logo3.gif (702 bytes)

arrow7.gif (1098 bytes)


ආක්‍රමණික ජීවීන් ගේ ව්‍යාප්තිය හා දේශපාලනය

ආගන්තුක ආක්‍රමණික ජීවී විශේෂවල ව්‍යාප්තිය සඳහා දේශපාලන හා ආර්ථික ප්‍රතිපත්ති බලපාන බව පර්යේෂණ පත්‍රිකාවකින් පෙන්වා දී ඇත. නිදහස්‌ වෙළෙඳාම හා ප්‍රවාහන කටයුතු නිසා ආක්‍රමණික ජීවීන් ගේ ව්‍යාප්තියට වැඩි අවස්‌ථාවක්‌ සැලසෙන බව පෙනී ගොස්‌ තිබේ. දෙවැනි ලෝක යුද්ධයෙන් අනතුරුව ගෙවී ගිය කාලය තුළ නැඟෙනහිර හා බටහිර යුරෝපීය රටවල් අතර ගමනාගමනය සීමා වී තිබූ අවධියක්‌ විය. එA නැඟෙනහිර යුරෝපා රටවල් කොමියුනිස්‌ට්‌ පාලනයකට නතු ව තිබූ සමයයි. එA යුගයේ දී උක්‌ත රටවලට තිබූ සීමා හඳුන්වනු ලැබුවේ එA රටවල් "යකඩ තිරයකින් වැසී තිබූ බව සඳහන් කිරීමෙනි. එහි දේශපාලන හෝ අනෙක්‌ බලපෑම් කෙසේ වෙතත් මේ තත්ත්වය නිසා ආක්‍රමණික පක්‌ෂි විශේෂ ව්‍යාප්ත වීම සීමා වූ බව Biological Conservation සඟරාවේ පළ වී ඇති මේ අධ්‍යයනය අනාවරණය කරයි.

ශීතල යුද්ධ සමයේ දී බටහිර යුරෝපීය රටවලට ආගන්තුක පක්‌ෂි විශේෂ හඳුන්වා දුන් අවස්‌ථා ගණන (827) මෙන්ම හඳුන්වා දුන් පක්‌ෂි විශේෂ ගණන (96) ද ඉහළ ය. එහෙත් නැඟෙනහිර යුරෝපා රටවලට හඳුන්වා දුන් අවස්‌ථා ගණන (70) මෙන්ම හඳුන්වා දුන් පක්‌ෂි විශේෂ ගණන (24) ද බෙහෙවින් අඩු විය. මේ පක්‌ෂි විශේෂ ගහන ස්‌ථාවර බවට පත් ව ඇත්තේ ද අඩුවෙනි. මේ අනුව නැඟෙනහිර යුරෝපා රටවල් හුදෙකලා වීම තුළ එA රටවල ආගන්තුක විශේෂ හඳුන්වා දීම මෙන්ම ස්‌ථාවර වීම ද වැළකී ඇති බව මේ අනුව පෙනේ.

එහෙත් පැවැති තත්ත්වය වෙනස්‌ වී නැඟෙනහිර යුරෝපා රටවල් ද විවෘත වීමත් සමඟ ආක්‍රමණික ජීවී විශේෂ ව්‍යාප්ත වීමේ තර්ජනයකට මේ රටවල් දැන් ලක්‌ ව සිටියි. ජාත්‍යන්තර වෙළෙඳාම, ගමනාගමනය නිසා ආක්‍රමණික ජීවීන් ව්‍යාප්ත වීම සිදු වීම පිළිබඳව මනා සාධකයක්‌ ලෙස මෙය සැලකිය හැකි ය. එසේම මේ තත්ත්වය පාලනය කිරීම සඳහා ද මේ අධ්‍යයනය යෝජනා කරයි.