logo4.gif (427 bytes)

arrow7.gif (1098 bytes)


 
සාම්ප්‍රදායික පොල්තෙල් හෘද රෝග අවම කරයි

අමල් උඩවත්ත

සාම්ප්‍රදායික පොල්තෙල්වල අඩංගු පිනොලික සංයෝග හේතුවෙන් ඇති වන ජෛවරසායනික ක්‍රියාවලිය නිසා හෘදයාබාධ ඇති වීමේ අවදානම අවම වන බව ජාතික පර්යේෂණ කොමිසම විසින් කරන ලද පර්යේෂණයකින් සනාථ වී ඇතැයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයක සඳහන් වෙයි.

තාක්‌ෂණ හා පර්යේෂණ අමාත්‍යංශය යටතේ ඇති ජාතික පර්යේෂණ කොමිසම් සභාව, පොල්තෙල්වල අඩංගු පිනොලික හඳුනා ගැනීම සඳහා කොප්පරාවලින් සිඳගත් පොල්තෙල්, පිරිසිදු පොල් තෙල් හෙවත් සුදු පොල් තෙල්, ඝන කිරි නැටවීමෙන් සිඳගත් සාම්ප්‍රදායික පොල්තෙල් යන තෙල් වර්ග මේ පර්යේෂණය සඳහා යොදාගෙන ඇත. මෙහි දී කොප්පරා පොල් තෙල් හා සුදු පොල්තෙල්වලට වඩා සාම්ප්‍රදායික පොල් තෙල්වල පිනොලික ඔක්‌සිකාරක ගුණය වඩාත් වැඩි බැව් අනාවරණය වී ඇති බැවින් පිනොලික ඔක්‌සිකාරක ගුණය වැඩි වීම හෘද රෝග අවදානම අවම කිරීමට හේතුවක්‌ වන්නේ යෑයි එම නිවේදනයේ තවදුරටත් සඳහන් වෙයි.