|
රාජ්‍ය පාලනය සඳහා ජාල අධ්‍යයනයෙන් ගත හැකි ආදර්ශ (ලිපි අංක 06) මීට කලකට පෙර අප විසින් ලියන ලදුව විදුසර පුවත්පතේ පළ කරන ලද ලිපි මඟින් ප්‍රධාන වශයෙන් මධ්‍ය ජාල, අතරමැදි ජාල සහ ප්‍රවේශ ජාල යනුවෙන් සමස්‌ත ජාල පද්ධතිය විස්‌තර කිරීමේ පහසුව උදෙසා බෙදාගනිමින් පැහැදිලි කිරීමක් සිදු කරන ලදි. එනමුත් මෙහි දී සමස්‌ත ජාලය ම එක ම පද්ධතියක් ලෙස දැකීම ඉතා වැදගත් බව අප ගේ වැටහීමයි. එනම් විශ්ලේෂණය මෙන්ම සංශ්ලේෂණය යන දෙක ම අපට අවශ්‍යතාව අනුව ජාල විග්‍රහයේ දී භාවිත කළ හැකි ය. මෙය වඩාත් හොඳින් පැහැදිලි කිරීම සඳහා මධ්‍ය ජාල ඇසුරෙන් මෙරට අතීත රාජ්‍ය පාලනය පිළිබඳව සොයා බැලීමට අපට හැකියාව ඇත. මෙරට අතීතයේ පාලනය අවම වශයෙන් ප්‍රධාන මාධ්‍යයන් දෙකක් මඟින් සිදු ව ඇති බව අප ගේ අධ්‍යයනයේ දී හඳුනාගැනීමට ලැබිණ. මේ මධ්‍යයන් දෙක භික්‌ෂූන්වහන්සේ සහ මහ රජතුමා බව හඳුනාගත හැකි ය. මහරජතුමා ප්‍රමුඛ රාජ්‍ය තන්ත්‍රය බොහෝ විට දේශපාලන සහ ආර්ථික කටයුතුවල දී මධ්‍ය ලෙස ක්‍රියාත්මක වී ඇත. භික්‍ෂුන්වහන්සේ සංස්‌කෘතික සහ අධ්‍යාපන කටයුතුවල දී මධ්‍යයක් ලෙස ක්‍රියාත්මක වූ හ. මෙරට ඉතිහාසය විමසා බැලීමේ දී භික්‌ෂූන්වහන්සේ හා රජු අතර බහුතරයක් රාජ්‍ය කාලයන්හි දී මනා සබැඳියාවක් පැවැති බව පිළිගත හැකි ය. ස්‌වල්පයක් වූ ඇතැම් රාජ්‍ය පාලන යුගයන්හි දී මේ සබැඳියාව තාවකාලිකව දුර්වල වුව ද සමස්‌තයක් ලෙස භික්‌ෂුන්වහන්සේ රාජ්‍ය පාලනයේ දී අනුශාසකත්වය දැරූ හ. අප ගේ රාජ්‍යය වඩාත් ම ප්‍රබල ව පැවැති රාජ්‍ය සමයන්හි දී මේ මධ්‍යයන් දෙක අෙන්‍යාන්‍ය වශයෙන් වඩාත් සමීප ව ක්‍රියාත්මක වී ඇති බව හඳුනාගත හැකි ය. උදාහරණයක් ලෙස දුටුගැමුණු, වළගම්බා, මහා විජයබාහු, මහා පරාක්‍රමබාහු, හය වැනි පරාක්‍රමබාහු යන රාජ්‍ය කාලයන්හි දී එක්‌සේසත් රාජ්‍ය තහවුරු කරගැනීමට සහ වඩාත් ප්‍රබලව පවත්වා ගැනීමට මේ මධ්‍යයන් දෙක අතර පැවැති මනා සංහිඳියාව බොහෝ වැදගත් වූ බව එම ඉතිහාස කාරණා සලකා බැලීමෙන් මනාව පැහැදිලි කරගත හැකි ය. මෙරට ජාතික