ජගත් පරිසර විමසුම : 10
ධනේශ් විසුම්පෙරුම
දියුණු වන රටවල ඉලෙක්‌ට්‍රොනික
අපද්‍රව්‍ය අර්බුදය උග්‍ර වේ
ඉලෙක්‌ට්‍රොනික අපද්‍රව්‍ය හෙවත් ඉ-අපද්‍රව්‍ය ලෝකයේ අවධානයට ලක් ව ඇති නූතන
යුගයේ පරිසර දූෂණයේ සංකේතයක් බඳු ය. භාවිතයෙන් ඉවත ලන විවිධ විද්යුත්a උපකරණ
එක් රැස්‌වීම නිසා ඇති වන අපද්‍රව්‍ය ගැටලූව මෑත වසර දහයක පමණ කාලයක සිට පරිසර
අංශවල හා දේශපාලන අධිකාරීන් ගේ දැඩි අවධානයකට ලක් වී ඇත. විවිධ විද්යුත් උපකරණ
මේ සඳහා දායක වන නමුත් පරිගණක හා ජංගම දුරකථන භාවිතය පුළුල් වීමත් සමඟ ලෝකය
පුරා මේ අපද්‍රව්‍ය පිළිබඳ ගැටලූව බෙහෙවින් උග්‍ර විය.
ඉ-අපද්‍රව්‍ය අර්බුදයේ තවත් ගැටලූවක් වූයේ දියුණු කාර්මික රටවලින් ඉවත ලන
ඉලෙක්‌ට්‍රොනික උපකරණ දියුණු වන රටවලට යෑවීම ය. එවැනි අපද්‍රව්‍ය ක්‍රමවත්ව
ප්‍රතිචක්‍රීකරණය කිරීමේ හා ඉවත ලෑමේ පහසුකම් නො තිබූ දියුණු වන රටවල් ගණනාවක
මේ හේතුවෙන් දැඩි පාරිසරික හා සෞඛ්‍ය අර්බුදයක් ඇති වී තිබේ.
දියුණු වන රටවල ඉ-අපද්‍රව්‍ය ගැටලූව හා අනාගත තත්ත්වය පිළිබඳව පසුගිය දා නිකුත්
වූ වාර්තාවකින් අවධාරණය කරන ලද්දේ නව ප්‍රතිචක්‍රිකරණ තාක්‌ෂණයක් හඳුන්වා දීම
හා මහජන සෞඛ්‍යය හා පරිසරය ආරක්‌ෂා කිරීම සඳහා නව නීති සැකසීමේ ඇති වැදගත්කම ය.
එක්‌සත්ජාතීන් ගේ පරිසර වැඩසටහන මඟින් නිකුත් කර ඇති මේ වාර්තාව
zප්‍රතිචක්‍රිකරණය - ඉ-අපද්‍රව්‍යවල සිට සම්පත් දක්‌වා නම් වේ. දියුණු වන රටවල්
එකොළහක මේ වන විට පවත්නා විවිධ විද්යුත් උපකරණ කාණ්‌ඩවලින් ඉලෙක්‌ට්‍රොනික
අපද්‍රව්‍ය ජනනය වීමේ ප්‍රමාණය පිළිබඳව මෙහි දී අධ්‍යයනයට ලක් කර ඇති අතර
එමඟින් අනාගතයේ දී ඇති වෙතැයි විශ්වාස කෙරෙන අපද්‍රව්‍ය ප්‍රමාණය ද පුරෝකථනය කර
ඇත. එසේම මේ තත්ත්වය වළක්‌වා ගැනීම සඳහා ගත යුතු පියවර ද එහි ඇතුළත් වේ.
ඉ-අපද්‍රව්‍ය වේගයෙන් වර්ධනය වේ
වාර්ෂිකව ලෝකයේ ඉලෙක්‌ට්‍රොනික අපද්‍රව්‍ය ජනනය වර්ධනය වන ප්‍රමාණය ටොන් මිලියන
40ක් පමණ වේ. මේ අතර වැඩි ප්‍රමාණයක් දියුණු රටවලින් ජනනය වන නමුත් දැන් දැන්
දියුණු වන රටවල නිපදවෙන අපද්‍රව්‍ය ප්‍රමාණය ද වේගයෙන් වර්ධනය වෙමින් තිබේ. එA
දියුණු වන රටවල ඉලෙක්‌ට්‍රොනික උපකරණ භාවිතය ඉහළ යමින් පවත්නා නිසා ය. මේ රටවල
අනාගතයේ දී ඉ-අපද්‍රව්‍ය ජනනය වීම ද වේගයෙන් ඉහළ යනු ඇතැයි පුරෝකථනය කර ඇත.
ඉදිරි වසර දහයක කාලය පිළිබඳ සිදු කර ඇති නිර්ණය කිරීම් අනුව පෙනෙන්නට තිබෙන්නේ
බරපතල තත්ත්වයකි. නිදසුනක් ලෙස 2020 වර්ෂය වන විට ඉන්දියාවේ පරිගණකවලින්
නිපදවෙන අපද්‍රව්‍ය ප්‍රමාණය 2007 වර්ෂයේ පැවැති මට්‌ටම මෙන් සියයට 500කින් ද,
දකුණු අප්‍රිකාවේ හා චීනයේ සියයට 200ත් 400ත් අතර ප්‍රමාණයකින් ද ඉහළ යනු ඇති
බව මෙහි පෙන්වා දී ඇත. එසේම භාවිත කළ ජංගම දුරකථන නිසා ජනනය වන අපද්‍රව්‍ය
ප්‍රමාණය චීනයේ හත් ගුණයකින් ද, ඉන්දියාවේ දහ අට ගුණයකින් ද වැඩි වනු ඇතැයි මේ
වාර්තාවේ පෙන්වා දී ඇත.
දියුණු වන රටවල ඉලෙක්‌ට්‍රොනික අපද්‍රව්‍ය වර්තමානයේ දී ද අර්බුදයකි. එA සඳහා
එක් හේතුවක් වන්නේ මේ රටවලට දියුණු රටවලින් ආනයනය කරනු ලබන ඉ-අපද්‍රව්‍ය ය.
මේවා අපද්‍රව්‍ය ලෙස මෙන්ම යළිත් භාවිත කළ හැකි උපකරණ ලෙස ද මේ රටවලට ගෙන එනු
ලැබේ. ඇතැම් විට නීති විරෝධීව ද මේ ක්‍රියාවලිය සිදු වේ. අනාගතයේ දී එA රටවල්
තුළ ම ජනනය වන අපද්‍රව්‍ය ප්‍රමාණයත් සමඟ තත්ත්වය තවත් බරපතල විය හැකි ය.
මෙහි ඇති වඩා උග්‍ර ගැටලූව නම් මේ අපද්‍රව්‍ය අයහපත් ආකාරයෙන් හසුරුවනු ලැබීම
ය. මේ භාණ්‌ඩවල ඇතුළත් වන රන්, රිදී, පැලේඩියම් හා කෝබෝල්ට් වැනි වටිනා ලෝහ
වර්ග ලබා ගැනීම ආදායම් මාර්ගයක් වේ. එA සඳහා දියුණු රටවල විවිධ සෞඛ්‍යාරක්‌ෂිත
ක්‍රම භාවිත වුවත් දියුණු රටවල එවැනි ආරක්‌ෂිත ක්‍රම භාවිත නො වේ. එසේම එA රටවල
බොහෝ විට මේ කාර්යය සිදු වන්නේ ගෘහ කර්මාන්තයක් ලෙස ය. එA නිසා නිකුත් වන
විවිධ විෂ ද්‍රව්‍යවලට මේ ජනතාව ලක් වීම සෞඛ්‍ය ගැටලූ ඇති කරන අතර
අපද්‍රව්‍යවල ඇතුළත් රසායනික ද්‍රව්‍ය පරිසරයට නිදහස් වීම පාරිසරික වශයෙන්
දැඩි ගැටලූ ඇති කරයි.
