|
රෝහලේ විත්ති : යුද්ධයෙන් පසුව හමු වූ සොඳුරු සිතක්...... යුද්ධය ඉවර වෙලා මාස හයකුත් ගෙවිලා ඉවරයි. ඒත් තැනින් තැන විසිරුණ ත්‍රස්‌තවාදීන් ගේ සිරුරුවල රූපවාහිනී රූප තවමත් හිතේ හොල්මන් කරනවා. යුද්ධය ඉවර වුණත් ඒ යුද්ධයේ අතුරු කතා නම් බොහොමයි. යුද්ධය තිබුණ කාලේ රෝහල් ශල්‍ය වාට්‌ටුවල අතුරු සිදුරු නැති ව පිරිලා හිටිය ඉරි ඉරි සරම් කමිස ඇඳපු සෙබළු දැන් පිට වෙලා ගිහින්. ඒත් විකලාංග වාට්‌ටුවෙ නම් තවමත් කිහිප දෙනෙක් ඉතුරු වෙලා ඉන්නවා. බොහොම දෙනෙක් ගෙ අතක් හරි කකුලක් හරි අහිමි වී ගිහින්. ඒ සඳහා වැඩිදුර ප්‍රතිකාර බලාපොරොත්තුවෙන් සිටින මේ හමුදා සෙබළුන් නිසා වාට්‌ටුවේ පාළුවක් නම් නෑ. හැම වෙලාවෙ ම ඔවුන් ගේ දුරකථනවලින් හරි කුඩා ගුවන් විදුලි යන්ත්‍රවලින් හරි ඇසුණ ගීත නිසා. ඒ කිසි ම කෙනෙක් අහිමි වුණ අතක් කකුලක් ගැන දුක් වෙනවා පෙනුණෙ නෑ. හිත ඇතුළෙ දුකක් තිබුණත්, හමුදාවෙ දී ලබපු මනා පුහුණුවත්, ඊටත් වඩා, අවුරුදු 30ක යුද්ධයේ නිමාව නිසා හිතේ ඇති වන සතුටත් ඒ දුක තුනී කරලා දානවා ඇති. වාට්‌ටුවේ හිටපු කැප්ටන් නලින් ඇරෙන්න අනෙක් හැම සෙබළෙක්‌ට ම අවුරුදු 25ට වඩා අඩුයි. ඒ වගේ තරුණ වයසෙ දී අතක් පයක් අහිමි වෙනවා කියන්නේ අපිට නම් හිතන්න වත් බැරි දෙයක්. මේ සෙබළුන් අතර මට විශේෂයක් පෙනුණ පුද්ගලයෙක් හිටියා. හමේ තද කළු පැහැයත් එක්‌ක වඩාත් කැපිල පෙනුණ සිනහවක් හැම වෙලාවෙ ම ඔහු ගෙ මුවග තිබුණා. එක් අතක් හෝ පයක් අහිමි වුණ අනෙක් සෙබළුන් අතර ඔහු ගෙ මට පෙනුණ විශේෂත්වය තමයි බැලු බැල්මට අත් සහ පාදවල ආබාධයක් දකින්න නො ලැබීම. ඒ නිසා ම ඔහුත් එක්‌ක කතා කරන්න හිතේ කැමැත්තක් ගොඩනැඟුණා. සුපුරුදු ලෙන්ගතු හිනාවෙන් ඔහු මාව පිළිගත්තා. මම ඔහු ගෙ ඇඳ ඉහපත් වාර්තාව දිහා බැලුවෙ වයස දැනගන්න. අවුරුදු 20යි. "කොහොම ද මල්ලි? මොකද කරන්නෙ?" කතාව පටන් ගන්නට මම අර ඇන්දා. "ෆොaන් එකෙන් ටී.