|
රාජ්‍ය අංශ තොරතුරු සන්නිවේදනයෙන් බල ගැන්වෙයි අමල් උඩවත්ත රාජ්‍ය අංශ තොරතුරු හා සන්නිවේදන තාක්‌ෂණයෙන් සවිබල ගැන්වීම සඳහා රාජ්‍ය පරිපාලන හා ස්‌වදේශ කටයුතු අමාත්‍යංශය කේන්ද්‍ර කර ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ නියෝජිතායතනය ඉ-මානව සම්පත් කළමනාකරණ ව්‍යාපෘතිය ක්‍රියාවට නැංවූ බැව් එම ආයතනය මඟින් නිකුත් කළ නිවේදනයක සඳහන් වෙයි. නිවේදනයේ තවදුරටත් සඳහන් අන්දමට මේ ව්‍යාපෘතියෙන් ශ්‍රී ලංකා රාජ්‍ය පරිපාලන සේවය, රාජ්‍ය කළමනාකරණ සහකාර සේවය, රියෑදුරු සේවය, කාර්යාල සේවක සේවය, භාෂා පරිවර්තක සේවය, පුස්‌තකාලයාධිපති සේවය යන සේවාවන් සවිබල ගැන්වීමට නියමිත ය. මේ අනුව මේ විෂය ක්‍ෂෙත්‍රවලට අයත් නිලධාරීන් 46000ක ගේ සේවය ස්‌ථිර කිරීම්, උසස්‌වීම්, ස්‌ථාන මාරුවීම්, විනය කටයුතු විමසීම් විශ්‍රාම ගැන්වීම් යන රාජකාරි කඩිනමින් හා විධිමත්ව සිදු කිරීමට හැකියාව ලැබෙනු ඇත. රාජ්‍ය පරිපාලන හා ස්‌වදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම අදහස් දක්‌වමින් තොරතුරු සන්නිවේදන තාක්‌ෂණය සහ මානව සම්පත් කළමනාකරණය මෑත යුගයේ දී අප සමාජය හා දැඩි ලෙස බද්ධ වී තිබෙන බවත් ඒ තුළින් මනාව වඩාත් කාර්යක්‍ෂමව සහ ඵලදායි සේවයක් ලබා ගැනීමට හැකි වන බවත් සන්නිවේදන තාක්‌ෂණයේ ඉහළ ම ප්‍රතිලාභයක් රටට අත් කර ගැනීම සඳහා මෙවැනි ව්‍යාපෘති මහඟු අත්වැලක් වන බවත් පැවසී යෑයි එම නිවේදනයේ සඳහන් වෙයි.
|
||||
|
||||