මේ අපද්‍රව්‍ය සම්පත් උල්පතකි
කෙසේ වෙතත් ඉලෙක්‌ට්‍රොනික අපද්‍රව්‍ය යනු සම්පත් උල්පතකි. මේ අපද්‍රව්‍ය මනාව
කළමනාකරණය කළ හොත් ඉන් වාසිදායක ප්‍රතිලාභ අත්පත් කර ගත හැකි ය. දියුණු වන
රටවලට මෙය සැලකිය යුතු ආර්ථික වාසියක් ද අත් කර දෙයි. එA සඳහා අවශ්‍ය ව ඇත්තේ
නිසි ආකාරයෙන් ඉලෙක්‌ට්‍රොනික අපද්‍රව්‍ය එකතු කිරීම හා ක්‍රමවත්ව
ප්‍රතිචක්‍රිකරණය කිරීම ය. උක්‌ත වාර්තාව අවධානයට ලක් කරන වැදගත් අංශයක් ලෙස
තිරසාර ලෙස මේ ඉලෙක්‌ට්‍රොනික අපද්‍රව්‍ය නිසි ආකාරයෙන් ප්‍රතිචක්‍රීකරණය
දැක්‌විය හැකි ය. එහෙත් මේ වාර්තාව පෙන්වා දෙන ආකාරයට ඊට යම් යම් බාධා ඇත. එA
අතර ප්‍රතිපත්තිමය හා නීතිමය ගැටලූ මෙන්ම අවශ්‍ය තාක්‌ෂණය නොමැති වීම හා මූල්‍ය
පහසුකම් නොමැති වීම වැනි ගැටලූ ද බලපා ඇත. මේ බාධක ජය ගැනීමට හැකි නම් පරිසරයට
තවත් ගැටලූවක් විය හැකි තත්ත්වයක් වළක්‌වා ගැනීමට අවස්‌ථාව ලැබේ.
මේ වාර්තාව උක්‌ත කාර්යය සඳහා යොදාගත හැකි ක්‍රමවේද ගණනාවක් යෝජනා කරයි. ඒ අතර
දියුණු වන රටවලට අවශ්‍ය ආරක්‌ෂිත තාක්‌ෂණය ලබා දීම ප්‍රධාන ය. එසේ කළ නොහැකි
අවස්‌ථාවල දී යොදාගත හැකි ක්‍රම ද මෙහි දී පෙන්වා දී ඇත. නිදසුනක් ලෙස ඇතැම්
ඉවත ලන විදුලි උපකරණ කොටස් දියුණු වන රටවල සිට කාර්මික රටවලට අපනයනය කිරීම
සුදුසු ය. එA දියුණු රටවල එAවා ආරක්‌ෂිතව ප්‍රතිචක්‍රිකරණය කිරීම සඳහා පහසුකම්
ඇති නිසා ය.
පුවත් සැකෙවින්
සෙල්සියස් අංශක දෙකෙන්
උෂ්ණත්වය සීමා කිරීම අසීරුයි?
ලෝකයේ උෂ්ණත්වය ඉහළ යැම සෙල්සියස් අංශක දෙකකට සීමා කිරීම මේ වන විට පුළුල්ව
පිළිගන්නා ඉලක්‌කයකි. දේශගුණ වෙනස් වීම බරපතල විපාක ඇති කළ හැකි වීම
වැළැක්‌වීමට නම් උෂ්ණත්වය ඉහළ යැම මේ සීමාවේ තබා ගත යුතු ය. පසුගිය දා අවසන් වූ
කෝපන්හේගන් සමුළුවේ දී රටවල් පොරොන්දු වූයේ ද එයයි. එහෙත් මේ දක්‌වා හරිතාගාර
වායු විමෝචන සීමා කිරීමේ ඉලක්‌ක ප්‍රකාශයට පත් කර ඇති රටවල් 60ක පොරොන්දු අනුව
උෂ්ණත්වය ඉහළ යැම සෙල්සියස් අංශක දෙකේ සීමාවේ තබා ගැනීම අපහසු විය හැකි බව
එක්‌සත්ජාතීන් ගේ පරිසර වැඩසටහන මඟින් නිකුත් කරන ලද හරිතාගාර වායු විමෝචන
ආකෘතියක් පසුගිය දා පෙන්වා දුන්නේ ය.
