logo4.gif (427 bytes)

arrow7.gif (1098 bytes)


 
ශ්‍රී ලංකාවේ ජාතික සමනළයා
ශ්‍රී ලංකා මහ කුරුලු පිය පැපිලියා


ශ්‍රී ලංකාවේ ජාතික සමනළයා ලෙස පරිසර හා ස්‌වාභාවික සම්පත් අමාත්‍යංශය යටතේ ක්‍රියා කරන, සමනළයන් පිළිබඳ විශේෂඥ කමිටුවක්‌ විසින් ශ්‍රී ලංකා මහ කුරුලු පිය පැපිලියා (Sri Lanka Bird Wing) Troides darsius නම් කරනු ලැබ ඇත. මේ සඳහා ඉකුත් මාර්තු 03 වැනි දා කැබිනට්‌ අනුමැතිය ලැබිණි. ශ්‍රී ලංකාවට ආවේණික විශාලතම සමනළයා වන මොහු ශ්‍රී ලංකාව පුරා ම ව්‍යාප්ත වී ඇත. තටු විහිදූ විට තටු අතර පරතරය මිලි මීටර් 165ත් 180ත් අතර වෙයි. ඉදිරි තටු කළු පැහැති ය. පසු තටු රන්වන් පැහැති වන අතර කළු දාරයකින් යුක්‌ත වෙයි.