රාජ්‍යයේ වසර දෙ දහසකට අධික කාලයක සාර්ථක පැවැත්මේ ප්‍රධාන කාර්යභාරය මේ මධ්‍යයන් දෙක අතර අෙන්‍යාන්‍ය සම්බන්ධතාව මZඟින් ඉටු වන්නට ඇති බව අපට මේ අනුව අවබෝධ කරගත හැකි ය. තවදුරටත් අධ්‍යයනය සඳහා මේ මධ්‍යයන් දෙක මෙරට තුළ ක්‍රියාත්මක වූ ආකාරය විග්‍රහ කරගත යුතු ය. මධ්‍යයන් දෙක අතර අෙන්‍යාන්‍ය සම්බන්ධයට අමතරව අදාළ මධ්‍යයන් තුළ අභ්‍යන්තර ක්‍රියාකාරී ව්‍යqහය ද විග්‍රහ කිරීම වැදගත් කාරණයකි. මෙහි දී භික්‌ෂුන්වහන්සේ ගොනු වූ මධ්‍යයේ අභ්‍යන්තර ක්‍රියාකාරීත්වය විමධ්‍යගත වූ බව අපට කරුණු සහිතව පෙන්වා දිය හැකි ය. මෙහි දී කාරණයක් ලෙස පැවිදි නාමකරණය දැක්‌විය හැකි ය. මෙරට භික්‌ෂුන්වහන්සේලා ගේ නාමයන්හි ග්‍රාම නාමය අනිවාර්යයෙන් ම ඇතුළත් වීමෙන් ම පෙනී යන්නේ ඒ ඒ භික්‌ෂුන්වහන්සේට සිය ග්‍රාමයත් සමග තිබූ සාමූහික බැඳීමයි. (උදා(- රත්මලානේ ධර්මාරාම හිමි, පොල්වත්තේ බුද්ධදත්ත හිමි, යක්‌කඩුවේ පඤ්ඤාරාම හිමි). එනමුත් අප මෙරට ගිහි නාමයන් ගැන සලකා බැලුව හොත් පවුල් සහ පෙළපත් නාමයන්ට කිසියම් බැඳීමක් දක්‌නට ලැබෙන අතර ග්‍රාම නාමයන්ට බැඳුණු වාසගම් දක්‌නට ලැබෙන්නේ අවම වශයෙනි. තව ද පැවිදි බිමට ඇතුළත් වූ පසු පවුල් නාමය (වාසගම) අන්තර්ගත වූ ගිහි නාමය වෙනුවට ග්‍රාම නාමය ඇතුළත් වූ පැවිදි නාමයක් භාවිත කිරීමේ සම්ප්‍රදායෙන් ම පෙනී යන්නේ උන්වහන්සේලා ග්‍රාමයට ම අයත් සාමූහික තත්ත්වයකට පත් වූ බව ය යන්න අප ගේ පිළිගැනීමයි. තව ද භික්‌ෂුන්වහන්සේලා ගේ ග්‍රාමය හා තිබෙන බැඳීම මෙකල ද, "අපේ හාමුදුරුවනේ" ආදී සමීප ඇමතුම් මඟින් වඩාත් ප්‍රකට වේ. මේ අනුව සමස්‌ත ජාලය ම සලකා බැලීමේ දී භික්‌ෂූන්වහන්සේලා මධ්‍යයක් ලෙස හැඳින්වුව ද එම මධ්‍යයේ අභ්‍යන්තර ක්‍රියාකාරීත්වය ග්‍රාමීය වශයෙන් විසිරී විමධ්‍යගත ස්‌වභාවයක් ගත් බව අවබෝධ කරගැනීම මෙහි දී වැදගත් වේ. තවදුරටත් පැහැදිලි කරගත හොත් මෙරට භික්‌ෂු ශාසනයේ සංඝරාජ තනතුරක් පිරිනැමීම හෝ දිගුකාලීනව එවැනි තනතුරක් පැවතීමක් ගැන සාධක අපට හඳුනා ගත නොහැකි ය. එනම් තනි පුද්ගල