|
විශ්වවිද්‍යාල හා උසස් අධ්‍යාපන ආයතනවලින් නවකවදය මුලිනුපුටා දැමීමට පියවර අමල් උඩවත්ත 1998 අංක 20 දරන අධ්‍යාපන ආයතනවල නවකවදය සහ වෙනත් ස්‌වරූපයේ සාහසික ක්‍රියා තහනම් කිරීමේ පනත ක්‍රියාත්මක කිරීම වඩාත් පහසු කිරීම සඳහා විශ්වවිද්‍යාල හා උසස් අධ්‍යාපන ආයතනවලින් නවකවදය සම්පූර්ණයෙන් ම ඉවත් කිරීමේ අරමුණ ඇති ව චක්‍රලේඛයක් නිකුත් කිරීමට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පියවර ගෙන ඇති බව එහි සභාපති මහාචාර්ය ගාමිණී සමරනායක පැවසී යෑයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයක සඳහන් වෙයි. එම නිවේදනයේ තවදුරටත් සඳහන් අන්දමට මේ අධ්‍යයන වර්ෂයේ සිට නවකවදය
සම්පූර්ණයෙන් ම තුරන් කිරීමේ එක පියවරක් ලෙස විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන්
සභාව උපකුලපතිවරුන් ගේ හා අධ්‍යක්‍ෂවරුන් ගේ කමිටුව මගින් සංවිධානය කරනු ලබන ජාතික
සමුළුවක් පෙබරවාරි මස 27 වැනි දින පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇත. |
||||
|
||||