logo11.gif (617 bytes)

HOME


විල්ඩුහූ සිරගෙය (1)

2082.12.24
රුසියානු හමුදාවේ බුද්ධි අංශයට විශේෂ කැඳවීමක්‌.
"රොබෙයාඩෝ" රහසිගත

රැස්‌වීම් ශාලාව තුළ පැවතියේ තාවකාලික නිහැඬියාවකි. ඉදිරිපෙළ ප්‍රමුඛයන් ගේ අසුන් හැරෙන්නට බුද්ධි අංශ නිලධාරීන්ගෙන් ශාලාව පිරී තිබිණි. නිමේෂයක්‌ ගතවන්නටත් මත්තෙන් ආරක්‌ෂක ලේකම් වරයාත්, රුසියානු බුද්ධි අංශ ප්‍රධානි ලුතිනන් නිකායොල් හා යුද හමුදාපති ස්‌ටැනෝෆ් ද ප්‍රමුඛයන් ගේ අසුන්වලට බර විය. සියල්ලන් ම තම හිස්‌ වැසුම් මේසයේ වම් පසට වන්නට තැබී ය. ශාලාව තුළ වූ නිහැඬියාව බිඳලමින් ආරක්‌ෂක ලේකම්වරයා කථාව ඇරැඹී ය. "හරි.. මහත්වරුනි, මම දන්නවා ඔබලා බුද්ධි අංශයේ විශේෂ කැඳවීම ගැන කුතුහලයෙන් කියලා... මතකද... මීට වසරකට විතර කලින් එක අවාසනාවන්ත සිදුවීමක්‌ වුණා, සාගර ජල මට්‌ටම ඉහළ යැමෙන් මාලදිවයින් වැසියන්ට තමන් ගේ රට අහිමි වුණා... ඒත් එක්‌කම වෙච්ච පුදුම සහගත සිද්ධියත් ඔබලාට මතක ද?" ආරක්‍ෂක ලේකම්වරයා ගේ කථාවට එක එල්ලේ ම පිළිතුරු නොදුන් සෙසු පහත් නිලධරයන් නිශ්ශබ්ද ව ලෙක්‌ම්වරයා ගේ කථාව අසාගෙන සිටියේ ය. මඳ විරාමයක්‌ ඔවුන් දෙස බලා සිටි ලේකම්රයා නැවතත් තම කථාව ආරම්භ කළේ ය. "ඔව්... ඇමෙරිකාව මුළු ලෝකයම මවිත කරමින් මාලදිවයින් ජනතාවට තමන් ගේ රටේ පුරවැසිභාවය ලබාදෙන්න ඉදිරිපත් වුණා... මේක නම් බොහොම හොඳ දෙයක්‌... ඒත්, නිලධරයිනි, පොඩ්ඩක්‌ හිතලා බලන්න... ඇමෙරිකාව ඇයි කිසිම ලාභ ප්‍රයෝජනයක්‌ නැතිව මේ වැඩේ කළේ?... ඔය අයට මම ඇමෙරිකාවේ ප්‍රතිපත්ති ගැන අමුතුවෙන් මුකුත් මතක්‌ කරන්න ඕන වෙන්නේ නැහැනේ..." බුද්ධි අංශ නිලධාරීන් ගේ නළල් තල රැළි ගැන්වීමට ආරක්‍ෂක