|
අනුරාධපුර දිස්‌ත්‍රිsක්‌කයේ ගොවි පවුල්වලට ජල බිංදු පද්ධති බෙදා දෙයි තිරසාර ජල කළමනාකරණ වැඩසටහන යටතේ අනුරාධපුර දිස්‌ත්‍රික්‌කයේ ගොවි පවුල් සඳහා ජල බිංදු පද්ධති 1035ක් ණය වාරික ක්‍රමය යටතේ ලබා දී ඇති බැව් අනුරාධපුර දිස්‌ත්‍රික් ගොවිජන සේවා දෙපාර්තමේන්තු නියෝජ්‍ය කොමසාරිස් ඒ. එම්. ඩබ්ලිව්. ඒ. අමුණුගම මහතා පැවසී යෑයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයක සඳහන් වෙයි. ලබා දෙන මේ ජල බිංදු පද්ධතියක වටිනාකම රුපියල් තුන් ලක්‌ෂ අට
දාහක් වන අතර වසර දහයක ණය පදනම මත මෙම ජල බිංදු පද්ධති ලබා දී ඇත. මේ ජල බිංදු
පද්ධතියක් මිල දී ගන්නා වගාකරුවකු රුපියල් 5000ක මූලික ගෙවීමක් කළ යුතු අතර සෙසු
මුදල් වාරික වශයෙන් ගෙවිය යුතු යෑයි එම නිවේදනයේ තවදුරටත් සඳහන් වෙයි.
|
||||
|
||||