|
ආහාර පිළිබඳ අහිතකර
වෙළෙඳ දැන්වීම් 20ක ප්‍රචාරය
මේ වන විට නවතා තිබෙනවා
අමල් උඩවත්ත
ආහාර විෂවීම් අවම කිරීම ගැන නිරන්තරව සොයා බලන වැඩපිළිවෙළක් අහාර පනතට අනුව සෞඛ්‍ය
අමාත්‍යංශය හඳුන්වා දී තිබෙනවා. මේ යටතේ බලය ලත් නිලධාරීන් ලෙස සෞඛ්‍ය වෛද්‍ය
නිලධාරීන් හා මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන් ක්‍රියා කරනවා. මේ අය ආහාර නිෂ්පාදනය කරන
ස්‌ථාන පරීක්‍ෂාවට ලක් කරනවා." යනුවෙන් පසුගිය දිනක සෞඛ්‍ය අධ්‍යාපන කාර්යංශය
සංවිධානය කළ මාධ්‍ය හමුවක දී සෞඛ්‍ය හා පෝෂණ අමාත්‍යංශයේ මහජන සෞඛ්‍යය පිළිබඳ
නියෝජ්‍ය අධ්‍යක්‍ෂ ජනරාල් වෛද්‍ය ජී. ජී. මහීපාල පැවසී ය.
මෙහි දී තවදුරටත් අදහස් දැක්‌වූ ඒ මහතා "පසුගිය වසරේ ලෝක ආහාර
දිනයට සමගාමීව ආහාර සුරක්‍ෂිතතා සතියක් ප්‍රකාශයට පත් කළා. මෙයින් අදහස් කළේ
මහජනතාව ආහාර මිල දී ගැනීමේ දී ආහාර විෂවීම් අවම කර ගැනීම සඳහා දැනුවත් කරවීමයි.
එසේම ආහාර නිෂ්පාදනය නියමිත ප්‍රමිතියට අනුව කිරීමට වගබලාගත යුතුයි. මේ සඳහා වූ
නියමිත ප්‍රමිති සෞඛ්‍ය අමාත්‍යංශය හඳුන්වා දී තිබෙනවා. ආහාර වෙළෙඳ සලක් පවත්වාගෙන
යැමේ දී වාර්ෂිකව බලපත්‍රයක් ලබාගත යුතුයි. බලපත්‍රය ලබා දීමට පෙර සෞඛ්‍ය
අමාත්‍යංශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි තැන විසින් පරීක්‍ෂාවට ලක් කරනු ලබනවා. මේ
වෙළෙඳ සල් දිනපතා දැනුවත් කිරීම අපහසු දෙයක්.
ඒ නිසා මාධ්‍ය ඔස්‌සේ ජනතාව දැනුවත් විය යුතුයි. මීට අමතරව විශේෂ
උපකමිටුවක් සෞඛ්‍ය අමාත්‍යංශයේ පිහිටුවල තිබෙනවා. මේ උප කමිටුවෙන් ආහාර
අලෙවිකරණයන් හා ලේබල්කරණයන් පිළිබඳව සොයා බලනවා. අහාරවල අඩංගු සංයුතිය පිළිබඳව
ආහාරවල අඩංගු ද්‍රව්‍ය පිළිබඳව
වැරැදි මත ජනතාවට බොහෝ නිෂ්පාදකයන් ලබා දෙනවා. මේ තත්ත්වය වැළැක්‌වීම සඳහා මේ
උපකමිටුව හරහා දැනුවත් කිරීම සිදු කරනවා මෙයින් ලත් ප්‍රතිඵලයක් හැටියට මේ වන විට
ආහාර පිළිබඳ අහිතකර වෙළෙඳ දැන්වීම් 20ක් පමණ ප්‍රචාරක කටයුතුවලින් ඉවත් කිරීමට
හැකි වී තිබෙනවා." යනුවෙන් පැවසී ය.
මෙහි දී දිනෙන් දින වැඩි වන ආහාර විෂවීම් පිළිබඳව මාධ්‍යවේදියකු නැඟූ ප්‍රශ්නයකට
පිළිතුරු දෙමින් වෛද්‍ය මහීපාල මෙසේ පැවසී ය. "ආහාර විෂවීම් දිනෙන් දින වැඩි වීමට
ප්‍රධාන හේතුව තමයි බහුතරයක් නිවසේ ආහාර පිළියෙල කර නො ගෙන අවන්හල්වලින් පිළියෙල
කළ ආහාර ගැනීමට පුරුදු වී සිටීම. බොහෝ ගෘහණියන් දහවල් මෙන්ම රාත්‍රී ආහාර වේලත්
අවන්හල්වලින් ගැනීමට පුරුදු වී සිටිනවා. චීනයේ ආහාර විෂවීම් නිසා වසරකට මිලියන
300ක් පමණ මිය යනවා. ඇමෙරිකාවේ මිලියන 136ක් පමණ මිය යනවා. ලෝකය පුරා දිනකට
5000ක් පමණ ආහාර විෂවීම් නිසා මිය යනවා.
පාසල්වල තිබෙන අවන්හල්වල ආහාර විෂ වීම් නිසා ළමයින් මිය යැමත්
දැන් අප රටේ සිදු වන දෙයක්. මෙහි දී අධ්‍යාපන අමාත්‍යංශයට වගකීමක් තිබෙනවා පාසල
වෙනුවෙන් ආහාර නිෂ්පාදනය කරනවා නම් ඒ පිළිබඳව ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්‍ෂක
දැනුවත් කර ආහාරවල ප්‍රමිතිය සොයා බලන්න කටයුතු කිරීමට. නියමිත ප්‍රමිතියට ආහාර
නිෂ්පාදනය කරන්නේ නැත්නම් සෞඛ්‍ය අමාත්‍යංශයට දැන්වීමටත් හැකියාව තිබෙනවා" යනුවෙන්
පැවසී ය.
|