ලේකම්වරයා සමත් විය. නිලධාරීන් එකිනෙකා පරයමින් එකිනෙකා කල්පනා කරන්නට විය. හඬ අවදි කළේ මේජර් කොව්ස්‌කි ය... "ඇමරිකාවට වැදගත් වෙන විදිහේ යුදමය හරි ආර්ථිකමය හරි දෙයක්‌ මාලදිවයින්වල ඇති...." ම්.. හොඳයි වෙන කවුරුත් වෙනස්‌ විදිහේ මත දරනව ද... යුද හමුදාපතිවරයා දෑස්‌ සභාගර්භයේ මුල සිට අගට ම කරකැවීය. "අපේ නාවික හමුදාවේ පුලුට්‌ සම්මැරීනයෙන් නියමුවන් රහිත නිරික්‌ෂණ යානා තුනක්‌ මාලදිවයින් අවට මුහුදු ප්‍රදේශයට යවලා තියෙනවා.. අපේ මේ සැකය දුරුකරගන්න. ඒත් මේ යානා තුනම දූපත් තිබුණ ප්‍රදේශය ආසන්නයේ දී අක්‍රීය වෙලා තියෙනවා. මේකට ඇඟZsල්ල දිගුකරන්නේ ඇමෙරිකාවට. සමහරවිට මුළු ලෝකයට ම තර්ජනයක්‌ වෙන විදිහේ ක්‍රියාවක්‌ මාලදිවයින් දූපත් තිබූ ප්‍රදේශයේ සිදුවෙනවා වෙන්න පුළුවන්... අපේ යානා තුන ම අතුරුදන් වීමත් එක්‌ක අපි තීරණය කළා මාලදිවයින් මුහුදු සීමාවේ රහසිගත මෙහෙයුමක්‌ ආරම්භ කරන්න. අපි තුන් දෙනා සාකච්ඡා කරලා මේ මෙහෙයුම සඳහා නිලධාරීන් දෙදෙනකු නම් කළා... මේජර් කොව්ස්‌කි. තමාගේ නම කියවීමත් සමගZ ඔහු අපහසුවෙන් මෙන් වට පිට බැලීය... "ආ... ඔබට ඇමෙරිකාවත් එක්‌ක නෑදෑකමකුත් තියෙනවානේ..." ලේකම් වරයාගේ කථාවෙන් කොව්ස්‌කි හිස පහතට නවා ගත්තේ ය. මේජර කොව්ස්‌කි ගේa දෑස්‌ තුළ වූයේ කිනම් හැඟීමක්‌ ද ඔහුගේ හදවතට දැනුණේ මොනවා ද?.... "අනිත් කෙනා ගේ... නම කියවීමට මත්තෙන් ශාලාවේ සියලු දෙනා දෙස මඳක්‌ බලා සිටි ලේකම්වරයා... "සාජන් යෙල්සින්..., ඔය දෙන්නා රැඳිලා අනිත් අයට යන්න පුළුවන්" යෙල්සින්ද නැගිට ප්‍රධානීන්ට ආචාර කළේ ය. අන් සියලු දෙනා ම තෝරාගත් බුද්ධි අංශ නිලධාරීන්ට සුබපතා ශාලාවෙන් ඉවත්ව ගියෝ ය...

