logo3.gif (702 bytes)

arrow7.gif (1098 bytes)


     
පොල් කෙක්‌කේ යාන්ත්‍ර විද්‍යාව

ඉස්‌සර පොල් කැඩුවේ ගහින් ගහට නඟිමින් ය. එහෙත් විශාල පොල් වතුවල නම් පොල් කෙකි භාවිත වූවා විය හැකි ය. අද කුඩා ගෙවතුවල පවා පොල් කඩන්නේ කෙක්‌කෙනි. පොල් කැඩීම සඳහා විවිධාකාර වූ යන්ත්‍ර, උපකරණ ලොව පුරා නිමවා ඇතත් ඒ එකක්‌ වත් තවම ප්‍රායෝගිකව මිනිසුන් විසින් භාවිත කෙරෙන මට්‌ටමට පැමිණ නැත. අපේ රටේ ද පසුගිය කාලයේ විවිධාකාරයේ උපකරණ මේ සඳහා බිහි විය. ඒවාට නව නිපැයුම් තරගවලින් තෑගි භෝග ද ලැබිණි. එහෙත් ඒවායින් තවම කවුරුත් පොල් කඩන්නේ නැත. මීට හේතු කවරේ ද?

ඇත්තට ම මේ සඳහා හේතු තාක්‍ෂණික, සමාජ, ආර්ථික, ආදි විවිධ ක්‍ෂේත්‍රයන් පුරා විහිදී පවතී. යමක්‌ විද්‍යාවේ නියමවලට (සිද්ධාන්තවලට) එකඟ වූ පමණින් එය තාක්‍ෂණිකව ප්‍රායෝගික මට්‌ටමට ගෙන ආ නොහැකි ය. එසේ ම තාක්‍ෂණිකව ප්‍රායෝගික මට්‌ටමට ගෙන ආ පමණින් එය පවතින සමාජ-ආර්ථිකය තුළ ස්‌ථාපිත කළ නොහැකි ය.

පොල් කැඩීමට නිමවා තිබූ සැම උපකරණයක්‌ ම පාහේ විද්‍යාවේ නියමවලට එකඟ විය. ඒවා ක්‍රියාත්මක වූයේ ඒ නිසා ය. (විද්‍යාවේ නියමවලට එකඟ නො වන කිසිවක්‌ ක්‍රියාත්මක නො වේ ය වැනි හදිසි නිගමනවලට නො එළඹිය යුතු ය). එසේම ඒවා ප්‍රායෝගිකව ක්‍රියාත්මක විය හැකි අයුරු නිමවා තිබුණි. එසේ නම් ඒවා සමාජගත නො වූයේ ඇයි?. එයට මූලික ම හේතුව ඒවා සරල නො වීම ය. මෙහිදී සරල යන්න තුළ ඒවායේ නඩත්තුව, ක්‍රියාත්මක කෙරුමේ පහසුව, වෙනස්‌ වෙනස්‌ තත්ත්වයනට (ගස්‌වලට, අතුවලට ආ