මධ්‍යයකින් සංඝ සමාජය දිගු කාලයක් පාලනය කෙරී නොමැත. මෙරට සංඝරාජ තනතුරක් තාවකාලිකව වුව ද ඇති වූයේ මෙරටට උපසම්පදාව සියම් දේශයෙන් රැගෙන විත් නැවතත් ශාසනය ප්‍රතිස්‌ථාපනය කිරීමේ දී එම සියම් සම්ප්‍රදාය අනුගමනය කිරීම නිසා බව අපට පහසුවෙන් හඳුනාගත හැකි ය. වැඩිදුරටත් කරුණු දක්‌වන්නේ නම්, මහා පරාක්‍රමබාහු රජ කල මෙරට ශාසන ශෝධනයක් කළ බව සඳහන් වන අතර එහි දී භික්‌ෂුන්වහන්සේලා අතර සම්මුතියක් ඇති කර ගැනීමට මහත් පරිශ්‍රමයක් දරන්නට වූ බව සඳහන් වේ. එහි දී මහා පරාක්‍රමබාහු රජතුමාට භික්‌ෂූන් උපැවිදි කිරීම වැනි දැඩි තීරණයන් පවා ගැනීමට සිදු වුණු බව ද සඳහන් වේ. ශාසන ශෝධනයක දී මෙතරම් අපහසුතා මතු වන්නට ඇත්තේ භික්‌ෂූන්වහස්‌සේලා ගේ විමධ්‍යගත ක්‍රියාකාරීත්වය නිසා බව අප ගේ හැඟීමයි. මහා පරාක්‍රමබාහු රජතුමා ගැන ද මෙහි දී අමතර යමක් සඳහන් කරන්නේ නම් එතුමා පරාක්‍රම සමුද්‍රය තනා ඇත්තේ කුඩා වැව් (තෝපාවැව සහ දුඹුටුළුවැව) දෙකක් එකතු කිරීමකින් බවට ඇති මතයක් සිහියට නැඟේ. එවැනි ඒකාබද්ධ කිරීම් සිංහල බෞද්ධ සම්ප්‍රදාdයේ දක්‌නට ලැබෙන්නේ ඉතා ම කලාතුරකින් බව ද කිව යුතු ය. මහා පරාක්‍රමබාහු රජු ගේ ශාසන ශෝධනය ද එවැනි ම වූ ක්‍රියාවක් වීමට ද බොහෝ ඉඩ ඇත. ඇතැම් විටෙක මහා පරාක්‍රමබාහු රජු ගේ ක්‍රියාකාරකම් වෙනත් දෙAශීය රජුන්ට වඩා විශේෂ වන අවස්‌ථාවන් ද ඇති බව මෙහිදී සඳහන් කළ යුතු ය. මෙරට සමස්‌ත ජාලයේ මධ්‍යයක් වූ භික්‌ෂු සමාජයේ පැවැති විමධ්‍යගත ක්‍රියාකාරීත්වය මෙරට බුද්ධ ශාසනයේ දීර්ඝකාලීන පැවැත්මට බොහෝ සේ උපකාරී වන්නට ඇති බව අප ගේ හැඟීමයි. එනම් මධ්‍යගත ක්‍රියාකාරීත්වයක දී සුළුතරයක් වූ මධ්‍යයේ බලය නැති වීමෙන් එහි සාමාන්‍ය ක්‍රියාකාරීත්වය පහසුවෙන් ඇණහිටින නමුත් විමධ්‍යගත ක්‍රියාකාරීත්වයේ දී එම අනතුරු අවම වන බව හඳුනාගත හැකි ය. එනමුත් භික්‌ෂුන්වහන්සේලාට විමධ්‍යගත ක්‍රියාකාරීත්වයක් තිබිය දී සමස්‌ත ජාලයේ මධ්‍යයක් ලෙස ක්‍රියා කිරීමට හැකි වූයේ කෙසේ ද යන ප්‍රශ්නය පැනනැඟිය හැකි