වී. බැලුවා අක්‌කේ. මෙතෙන්ට චැනල් 12ක් පේනවා හොඳට" "ඇයි මල්ලි මේ වාට්‌ටුවෙ නැවතිල ඉන්නේ?" සාමාන්‍ය ප්‍රශ්න කීපයකට පස්‌සෙ මම ඇහුවා. "මේ අත හින්දා අක්‌කේ..." ඔහු දකුණු අත ඔසවා මට පෙන්නුවා. සිදු වී ඇති දේ එවිටයි මම දැනගත්තෙ. ඒ උරසිඑ Dරදච නමින් වෛද්‍ය විද්‍යාවෙ හඳුන්වන තත්ත්වයක් මෙහි දී සිදු වන්නේ, අතේ ඇති ස්‌නායුවකට (අරීය ස්‌නායුව-Radස්‌ක බැරඩැ) හානි වීම නිසා මැණික් කටුව අසලින් අත ඉහළට ඔසවන්නට නොහැකි වීම. පොළොවට සමාන්තරව දෑත දිගු කළොත් අරීය ස්‌නායුවට හානි වී ඇති අතේ මැණික් කටුවට පහළින් පිහිටි කොටස එල්ලා වැටීමක් මෙහි දී නිරීක්‍ෂණය කරන්න පුළුවන්. අතේ එම කොටස ඔසවා තැබීමට (Eංඑeබිසදබ) අවශ්‍ය වන මාංශ පේශිවලට සපයන්නේ එම ස්‌නායුව වීමයි මෙයට හේතුව. එම නිසා මේ රෝගීන් ගේ ග්‍රහණ හැකියාව තරමක් දුරට අඩු වෙනවා. (අත මැණික් කටුවෙන් නමා (Fකැංසදබ) යමක් තදින් ග්‍රහණය කිරීමට උත්සාහ කරන්න. සාමාන්‍ය ග්‍රහණයකට වඩා එය දුර්වල ග්‍රහණයක් බව ඔබට දැනේවි) කෙසේ වෙතත් මේ සඳහා ප්‍රතිකර්මයක් ලෙස විකලාංග ශල්‍ය වෛද්‍යවරුන් විසින්, අත මැණික් කටුවෙන් ඔසවා තබන්නට ශල්‍යකර්මයක් සිදු කරනවා. එමගින් ඔවුන් ගේ ග්‍රහණය කිරීමේ හැකියාව වැඩි කිරීමක් සිදු වෙනවා. "මොකද මල්ලී අතට වුණේ?" "බුලට් එකක් වැදුණා අක්‌කේ" "ආ.......ඉතින් කවද ද අත හදන ධචැර්එසදබ එක කරන්නේ?" "අනිද්දා කරනවා කියලා තමයි කිවුවෙ......." "ඒක හොඳයි ඊට පස්‌සේ කරදරයක් නැතුව වැඩ ටික කරගන්න පුළුවන් වෙයි නෙ" "දැනටත් එච්චර කරදරයක් නෑ අක්‌කේ" ඔහු ගේ පිළිතුර මට පුදුමයක් වුණා. "ඇයි එහෙම කියන්නේ?" "මම හිතාගෙන ඉන්නේ ආයෙම වැඩට යන්න. ඒත් මට මුලින් වගේ තුවක්‌කුව පාවිච්චි කරන්න බෑ. මගේ කැමැත්ත තියෙන්නේ ධසෛජැ එකේ වැඩ කරන්න. මම Aරැඛත් කළ නිසා පුළුවන් වේවි ධසෛජැ එකට යන්න. "ඒත් ඔයා ගෙ අතින් ලියන දේවල් කරන්න අමාරු නැද්ද ඔයාට?" "ලොකු අමාරුවක් නෑ. ඇඟිලි හොඳට වැඩ කරනවා නෙ. මම හැම දා ම මොනවා හරි ලියනවා.....බයයි ලියන්න බැරි වෙයි කියලා" "මොනව ද ලියන්නෙ හැම දා ම?" මම විමසුවා "විශේෂයෙන් එක දෙයක් නෙමේ....... හිතට එන දේවල් ලියනවා. කවි ලියනවා" "කවිත් ලියන්න දන්නව ද?" "පෙන්නන්න ද?" මගේ ආරාධනයක් නැති ව ම ඔහු කුඩා කොපි පොතක් අරගෙන මගේ අතට දුන්නා...... මම ඒ පිටු එකින් එක පෙරළුවා. අදහගන්න බැරි තරම් පැහැදිලි අකුරුවලින් කවි පද පේළි සිත්තම් වෙලා තිබුණා. උරසිඑ dරදචල කෙනෙක් ගෙ ලිවීමේ හැකියාවට සෘජුව ම බල නො පෑවත්, මේ හැම දෙයක් ම රඳා පවතින්නෙ කෙනෙක් ගෙ ආත්ම විශ්වාසය මත........ ඇත්තෙන් ම මේ වගේ ලොකු ආත්ම විශ්වාසයක් තිබුණ හමුදා සෙබළුන් නිසා ම තමයි, අද අපි නැවතත් මෙහෙම හිනා වෙලා ඉන්නෙ. තුවක්‌කුවක් අරගෙන කැළෑවකට වෙලා යුද්ධ කරපු හමුදා සෙබළෙක් ගෙ හිතේ මේ වගේ සුන්දර අදහස් තියෙනව ද කියලා මට හිතුණා. විවිධ මාතෘකාවලින් කවි 20කට වඩා ලියවිලා....... මගේ මිතුරියත් එතෙන්ට ආවෙ ඒ මොහොතෙ. අපි දෙන්න ම කවි පොතත් අරන් වීදුරු ජනේලයක් ළඟට ගියා. "මට පුදුමයි යුද්ධ කරන්න හැදුණ හිතක මේ වගේ අදහස් තියෙන්නේ කොහොම ද කියලා....." මම කිවුවා. ඇය දුන්නේ අපූරු උත්තරයක්. "මේ නම් යුද්ධ කරන්න ඉපදුණ කෙනෙක් නෙමෙයි. මොකද්ද අවාසනාවකට ඒ අතට තුවක්‌කුවක් ලැබුණට ටිකක් පරක්‌කු වෙලා හරි මේ විදිහට පෑනක් ලැබුණ එක නම් ලොකු වාසනාවක්" සින්ධූපා සෙනවිරත්න වෛද්‍ය පීඨය ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය මාර්ගෝපදේශනය 3 දැන්වීම් හා ලේබලවල ඇතුළත් නිර්දේශ නිර්දේශයක් (Cක්‌සපි) යනුවෙන් මෙහි විස්‌තර කෙරෙන්නේ ආහාරයක් සතු ගුණාංග (පෝෂණ ගුණ, එහි නිෂ්පාදනයට අදාළ විශේෂතා වැනි) පිළිබඳ අදහස් ප්‍රකාශ කිරීමයි. නිර්දේශ ආකාර 1. සාමාන්‍ය (පොදු) නිර්දේශ 2. පෝෂණ නිර්දේශ 3. සෞඛ්‍ය නිර්දේශ නිර්දේශයකට අනුමැතිය අවශ්‍ය ද? පාරිභෝගිකයා ගේ අයිතිය ආරක්‌ෂා කර ගැනීමේ අරමුණෙන් මේ නිර්දේශ සඳහා යම් සීමා පැනවීමක් සිදු කෙරේ. මේ සීමා කිරීම් විවිධ ස්‌වරූපවලින් එනම් තහනම්, කොන්දේසි සහිත අනුමැතිය හෝ ආදි ලෙස ඉදිරිපත් විය හැකි ය. නීතියට අදාළව යම් යම් කොන්දේසි සපුරා ලීම මඟින් අනුමැතිය ලද හැකි ය. ඇතැම් නිර්දේශ සඳහා සෞඛ්‍ය සේවා අධ්‍යක්‌ෂ ජනරාල්වරයා ගේ අනුමැතිය අවශ්‍ය වේ. මේ අනුමැතිය ලබා ගත යුත්තේ ලේබලය හෝ දැන්වීම් මුද්‍රණය කෙරෙන්නට පෙර ය. 1. සාමාන්‍ය නිර්දේශ කිසිදු ලේබලයක හෝ දැන්වීමක (ආහාර නිෂ්පාදනයකට අදාළ) පහත ආකාරයේ නිර්දේශ ඇතුළත් නො විය යුතු ය. ෆ ව්‍යාජ නිර්දේශයක් හෝ නොමඟ යවන විස්‌තරයක් (පාරිභෝගිකයා හෝ වෙළෙන්දා හෝ නොමඟ යෑවෙන ආකාරයේ) ෆ කුමන ආකාරයක හෝ ආකලන (Addසඑසඩැs) භාවිත වන ආහාර නිෂ්පාදනයකට අදාළ කිසිදු ලේබලයක ශුද්ධ වූ (ඡමරු) යන වදන හෝ එම වදනට සමාන අරුත් දෙන වදන් භාවිත නො කළ යුතු ය. ෆ ආකලන සහිත හෝ කෘත්‍රිමව සංශ්ලේෂණය කළ හෝ සකස් කළ ආහාරවල ලේබල සඳහා ස්‌වාභාවික (භ්එමර්ක) යන්න ඇතුළත් නො කළ යුතු ය. එසේ කළ හැක්‌කේ ජෛවීය ද්‍රව්‍යවලින් පමණක් නිපදවන නොමුසු ආහාර සඳහා පමණ ය. කෙසේ වෙතත් පැස්‌ටරිකරණය, ශීත කිරීම ආදියට යොමු කිරීම, මේ යෙදුම භාවිතයට බාධාවක් නො වේ. පහත දැක්‌වෙන නිර්දේශ සඳහා ප්‍රධාන ආහාර අධිකාරි අනුමැතිය (සෞඛ්‍ය සේවා අධ්‍යක්‌ෂ ජනරාල් ගේ) අවශ්‍ය ය. ෆ වෛද්‍යවරයකු හෝ වෛද්‍ය සංගමයක් හෝ විසින් නිර්දේශ කරන ලද වැනි වචන ඇතුළත් ලේබල්. වෛද්‍යවරයකු ගේ, වෛද්‍ය සංගමයක හෝ වෘත්තිකයකු ගේ නිර්දේශයක් සහිත බව වචනයෙන් හෝ පිංතුරවලින් හෝ වෙනත් ක්‍රමයකින් පළ කිරීම. ෆ යම් ආහාර වර්ගයක් සතු ව විශේෂ ගුණාංග සහිත බවට කෙරෙන ප්‍රකාශ. 2. පෝෂණ නිර්දේශ මේ නිර්දේශ අදාළ වන්නේ ආහාර තුළ ඇතුළත් කාබෝහයිඩේ්‍රට, ප්‍රොaටීන, විටමින, ඛනිජ ලවණ ආදි පෝෂ්‍ය පදාර්ථවලට ය. මේ මඟින් එක්‌කෝ විස්‌තර කෙරෙනුයේ ආහාරයේ ඇති පෝෂ්‍ය පදාර්ථ ප්‍රමාණය විය හැකි ය. උදා - කැල්සියම් ප්‍රභවයකි. එක්‌කෝ මෙමඟින් විස්‌තර කෙරෙනුයේ අදාළ ආහාරයේ ඇති පෝෂ්‍ය පදාර්ථ මඟින් ශරීර වර්ධනයේ දී ඉටු කෙරෙන කාර්යභාරය ගැන විය හැකි ය. උදා - කැල්සියම් අස්‌ථි හා දත් වර්ධනයට උදව් වේ. මේ නිර්දේශවලට අවසර දෙනු ලබන්නේ කොන්දේසිවලට යටත් ව ය. නිදසුනක් දක්‌වත හොත් සෝඩියම් අඩුවෙන් ඇත / අඩු සෝඩියම් වැනි සඳහනක් (ෂදඅ සබ Sදාසමප) කළ හැක්‌කේ ආහාරයේ ඇති සෝඩියම් ප්‍රමාණය ග්‍රෑම් 100කට ග්‍රෑම් 0.12 ඉක්‌මවන්නේ නැත්නම් පමණි. ෆ විශේෂ පෝෂණීය අගයන් යම් ආහාරයක් සතු යෑයි ප්‍රකාශ කළ හැකි වන්නේ ආහාරය සතු පෝෂණ අගයන් හා දෛනික පාරිභෝජනය සඳහන් ව තිබුණ හොත් පමණි. ෆ පෝෂ්‍ය පදාර්ථ එකකට හෝ වැඩි ගණනකට හෝ අදාළ ප්‍රමාණවත් ආහාරයක් ලෙස හැඳින්විය හැක්‌කේ ඇතුළත් පෝෂ්‍ය