අවාසනාවකට මෙන් මින් ඉදිරියට රොබෙඩෝ ශාලාව තුළ සිදු වන කථාබහ අපට ඇසෙන්නේ නැත. ඒත් යමක්‌ නිරනුමානව ම කිව හැකි ය. ඒ "හීබෲ" මෙහෙයුම සඳහා මේජර් කොව්ස්‌කි හා සාජන් යෙල්සින් තොරාaගෙන ඇති බව යි.

ෆ ෆ ෆ ෆ ෆ

හීබෲ මෙහෙයුමේ පළමු අදියර සඳහා එදින පාන්දර යාමය යොදාගෙන තිබිණි.. බුද්ධි අංශ නායක ලුතිනන් නිකායෝල් සුපුරුදු නිල ඇඳුමින් සැරසී ඇත. ඒත් මෙහෙයුම සඳහා යන නිලධරයන් දෙදෙනාම සිවිල් ඇඳුමින් සැරසී සිටී, ගුවන් යානයද පෞද්ගලික සමාගමකට අයත් සැහැල්ලු යානාවක්‌ විය.

මේ සියල්ල අපට නො ඇසුණු කථාවේ ප්‍රතිථල විය හැකි යෑයි අපි සිතමු... "ලුතිනන් නිකායොල්, මේජර් කොව්ස්‌කි හා සාජන් යෙල්සින්ට තව දුරටත් සමීප වෙමින් සුබ පැතී ය. "අපේ හමුදාවේ ඉන්න හොඳම පළපුරුදු සෙබළුන් දෙපල මම මේ මෙහෙයුමට තෝරාගත්තේ නිකම්ම නෙ වෙයි... අනිවාර්යයෙන් ම "හීබෲ" මෙහෙයුම සාර්ථකව නිම කරලා ආයෙත් මවු බිමට නිරුපද්‍රිතව එන්න ලුතිනන් නිකායෝල් සාජන් යෙල්සින්ගේ මුහුණට වැඩි බරක්‌ යොදා කීවේ ය... ඔවුන්ට ම ආවේණික වූ ආචාර සමාචාර ක්‍රමයකින් සුබපතා දෙපල ම එක එල්ලේම ගුවන් යානයට පිය මැන්නේ ය. නියමු අසුන භාරව සිටියේ මේජර් කොව්ස්‌කි ය. සුළු මොහොතකින් යානය අහසට එසැවිණි... "මෙවැනි මොහොතක සිත් තුළ රහසිගතව හට ගන්නා කම්පනයන් නිසා දෙදෙනාම ගොළු වූවා සේ ය. ඉතින් ඔවුන් මොන මොනවා සිතන්නට ඇත්දැයි අප ඔවුන් ගේ සිත්වලට එබී බලන්නේ කෙලෙස ද?... දිගු හෝරා කිහිපයක්‌ අහසේ ගෙවීය. මෙම සැහැල්ලු ගුවන් යානාවන් සැලසුම් කොට තිබෙනුයේ දිගු ගමන් සඳහා බැවින් ඔවුනට මාලදිවයින් මුහුදු සීමාවට ගොස්‌ නැවත පැමිණීමට ප්‍රමාණවත් ඉන්ධන එහි ගබඩා කොට තිබිණි.

"සාජන් යෙල්සින්a වෙලාව කීය ද "දහයයි හතලිහයි සර්" හොඳයි අපි දැන් ඉන්නේ මාලදිවයින්වල අහස උඩ "අක්‌ෂාංශ 5.664, දේශාංශ 73.273 හරියම ට කලින් "නූනු ආතලොහු (Noonu Atholhu)" දූපත තිබන හරියේ... උඩ....

"සර්.. බලන්න අන්න විල්ඩුහූ (Veildhoo) කඳුමුදුනින් කොටසක්‌ ඉහළට මතුවෙලා පේනවා... එහෙම දෙයක්‌ අපේ සිතියම්වල දක්‌වලා නෑනේ... මේක වෙන් බෑ... සර්...."

"ඔන්න මම යානාව ටිකක්‌ පල්ලෙහාට ගන්නවා..."

යෙල්සින් කිහිපවරක්‌ම පාලක ලීවරය පහත් කිරීමට උත්සාහ කළ ද එය ව්‍යර්ථ විය.

