logo4.gif (427 bytes)

arrow7.gif (1098 bytes)


 
උසස්‌ පෙළට අයදුම්පත් කැඳවයි

තරිඳු විජයසූරිය

මේ වසරේ අගෝස්‌තු මාසයේ දී පැවැත්වීමට නියමිත 2010 අ.පො.ස. උසස්‌ පෙළ විභාගය සඳහා පාසල් හා පෞද්ගලික අයදුම්කරුවන් ගෙන් අයදුම්පත් කැඳවීම ආරම්භ කරනු ලැබූ බව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ පාසල් විභාග සංවිධාන ශාඛාවේ විභාග කොමසාරිස්‌ අමිත් ජයසුන්දර මහතා විදුසරට පැවසී ය. පාසල් අයදුම්කරුවන් සඳහා වන විභාග අයදුම්පත් මේ වන විට පාසල් වෙත නිකුත් කර ඇති බව ද, පෞද්ගලික අයදුම්කරුවන් සඳහා වන ආදර්ශ අයදුම්පත්‍රය හා උපදෙස්‌ ඇතුළත් පුවත්පත් නිවේදනය පසුගිය මාර්තු 01 වැනි දා ජාතික පුවත්පත්වල පළ කරනු ලැ=බූ බව ද ජයසුන්දර මහතා ප්‍රකාශ කළේ ය.

එමෙන් ම මෙවර අ.පො.ස. උසස්‌ පෙළ විභාගය සඳහා ද්වි මාධ්‍යයෙන් ඉදිරිපත් වන පාසල් අයදුම්කරුවන් සඳහා විශේෂිත අයදුම්පතක්‌ නිකුත් කිරීමට කටයුතු සූදානම් කර ඇති බවත් එම අයදුම්පත් නිකුත් කරනු ලබන්නේ ඒවා ඉල්ලුම් කරන පාසල්වලට පමණක්‌ බවත් ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ ය. පාසල් හා පෞද්ගලික යන සියලූ ම අයදුම්කරුවන් නිසි පරිදි සම්පූර්ණ කරන ලද අයදුම්පත්, අයදුම්පත් භාර ගන්නා අවසාන දිනය වන අප්‍රියෙල් 05 වැනි දාට ප්‍රථම විභාග දෙපාර්තමේන්තුව වෙත ලියාපදිංචි තැපෑලෙන් එවීමට කටයුතු කළ යුතු ය.

විශේෂයෙන් ම විභාගයට පෞද්ගලිකව ඉදිරිපත් කිරීමට සූදානම් වන අයදුම්කරුවන් අයදුම්පත සම්පූර්ණ කළ යුතු වන්නේ විභාග දෙපාර්තමේන්තුව විසින් පළ කරන ලද පුවත්පත් නිවේදනය අනිවාර්යයෙන් කියෑවීමෙන් අනතුරුව බව ද ජයසුන්දර මහතා අවධාරණය කර සිටියේ ය.