logo3.gif (702 bytes)

arrow7.gif (1098 bytes)


ජෛවවිවිධත්වය හා දේශගුණය වෙනස්‌ වීම

ධනේශ් විසුම්පෙරුම

දේශගුණ වෙනස්‌ වීම නිසා ජෛවවිවිධත්වයට ඇති විය හැකි බලපෑමෙහි ඇති සංකීර්ණ ස්‌වභාවය පිළිබඳව සාධක ඇතුළත් පර්යේෂණ පත්‍රිකා කිහිපයක්‌ පසුගිය සති කිහිපය තුළ දී ප්‍රකාශයට පත් විය. එA අනුව පෙනෙන්නේ දේශගුණ වෙනස්‌ වීමේ ඇති බරපතල තත්ත්වය නැවතත් අවධාරණය කරන බවකි. එසේම මිනිසුන් විසින් සිදු කරනු ලබන වෙනත් ක්‍රියාමාර්ග හේතුවෙන් මේ ඇති වී තිබෙන තර්ජනය තවත් බරපතල විය හැකි බව ද මේ ඇතැම් අධ්‍යයන මගින් කරුණු අවධාරණය වේ. මේ එA පිළිබඳව කෙටියෙන් සිදු කෙරෙන විමසීමකි.

කොරල් පර යථා තත්ත්වයට පැමිණීම

දේශගුණ වෙනස්‌ වීම නිසා දැඩි ලෙස තර්ජනයට ලක්‌ ව ඇති පරිසර පද්ධතියක්‌ ලෙස කොරල් පර හැඳින්විය හැකි ය. මේ පිළිබඳව පසුගිය කාලයේ දී පර්යේෂණ රැසකින් කරුණු අනාවරණය විය. කෙසේ වෙතත් මේ විනාශකාරී බලපෑම්වලින් නැවතත් යථා තත්ත්වයට පත් වීමට කොරල් පරවලට හැකියාවක්‌ ඇති බව පසුගිය දා පර්යේෂණයකින් පෙන්වා දී තිබේ. ඡඛදී ධභෑ සඟරාවේ පළ වූ මේ වාර්තාවට පාදක වූ අධ්‍යයනයේ දී අවධානයට ලක්‌ කර ඇත්තේ අත්ලාන්තික්‌ සාගරයේ පිහිටා ඇති බහාමාස්‌ දූපත් ආශ්‍රිත සමුද්‍රීය ආරක්‌ෂිත ප්‍රදේශවල හා එAවායින් පිටත ප්‍රදේශවල පිහිටා ඇති කොරල් පර දහයකි. 1998 වර්ෂයේ දී සිදු වූ විරංජනයට ලක්‌ වීමෙන් සහ 2004 වර්ෂයේ දී ඇති වූ ෆ්‍රdන්සස්‌ නම් කුණාටුව හේතුවෙන් මේ කොරල් පර බලවත් ලෙස හානියට ලක්‌ විය.

මේ කොරල් පර පිළිබඳව වසර දෙක හමාරක කාලයක්‌ පැවැති අධ්‍යයනයෙන් අනාවරණය වී ඇත්තේ ආරක්‌ෂිත ප්‍රදේශවල ඇති පර නැවතත් යථා තත්ත්වයට පැමිණෙමින් ඇති බව ය. අදාළ පරවල යථා තත්ත්වයට පත් ව තිබූ ප්‍රමාණය අධ්‍යයනයට පෙර සාමාන්‍යයෙන් සියයට 7ක්‌ පමණ වූ අතර අධ්‍යයනය අවසන් වන විට මේ ප්‍රමාණය සියයට 19ක්‌ දක්‌වා ඉහළ ගියේ ය. මෙහි ඇති වඩාත් වැදගත් කරුණ වන්නේ ආරක්‌ෂිත ප්‍රදේශවලින් පිටත පිහිටි පර එසේ යථා තත්ත්වයට පත් ව නො තිබීම ය. කොරල් පර වැනි පරිසර පද්ධතිවලට ඇති වන මානව බලපෑම් පාලනය කිරීම හා අවම කිරීම ආරක්‌ෂිත ප්‍රදේශ පවත්වා ගැනීමේ දී ඇති වැදගත්කම මේ අධ්‍යයනය යළිත් තහවුරු කරයි. සමුද්‍රීය ආරක්‌ෂිත ප්‍රදේශ ඇති කිරීම මේ සඳහා යෝග්‍ය යාන්ත්‍රණයක්‌ ලෙස සැලකේ.