"මොනවා මේක වෙන්න බැහැ... සර්... මේ ලීවරය වැඩකරන් නැහැ..." සාජන් යෙල්සින් ගේ සිත කම්පනයට පත්වූවා මෙන් හැඟෙන්නට වීය... "අපව අමතන්න... අපව අමතන්න.." "ඇයි.... පණිවුඩ සංඥා මොකුත් ඇහෙන්නේ නෑ... යෙල්සින් මට යානය පාලනය කරන්න බැහැ..." දෙදෙනාගේ ම මුහුණු බලා හිටිද් දී වෙනස්‌ වන්නට විය. ඔවුන්ට ඒ වග නො තේරුණා නොවේ...."මේජර් කොව්ස්‌කි අපි දැන් මොකද කරන්නේ..." යානය පාලනය කරගන්න බැහැ, යානාව කැරකෙන්නයි යන්නේ.... අපි පැරෂුට්‌වලින් පනිමු... හොඳයි සර්..." කොව්ස්‌කි ආරක්‌ෂක පටිය ඉවත්කර සාජන් යෙල්සින් දෙස බලා යානයෙන් එළියට පැන්නේ ය. දැන් ඉතිරිව ඇත්තේ සාජන් යෙල්සින් ය. සැණින් ඔහුත් සෙස්‌සා අනුගමනය කරන්නට උත්සුක විය... යෙල්සින්ගේ උත්සාහය අසාර්ථක කරමින් ඔහුගේ ආරක්‌ෂක බඳ පටිය ගලවා ගැනීමට ඔහුට නො හැකි විය... "මොකද්ද මේ වෙන්නේ" යෙල්aසින් තමාටම කියා ගත්තේ ය... දකුණු පසින් වූ අනෙක්‌ පටියේ තරමක්‌ මුවහත් කම්බියෙන් අගුළු වැටී සිර වී ඇති බඳ පටිය කපන්නට හේ උත්සාහ දැරී ය. ඒ කාර්යය වත් හරිහැරි කරගන්නට ගුවන්යානයෙන් සහායක්‌ නොදෙයි ඒ මේ අතට වැනෙයි ඔහු එක්‌ අතකින් කැරකෙන්නට උත්සාහකරන යානය පාලනය කර ගැනීමට උත්සාහ කරමින් බඳ පටිය කැපීමෙහි නිරත වෙයි... තරමක්‌ කැපුණු පසු යානයේ සුක්‌කානම අත්හැර ශරීර ශක්‌තියෙන් ඉතිරිය ඉරා දැමූ ඔහු පාලනයෙන් තොර ව පරතෙරක්‌ නොපෙනෙන අහසේ ඒමේ අත කැරකෙමින් තිබෙන යානයෙන් ඉවතට පැන්නේ ය... හෝරා කිහිපයකට මත්තෙන් අහස සිපගත් යානය දැන් වේගයෙන් මහ මුහුද සිපගැනීමට පහළට වැටෙයි. විශාල ශබ්දයක්‌ හා ගිණි දැල්ලක්‌ ද ඇතිකරමින් යානය මුහුද සිපගනු යෙල්සින් පැරෂූටයේ සිට ම නිරීක්‍ෂණය කළේ ය. යෙල්aසින් හදවත සැහැල්ලු කරගන්නට දිගු සුසුමක්‌ හෙළුවේ ය... "හිටපු ගමන් ඇයි යානය පාලනය කරගන්න බැරිවුණේ අනික මගේ ආරක්‌ෂක බඳපටිය අගුලු වැටුණේ..." ඔහුගේ සිතිවිලි අතර හොල්මන් කරන්නට විය. මේජර් කොව්ස්‌කි තරම් පැරෂුට්‌ පාඨමාලාව සාර්ථකව නිමකිරීමට සාජන් යෙල්සින්ට හැකි නො වූවත් ඔහු අදක්‌ෂයකු නො වෙයි. පැරෂුටය කෙමෙන් කෙමෙන් මුහුදට ආසන්න වත් ම මුහුදින් මතු වී ඇති කඳු ගැටය වෙත තම පැරෂුටය පාලනය කර ගැනීමට උත්සාහ කළ ද එය එතරම් සාර්ථක නොවී ය. ඒ අතරමඟ මුහුද මත පතිත වූ යෙල්සින්a ගොඩබිම දෙසට පිහිනා යන්නට විය...

යෙල්සින්ට ගොඩබිමට යා ගැනීමට හැකි වේ ද, මේජර් කොව්ස්‌කිට කුමක්‌ සිදු වන්නට ඇත් ද?...

මතු සම්බන්ධයි..

එස්‌. සචින්ත්‍ර ප්‍රමෝද් ජයරත්න
විජයබාහුපුර, පොලොන්නරුව