පදාර්ථවල දෛනික පාරිභෝජනය, එම පෝෂ්‍ය පදාර්ථවල / පෝෂ්‍ය පදාර්ථයේ නිර්දේශිත දෛනික පරිභෝජන අගයෙන් තුනෙන් එකක් වත් වූ විට ය. ෆ ආහාරයක් පොහොසත් / සාරවත් (Eබරසජයෑd) යන වදනින් හැඳින්විය හැක්‌කේ ඛනිජ, විටමින, ඇමිනෝ අම්ල ආදිය අමතරව එකතු කර ඇත්නම් (ස්‌වාභාවිකව පවතින ඒවාට අමතරව) පමණි. ඒවායේ ප්‍රතිශතය ද ලේබලයේ දැක්‌විය යුතු ය. ෆ විශේෂ භෝජන අවශ්‍යතා සඳහා සුදුසු ය යන යෙදුම යෙදිය හැක්‌කේ ආහාරය කුමන ආකාරයක භෝජන පිළිවෙත සඳහා දැයි ලේබලයෙහි විස්‌තර වන්නේ නම් පමණි. ආහාරය ශක්‌තිජනක එකක් ලෙස හෝ කැලරි ආධාරක එකක් ලෙස හැඳින්විය හැක්‌කේ එම ආහාරය මඟින් (දෛනික පරිභෝජනයෙන්) කිලෝ කැලරි 300ක් වත් ලබා දෙන්නේ නම් පමණි. එසේම ආහාරයේ ග්‍රෑම් 100ක් මඟින් සැපයෙන ශක්‌තිය කිලෝ කැලරිවලින් ලේබලයේ සඳහන් විය යුතු ය. 3. සෞඛ්‍ය නිර්දේශ ෆ කිසිදු ලේබලයක හෝ දැන්වීමක හෝ Dසැඒරහ Faඑs මඟින් හෘද රෝගවලට එරෙහි ව ආරක්‌ෂාවක් ලැබෙන බවට සඳහන් නො විය යුතු ය. ෆ යම් රෝගයක් වළක්‌වන සංඝටක ආහාරයේ ඇතුළත් බව සෘජුව හෝ වක්‍රව හෝ නො පැවසිය යුතු ය. ෆ ආහාරය කිසිදු රෝගයකට ප්‍රතිකාරයක් බව සෘජුව හෝ වක්‍රව හෝ නො පැවසිය යුතු ය. ෆ කෙට්‌ටු වීමට, බර පාලනයට හෝ බර අඩු කිරීමට ආහාරය සුදුසු බවට නිර්දේශ නො කළ යුතු ය. අන්තර්ගතය, ශක්‌ති අගය හා අනෙක් පෝෂණ තොරතුරු දැනගැනීමට අවශ්‍ය ය. ආහාර ඇසුරුමක් ඇත්නම් ආහාර ගැන දැන ගැනීමට ඇති එක ම ක්‍රමය ලේබලයයි. ලේබලයෙන් අදාළ සියලු තොරතුරු ප්‍රදර්ශනය කෙරෙන්නේ නම් පාරිභෝගිකයාට ඒ තොරතුරුවලින් දැනුවත් වී තෝරා ගැනීමක් කළ හැකි ය. සෞඛ්‍ය හා පෝෂණ අමාත්‍යංශය සහ ඤකකැටැ දෙ ඤපපමබසඑහ ඡයහිසජස්‌බි එක් ව ප්‍රකාශයට පත් කළ ඨමසාe එද Fදදා ඛ්ඉeකකසබට ) Adඩැරඑසිසබට Reටමක්‌එසදබි අත්පොතෙනි. සම්පාදකවරු ( සෞඛ්‍ය හා පෝෂණ අමාත්‍යංශයේ පාරිසරික, සහ වෘත්තීය සෞඛ්‍ය ඒකකයේ ප්‍රජා කායික වෛද්‍ය විශේෂඥ වෛද්‍ය එස්. එම්. ආනල්ඩ් සහ එම අමාත්‍යංශයේ පාරිසරික, වෘත්තීය සෞඛ්‍ය හා ආහාර ආරක්‌ෂණ ඒකකයේ හිටපු අධ්‍යක්‌ෂ වෛද්‍ය සී. කේ. ෂන්මුගරාජා පරිවර්තනය ( මනෝඡ් රත්නායක |
||||
|
||||