේ ලබා දෙන්න නම් ප්‍රතිවිෂ ලංකාවේ ම නිපදවිය යුතුයි. සර්ප දෂ්ටනවලින් රෝගීන් මිය යැමට ප්‍රධාන කරුණු කිහිපයක් හේතු වනවා. එකක් ප්‍රමාද වී රෝහල් කරා පැමිණීම. බොහෝ රෝගීන් වෙනත් ප්‍රතිකර්මවලට ලක් වී තිබීම, බොහෝ වෛද්‍යවරුන්ට සර්ප දෂ්ටන පිළිබඳව අවබෝධයක් නො තිබීම සහ රෝහල්වල පහසුකම් නො තිබීම යන කරුණු හේතු වනවා. අනුරාධපුර රෝහලේ සේවය කළ කාලයේ දී දුටු දෙයක් තමයි සර්ප දෂ්ටනයට ලක් වූ රෝගීන් රෝහලට එන්නේ දෂ්ට කළ සර්පයා වත් මරාගෙනයි. මේ නිසා අපේ වටිනා ජෛවවිවිධත්වය අලංකාර කරන සත්ත්ව විශේෂයක් රටට අහිමි වෙනවා. මම කියන්නේ දෂ්ට කළත් සර්පයා මැරිය යුතු නෑ, අල්ලාගෙන එනවා නම් හොඳයි. ඒත් රෝග ලක්‌ෂණවලින් දෂ්ට කළ සර්පයා හඳුනාගන්න පුළුවන්." යනුවෙන් පැවසී ය. |
||||
|
||||