පර්යේෂණ ආයතන නවයක් මගින් සකස් කරන ලද මේ දේශගුණ ආකෘතිය අනුව ලෝකයේ හරිතාගාර
වායු සාන්ද්‍රණය 2015-2021 වර්ෂ අතර දී එහි උපරිම අගයට ළඟා විය යුතු ය. මේ
තත්ත්වයේ තිබිය දී හරිතාගාර වායු විමෝචන 2020 දී හා 2050 දී සියයට 48 හා 72 අතර
ප්‍රමාණයකින් අඩු කළ ද සෙල්සියස් අංශක දෙකේ සීමාව ඉක්‌මවා යැමට 50-50
අවස්‌ථාවක් තිබේ. පවත්නා තත්ත්වය අනුව පෙනෙන්නේ 2020 වර්ෂයේ දී හරිතාගාර වායු
ප්‍රමාණය ද අපේක්‌ෂිත සීමාව ඉක්‌මවා යන බව ය.
මේ අනුව සෙල්සියස් අංශක දෙකේ සීමාව තුළ ලෝකයේ උෂ්ණත්වය ඉහළ යැම නැවැත්වීමට නම්
ලෝකයේ සියලු රටවල් වැඩි කාර්යභාරයක් ඉටු කළ යුතු ව තිබේ. අපට තවමත් පෙනෙන්නට
නැත්තේ ද මේ ප්‍රවණතාවයි.
ජෛවවිවිධත්වයේ වැදගත්කම කියන
චෙන්නායි ප්‍රකාශනය
ජෛවවිවිධත්වය ආරක්‌ෂා කිරීමේ ඇති වැදගත්කම තවත් ආකාරයකින් අවධාරණය කරන
ප්‍රකාශනයක් පසුගිය දා චෙන්නායි නගරයේ දී පැවැති ජාත්‍යන්තර සමුළුවක දී සම්මත
කරගන්නා ලදි. ලෝකයේ රටවල් විසි තුනක නියෝජි¨තයන්, විද්‍යාඥයන් හා ප්‍රතිපත්ති
සම්පාදකයන් ගේ සහභාගිත්වයෙන් උණුසුම් ලෝකයක් තුළ ආහාර සුරක්‌ෂිතතාව හා මානව
ආරක්‌ෂාව සඳහා ජෛවවිවිධත්වය යන තේමාවෙන් මේ සමුළුව පවත්වන ලදි. ජෛවවිවිධත්වය
උක්‌ත අංශ සඳහා අත්‍යවශ්‍ය බව මේ "චෙන්නායි ප්‍රකාශනය"Z මඟින් පිළිගෙන ඇති අතර
එය සංරක්‌ෂණය කිරීමේ ඇති වැදගත්කම ද අවධාරණය කර තිබේ. මෙහි දී සම්මත කර ඇති
මුළු නිර්දේශ ප්‍රමාණය නවයකි.