ය. භික්‌ෂුන්වහන්සේලා ගේ බැඳීම පැවතියේ මෙරට භික්‌ෂු සම්ප්‍රදාය නමැති හුයකින් බව ද කිව යුතු ය. මේ භික්‌ෂු සම්ප්‍රදාය යාවත්කාලීනව පවත්වාගෙන යැමට පොහොය කර්ම සහ විනය කර්ම පැවැත්වීම මහත් පිටිවහලක් වන්නට ඇත. එමෙන්ම එම භික්‌ෂු සම්ප්‍රදාය මෙරට සාමාන්‍ය ගිහි සම්ප්‍රදායෙන් ඈත් වූ බමුණු කුල සම්ප්‍රදායක් නො වූ අතර ගිහි සමාජයට ම අයත් පොදු සම්පතක් ලෙස භික්‌ෂුන්වහන්සේලා ක්‍රියාත්මක වූ හ. භික්‌ෂුන්වහන්සේ රජ ගෙදරට පමණක් නො ව සියලු ගම්වැසියන් ගේ මරණ ගෙදරට මෙන්ම මඟුල් ගෙදරට ද වැඩි සේක. උන්වහන්සේ මෙරට වැසියන් ගේ ජීවිතයේ සංස්‌කෘතික සහ අධ්‍යාපනික යන බොහෝ කාරණාවල දී සමීපව ක්‍රියාත්මක වූ හ. එනම් භික්‌ෂුන්වහන්සේ මෙරට සංස්‌කෘතික සහ අධ්‍යාපනික මධ්‍යය ලෙස ක්‍රියාත්මක වූ බව හඳුනාගැනීම ද මෙහි දී අපට වැදගත් වේ. තව ද භික්‌ෂුන්වහන්සේ මෙරට දේශපාලන අනුශාසකත්වය ද දැරූ සේක. එලෙස ම මෙරට දේශපාලන සහ රාජ්‍ය පරිපාලන මධ්‍යය ලෙස රජු ප්‍රමුඛ රාජ්‍යතන්ත්‍රය ක්‍රියාත්මක විය. භික්‌ෂුන්වහන්සේ අයත් මධ්‍යයට වඩා රජු ප්‍රමුඛ ජාල මධ්‍යයේ ප්‍රධාන වෙනස්‌කම ලෙස හඳුනාගත හැක්‌කේ පුද්ගල කේන්ද්‍රීය ස්‌වභාවයයි. එනමුත් මෙරට රජුන් තුළ භික්‌ෂුන්වහන්සේට වැඳ නමස්‌කාර කරන සම්ප්‍රදායක් පැවැති බැවින් භික්‌ෂුන්වහන්සේ රජුට වඩා හැම විට ම අප ගේ ධුරාවලියේ ඉහළින් සිටි බව ද හඳුනාගත යුතු ය. එමෙන්ම මෙරට දී බුදුන්වහන්සේ හඳුන්වනු ලැබුවේ බුදුරජාණන්වහන්සේ නමින් බව ද මතක් කළ හැකි ය. එනම් බුදුන් වහන්සේ මෙරට සංකල්පීය රජු ලෙස අපේ ජනයා අතර පිළිගැනීමක් පැවතිණි. මෙකල ද ඇතැම් විට ශ්‍රී ලංකාව බුදුන් ගේ දේශය ය යනුවෙන් සඳහන් වැකි අපට දැකගත හැකි ය. තව ද කිත්සිරිමෙවන් රජ දවස පටන් දළදාව සහ පාත්‍ර ධාතුව ආරක්‌ෂා කිරීම රජු ගේ කාර්යභාරයක් වූ අතර පසුකාලීනව එය මෙරට රාජ්‍යත්වය හෙබවීම සඳහා සුදුසුකමක් බවට ද පත් විය. එමෙන්ම මෙරට රජු බෝධිසත්වයකු වන බවට ද සංකල්පයක් පැවතිණි. එනම් ලක්‌දිව රජුන් බුදු වීමට පාරමිතා පුරන්නේ ය යන අදහස බෝධිසත්ත්aව