|
නවක සිසුන්ට මාස හයේ ඉංග්‍රීසි පාඨමාලාව සමත් වීම අනිවාර්යයි අමල් උඩවත්ත විශ්වවිද්‍යාලවලට ඇතුළත් වන නවක සිසුන් මාස 6 ඉංග්‍රීසි පාඨමාලාව අනිවාර්යයෙන් ම සමත් විය යුතු බැව් ජුනි 07 වැනි දින විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ පැවැති මාධ්‍ය හමුවක දී උසස් අධ්‍යාපන අමාත්‍ය එස්. බී. දිසානායක මහතා පැවසී ය. විශ්වවිද්‍යාලවලට සිසුන් ඇතුළත් කිරීමේ අවම ඉසෙඩ් ලකුණු නිකුත් කිරීම වෙනුවෙන් පැවැති මාධ්‍ය හමුවේ දී තවදුරටත් අදහස් දැක්‌වූ උසස් අධ්‍යාපන අමාත්‍යවරයා ඉදිරියේ දී උසස් ඉංග්‍රීසි දැනුමක් ඇති සිසුන් විශ්වවිද්‍යාලවලින් බිහි කිරීම සඳහා මේ තීරණය ගත් බවත් සාමාන්‍ය ප්‍රවේශය යටතේ සිසුන් 2011ක් ද විශේෂ ප්‍රවේශය යටතේ සිසුන් 200ක් ද මෙවර විශ්වවිද්‍යාලවලට ඇතුළත් කර ගැනීමට අදහස් කරන බව ද පැවසී ය. |
||||
|
||||