|
රාජ්‍ය අමාත්‍යංශ 23 ක් සමග පරිසර අමාත්‍යංශය තිරසාර සංවර්ධන ජාතික සභාවක් පිහිටුවයි අමල් උඩවත්ත තිරසාර සංවර්ධනයක් සඳහා දේශගුණික විපර්යාසවල ප්‍රධාන ප්‍රවාහය හා ක්‍රියාකාරිත්වය පිළිබඳ ජාතික සැලැස්‌ම සඳහා ශ්‍රී ලංකා ප්‍රතිපත්ති අධ්‍යයන කේන්ද්‍රය මගින් ඉදිරිපත් කරන ලද ක්‍රියාකාරී සැලැස්‌ම මහාචාර්ය බුද්ධදාස හේවාවිතාරණ විසින් පරිසර හා ස්‌වාභාවික සම්පත් අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා වෙත පසුගිය දා අමාත්‍යංශ ශ්‍රවණාගාරයේ දී ඉදිරිපත් කරන ලදී. මෙහි දී අදහස් දැක්‌වූ අමාත්‍යවරයා "පසුගිය දිනවල ඩෙන්මාර්කයේ කෝපහේගන් නුවර පැවැති ලෝක දේශගුණික විපර්යාස පිළිබඳ සමුළුවේ දී කිසි ම රටක් ඉන්ධන භාවිතය අවම කිරීමට එකඟ වුණේ නෑ. ගෝලීය උෂ්ණත්වය වැඩි වීම නිසා මේ වන විටත් කාබන් විමෝචනය සියයට 40 දක්‌වා වැඩි වීමක් වෙලා තිබෙන අතරම අයිස් දිය වීමේ වේගය ද වැඩි වී තිබෙන බව චJද්‍රිකා ඡායාරූපවලින් පෙන්නුම් කරනවා. මුහුදු මට්‌ටම ඉහළ යැම 2008 වසරේ දී සෙ.මී. 80ක් දක්‌වා බලාපොරොත්තු වුවත් වසර 2009 වන විට සෙ.මී. 200 දක්‌වා වැඩි වීමක් චJද්‍රිකා ඡායාරූපවලින් පෙන්නුම් කෙරෙනවා. සෙල්සියස් අංශක 06ක් වූ ගෝලීය උණුසුමේ වැඩි වීම මේ වන විට අංශක 07 දක්‌වා ඉහළ ගොස් තිබෙනවා. මේ නිසා වසර 2020 වන විට ප්‍රථම ක්‍රියාකාරී සැලැස්‌ම ඉදිරිපත්
නො වුණ හොත් ආපසු හැරවීමට නොහැකි වෙනස්‌කම් ලෝකයේ ඇති වීමට ඉඩ තිබෙනවා. මේ නිසා
දේශගුණික විපර්යාසවලට පමණක් සීමා නො වී මේ වසරේ දී හරිත ලංකා වැඩසටහන ආරම්භ කිරීමට
පරිසර අමාත්‍යංශය කටයුතු කර තිබෙනවා. රාජ්‍ය අමාත්‍යංශ 23ක් සම්බන්ධ කරගෙන
ජනාධිපතිතුමා ගේ සභාපතිත්වයෙන් හා පරිසර අමාත්‍යංශයේ මැදිහත් වීමෙන් තිරසාර
සංවර්ධනයක් පිළිබඳ ජාතික සභාවක් පිහිටුවා තිබෙනවා" යනුවෙන් පැවසී ය.
|
||||
|
||||