|
H1N1
ඉන්ෆ්ලුවන්සාවට ගොදුරු වූවන් ගෙන් සියයට 56 ක් ම කාන්තාවන් වෛද්‍ය පබා පළිහවඩන අමල් උඩවත්ත "ස්‌වයින් ඉන්ෆ්ලුවෙන්සා හෙවත් H1N1 රෝගීන් ප්‍රථම වරට හඳුනා ගත්තේ පසුගිය ජුනි මාසයේ දීයි. ඔක්‌තෝබර් මාසය වන විට රෝගීන් 115ක් පමණ වාර්තා වුණා. ස්‌ත්‍රී පුරුෂ භාවය අනුව බලන කල H1N1 රෝගයට ගොදුරු වූ රෝගීන් ගෙන් සියයට 44ක් පුරුෂයින් වන අතර ස්‌ත්‍රීන් සියයට 56ක් වීම විශේෂත්වයක්. මේ රෝගීන් ගෙන් සියයට 80ක් පමණ විදෙස් රටවලින් පැමිණි අයයි. දෙසැම්බර් 31 වැනි දින විට හඳුනා ගත් රෝගීන් ගණන 585ක්. නියෑදි 2033ක් පිළිබඳව කොළඹ වෛද්‍ය පර්යේෂණායතනයේ කළ පරීක්‍ෂණවලින් රෝගීන් 47ක් හඳුනා ගත්තා. මේ වසංගත තත්ත්වය ආරම්භ වීමත් සමග රෝහල්ගත වූ සංඛ්‍යාව 2500ක් පමණ වෙනවා" යනුවෙන් වසංගත රෝග විද්‍යායතනයේ අධ්‍යක්‍ෂ ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය පබා පළිහවඩන මහත්මිය පැවසුවා ය. කොළඹ සෞඛ්‍ය අධ්‍යාපන කාර්යංශයේ පැවති මාධ්‍ය හමුවක දී තවදුරටත් අදහස් දැක්‌වූ වෛද්‍ය පළිහවඩන මහත්මිය "නවතම තොරතුරු අනුව දෙසැම්බර් 31 වැනි දින වන විට හඳුනාගත් H1N1 මරණ සංඛ්‍යාව 43ක්. මේ මරණවලට හේතුව H1N1 විතරක් නෙවෙයි. වෙනත් රෝගත් හේතු වූ බව පෙනී ගිය කරුණක්. පසුගිය වසරේ ඔක්‌තෝබර්, නොවැම්බර්, දෙසැම්බර් යන මාසවල දී රෝග තත්ත්වයෙහි කිසියම් වර්ධනයක් පෙන්නුම් කළත් ජනවාරි මාසයේ අඩු වීමක් දක්‌නට ලැබෙනවා. මේ තත්ත්වය උදා වුණේa සෑම රෝහලකට ම ඖෂධ හා අනෙකුත් ආරක්‍ෂිත ක්‍රමවේද අඩුවක් නැති ව ලැබීමට සැලසුම් කිරීම නිසයි. ස්‌වයින් ඉන්ෆ්ලුවන්සාව නිසා ශ්‍රී ලංකාවේ දිස්‌ත්‍රික්
කිහිපයකින් වාර්තා වූ මරණ දිස්‌ත්‍රික් වශයෙන් බලන විට මහනුවර මරණ 05, මාතලේ 01,
නුවරඑළිය 01, කොළඹ 02, ගාල්ල 04, මාතර 02, කුරුණෑගල 04, පුත්තලම 01, රත්නපුර 05,
කෑගල්ල 04, අනුරාධපුර 02, පොළොන්නරුව 01, ගම්පහ 03, හම්බන්තොට 02, බදුල්ල 03,
අම්පාර 01, මඩකලපුව 01, කල්මුනෙයි 01, මොණරාගල 03 යනාදී වශයෙන් වෙනවා. කිසිදු
රෝගියකු වාර්තා නො වුණු දිස්‌ත්‍රික්‌ක ලෙසට යාපනය හා කිලිනොච්චි දිස්‌ත්‍රික්‌ක
දෙක හැඳින්විය හැකියි.
|
||||
|
||||