සංකල්පය අනුව යමින් මෙරට ප්‍රකට වී පැවතිණි. මේ සියලු දෙයින් තහවුරු වන්නේ මෙරට බෞද්ධ රාජ්‍යයක් වූ අතර සමස්‌තයක් වශයෙන් රජු භික්‌ෂුන්වහන්සේ අයත් වූ ජාල මධ්‍යයේ උපදෙස් අනුව රාජ්‍ය පාලනය ගෙන ගිය බවයි. තව ද රජ ප්‍රමුඛ ජාල මධ්‍යය සහ භික්‌ෂුන්වහන්සේ අයත් වූ ජාල මධ්‍යය අතර භේද ඇති වූ කාලයන්හි මෙරට රාජ්‍ය පාලනයේ ගැටලු ඇති වූ බව ද අපට හඳුනාගත හැකි ය. තව ද හඳුනාගත හැකි වැදගත් ලක්‌ෂණයක් වන්නේ මෙරට රජු සහ ජනයා අතර ජීවන මට්‌ටමේ සුවිශාල පරතරයක් නො තිබූ බවයි. ඉන්දියාවේ මයිසූර් රජ මාළිගය සහ අනුරාධපුරයේ විජයබාහු මාළිගය හෝ මහනුවර දළදා මාළිගය සසඳා බැලීමෙන් භාරතයේ රජුන් සහ මෙරට රජුන් අතර ජීවන මට්‌ටම් වෙනස පහසුවෙන් හඳුනාගත හැකි ය. තව ද මහනුවර දළදා මාළිගයේ රජු ජීවත් වී ඇත්තේ දැනට රාජා ඇතු ගේ දේහය තැන්පත් කොට ඇති කුඩා කොටසේ වන අතර මහනුවර දළදා මාළිගාව ඉන්දියාවේ මයිසූර් රජ මාළිගාවට වඩා බෙහෙවින් ම කුඩා ය. එමෙන්ම මහනුවර පැවතියේ හුදෙක් රජු ගේ පෞද්ගලික සුඛවිහරණය සඳහා ඉදි කළ රජ මැදුරක් පමණක් නො වන බව එහි දළදා මැදුරක් තැනවීමෙන් පැහැදිලි වේ. එමෙන් ම මෙරට රජු කිසි විටකත් මහා අධිරාජ්‍යයකු අයුරින් ජනයා ගෙන් ඈත් ව දිවි ගෙවා නොමැති බව ද පැහැදිලි ය. තව ද මෙරට ඉදි වී ඇත්තේ සුවිශාල රජ මාළිගා නො වන අතර ම අපට ලෝවාමහාපාය, රුවන්වැලි සෑය, අභයගිරිය, ජෙතවනාරාමය, දළදා මාළිගා, ලෙන් විහාර ආදී වශයෙන් සුවිශාල වූ බෞද්ධ පූජනීය ස්‌ථාන රැසක් පැරැන්නන් විසින් ඉදි කරන ලද බව ද දැකගත හැකි ය. එනම් රජුන් පවා ක්‍රියා කොට ඇත්තේ සිය පෞද්ගලික වාසස්‌ථානවලට වඩා පොදු වශයෙන් ජනයාට වැදගත් වන වෙහෙර විහාර ඉදි කිරීම උදෙසා බව පෙනී යයි. බෞද්ධ සිද්ධස්‌ථානවලට අමතරව කෘෂිකාර්මික කටයුතු සඳහා වැදගත් වන වැව් අමුණු, ඇළ වේලි ආදී පොදු ඉදිකිරීම්වල දී බහුල වශයෙන් රජු මුල් වී ඇත. සරලව කිව හොත් මෙරට රජු මග පොළොවේ පය ගසා ජනතාව සමග ජීවත් වූ පුද්ගලයෙක් විය. ඉන්දික ප්‍රසාද් කුමාර (පරිගණක ජාල විශේෂඥ) |
||||
|
||||