පරිසර පද්ධති සේවා සඳහා ආර්ථික වටිනාකමක් ලබා දීම ද එවැනි සේවා සඳහා මුදලින්
ගෙවීම් සිදු කිරීම සඳහා ක්‍රමවේදයක් සකස් කිරීම ද මෙහි දී ඉදිරිපත් ව ඇති
නිර්දේශයකි. එසේම ජෛවවිවිධත්වය ආරක්‌ෂා කිරීමට හා කෘෂිකාර්මික කටයුතුවල යෙදෙන
ස්‌වදේaශික පිරිස්‌වලට යම් පිළිගැනීමක් හා අගැයී මක් කිරීම ද මෙහි දී පිළිගෙන
තිබේ. මේ චෙන්නායි ප්‍රකාශනය මඟින් නිර්දේශිත තවත් කරුණක් නම් ජෛවවිවිධත්ව
කෘෂිකර්මය වර්ධනය කිරීම ය. එනම් සීමිත ප්‍රදේශයක විවිධ භෝග විශේෂ රැසක් වගා
කිරිමේ ක්‍රමවේදයයි. එසේම ජෛවවිවිධත්ව සාක්‌ෂරතාව නම් අධ්‍යාපනික කාර්යභාරයේ
ඇති වැදගත්කම ද මෙහි දී අවධාරණය කර ඇත. දේශගුණ වෙනස් වීමට හැඩගැසීමේ දී
ජෛවවිවිධත්වයෙන් කෘෂිකර්මයට ලබා ගත හැකි ප්‍රයෝජන ද මෙහි දී සැලකිල්ලට ලක් වී
ඇත.
ඇන්ටාක්‌ටික් අයිස් පරය බිඳ වැටීම
ඇන්ටාක්‌ටිකා මහාද්වීපයේ නැඟෙනහිර ප්‍රදේශයේ පිහිටා ඇති ග්ලැසියරයකින් විශාල
අයිස් කුට්‌ටියක් වෙන් වී යැම පසුගිය සති දෙකක කාලය තුළ දී සාකච්ඡාවට ලක් වූ
වැදගත් කරුණක් විය. මර්ටස් නම් වූ ග්ලැසියරයෙන් බිඳී වෙන් වූ මේ අයිස්
කුට්‌ටිය මෙතෙක් ප්‍රධාන ග්ලැසියරයට සම්බන්ධ ව තිබුණේ එහි පටු ප්‍රදේශයෙනි.
තවත් පා වන අයිස් කුට්‌ටියක් එහි ඝට්‌ටනය වීම නිසා ඇති වූ පැලූම් හේතුවෙන්
කිලෝ මිටර් 78ක දිගකින් හා කිලෝමීටර 33ත් 39ත් අතර පළලකින් යුක්‌ත මේ අයිස්
කුට්‌ටිය වෙන් වී ගියේ ය. වර්ග කිලෝමීටර 2550ක පමණ විශාලත්වයකින් යුක්‌ත බිඳී
ගිය කොටසේ ස්‌කන්ධය ටොන් බිලියන 700-800ක පමණ ප්‍රමාණයක් බව නිමානය කර ඇත.
මේ අයිස් කුට්‌ටිය වෙන් වී යැම නිසා අවට ප්‍රදේශයේ පරිසරයට හා සාගර ජීවීන්ට
යම් බලපෑමක් විය හැකි බව පෙන්වා දී ඇත. මේ අයිස් කුට්‌ටිය පා වෙමින් පවත්නා
ප්‍රදේශය කලින් විවෘත සාගර ප්‍රදේශයකි. එය ඇල්ගී සුලබ පරිසරයක් වන අතර දැන්
එහි ඇති විය හැකි වෙනස්‌කම් නිසා පෙන්ගුවින් පක්‌ෂීන් ගේ ආහාර ලබැගැනීමේ
ක්‍රියාවලියට අහිතකර බලපෑම් සිදු වෙතැයි පෙන්වා දී තිබේ. පා වන අයිස් මඟින්
සිදු වන බාධා වීම් මේ සඳහා හේතුවයි. ප්‍රදේශයේ වෙසෙන සාගර ක්‌ෂීරපායින් වන සීල්
සතුන්ට ද මෙහි යම් බලපෑමක් ඇති විය හැකි ය.
ධනේෂ් විසුම්පෙරුම
|