කෙල්ප් බිම්වලට ඇති තර්ජනය

නැඟෙනහිර තස්‌මේනියාවේ සෞම්‍ය කලාපීය සාගරයේ දැකිය හැකි කෙල්ප් බිම් (දුඹුරු ඇල්ගී වර්ගයකින් යුක්‌ත) ප්‍රදේශ පිළිබඳව සිදු කර ඇති අධ්‍යයනයකින් පෙනී ගොස්‌ ඇත්තේ දේශගුණ වෙනස්‌ වීම නිසා තර්ජනයට ලක්‌ වී ඇති කෙල්ප් බිම් ප්‍රකෘති තත්ත්වයට පැමිණීම මානව ක්‍රියාකාරකම් ද බාධාවක්‌ වී ඇති බව ය. මේ තර්ජනය නම් අධික ලෙස සිදු වන ධීවර කර්මාන්තයයි. මේ ප්‍රදේශයේ සාගරයේ උෂ්ණත්වය ඉහළ යැම ලෝකයේ අනෙක්‌ සාගර ප්‍රදේශවලට වඩා බෙහෙවින් ඉහළ අතර එය දකුණු අර්ධගෝලයේ ඉහළ ම උෂ්ණත්ව ඉහළ යැම වේ. මේ උෂ්ණත්ව ඉහළ යැම නිසා මුහුදු ඉකිරියන් ගේ ගහනය ද ඉහළ යයි. මේ ඉකිරියන් කෙල්ප් ආහාරයට ගන්නා අතර ඉකිරි ගහනය ඉහළ යැම කෙල්ප් බිම්වලට තර්ජනයකි. ඉකිරියන් කෙල්ප් ආහාරයට ගැනීම නිසා කෙල්ප් බිම් ඉකිරි පාළුවට ලක්‌ විය හැකි ය. ඊට හේතුවක්‌ වන්නේ මේ මුහුදු ඉකිරියන් මත යෑපෙන්නා වූ විලෝපීයයකු වන පොකිරිස්‌සන් විශේෂයක්‌ මිනිසුන් ගේ මසුන් මැරීම නිසා ඉවත් කිරීම ය.

මේ තත්ත්වය හේතුවෙන් අධ්‍යයනයට ලක්‌ ව ඇති කෙල්ප් බිම් පද්ධති හා එහි ජෛවවිවිධත්වය ද තර්ජනයට ලක්‌ වී ඇති බව Proceeding of National Academy of Science සඟරාවේ පළ වූ පර්යේෂණ වාර්තාවක්‌ පෙන්වා දෙයි. මෙමඟින් අවධාරණය කරන වැදගත් කරුණක්‌ නම් ධීවර කර්මාන්තය ද අවධානය යොමු කළ යුතු අංශයක්‌ බව ය.

ඇල්පයින් වනාන්තර වර්ධනය අඩු විය හැකියි

ලෝකයේ උෂ්ණත්වය ඉහළ යැම හා වර්ධන කාලය වැඩි වීමත් සමඟ උප ඇල්පයින් වනාන්තර මඟින් කාබන්ඩයොක්‌සයිඩ් වායුව අවශෝෂණය කිරීම අඩු විය හැකි බව අධ්‍යයනයකින් හෙළි වී ඇත. එසේ ම එහි ප්‍රතිඵලයක්‌ ලෙස වැඩි කාබන්ඩයොක්‌සයිඩ් ප්‍රමාණයක්‌ පිට කිරීම ද සිදු කෙරේ. එය මෙතෙක්‌ පැවැති විශ්වාසයට වඩා වෙනස්‌ ය. මේ සඳහා හේතුව වී ඇත්තේ උෂ්ණත්වය ඉහළ යැමත් සමඟ මේ වනාන්තරවලට වැදගත් වන ජල සැපයුමක්‌ වන හිම දිය වීමෙන් සැපයෙන ජල ප්‍රමාණය අඩු වීම ය.

මේ නිසා ඇති වන ජල ආතතිය හේතුවෙන් මේ වනාන්තරවල දැකිය හැකි ශාකවල කාබන්ඩයොක්‌සයිඩ් තිර කිරීමේ ඇති කාර්යක්‌ෂමතාව අඩු වේ. උෂ්ණත්වය ඉහළ යැම හා ශීත Rතුවේ හිම ඇති වීම අඩු වීම සමඟ හිම දිය වීමෙන් ලැබෙන ජල ප්‍රමාණය අඩු වන බව ය. වැසි ඉහළ යා හැකි වුවත් මේ වනාන්තරවලට වැදගත් වන්නේ හිම දිය වීමෙන් ලැබෙන ජල සැපයුම ය. මේ අධ්‍යයනය පළ වී තිබුණේ Global Change Biology සඟරාවේ පූර්ව මුද්‍රණ වාර්තාවක්‌ ලෙස ය.

කාබන්ඩයොක්‌සයිඩ් වායුව අවශෝෂණය කිරීම මඟින් කාබන් තිර කිරීම සඳහා වඩාත් වැදගත් වන්නේ නිවර්තන කලාපීය වනාන්තර බව මීට ඉහත දී පර්යේෂණ ගණනාවකින් පෙන්වා දී ඇත. මේ හේතුව නිසා කාබන් සංචිතයක්‌ ලෙස දියුණු වන රටවල වනාන්තර කෙරෙහි වැඩි අවධානයක්‌ ද යොමු වී ඇත. වන විනාශය හා වන හායනය වැළැක්‌වීමෙන් විමෝචන අඩු කිරීමේ REDD යාන්ත්‍රණය මෙන් ම පවිත්‍ර සංවර්ධන යාන්ත්‍රණය ද මෙහි දී දියුණු වන රටවලට වැඩි වාසියක්‌ අත් කරන්නට සමත් වෙතැයි අපේක්‌ෂා කෙරේ.