|
රෝහලේ විත්ති
අදහගන්න බැරි ඇත්ත කතාවක් හිතට දැනෙන දුකෙන් වෙන් වෙලා හැංගෙන්න තැනක් හිත හොයනවා. කොහොම හිතුවත් අන්තිමට නතර වෙන්නෙ ගෙදර..... ලෝකයේ මේ වගේ නපුරුකම් අසාධාරණකම් දකිද්දි ඇස් පනාපිට ම, නංගිත් එක්‌ක දඟ කරලා සෙල්ලම් කරපු පුංචි කාලයට ගිහින් අතරමං වෙන්න හිත කියනවා, ආයෙමත් මේ වයසට නො එන්න ම. මේ ලෝකෙ තියෙන දුෂ්ඨකම් ගැන දශමයක වත් අවබෝධයක් නො තිබුණ ඒ කාලෙ කොච්චර නම් සැහැල්ලු ද... මේ කතාව කොහෙන් කොහොම පටන් ගන්න ද කියල තේරෙන්නෙ නෑ..... ඒත් කියන්න ම ඕන කතාවක්. පුංචි එවුන් ගේ සිනා හඬ, සෙල්ලම් බඩු හඬ, ඒ වගේම ඉඳලා හිටලා හරි ඇහෙන හැඬුම් හඬ නිසා ළමා වාට්‌ටුවෙ දි පුංචි පාළුවක් වත් දැනුණෙ නෑ. පුංචි මල් පෙති වගේ පොඩි උන්ව උස්‌සගෙන පුංචි හෙම්බිරිස්‌සාවටත් ඉස්‌පිරිතාලෙ දුවගෙන එන අම්මල ගෙ මූණුවල තියන දුක, බය නම් මේ පුංචි මූණුවල ගෑවිලා වත් නැහැ. යන්තම් උණ බැහැගෙන එද්දි ළඟ ඉන්න යාළුවෙක් එක්‌ක සෙල්ලමට යන්න මයි බලන්නේ. මේ දේවල් බලාගෙන මේ වාට්‌ටුවෙ ම ඉන්න හිතෙනවා හැම දා ම හරි. ඒත් මේ වගේ වාට්‌ටුවකින් ලබපු පුදුම විදිහට දුක හිතෙන මේ අත්දැකීම මගෙ හිතේ හැම දා ම හොල්මන් කරාවි. උදරාබාධ වැළඳුණ දරුවන් හැම කෙනෙක් ම හිටියෙ වාට්‌ටුවෙ ඈත ම කොනේ. අනිත් දරුවන්ටත් ඒවා පැතිරෙන එක වළක්‌වන්න ගත්තු පියවරක් තමයි ඒක. වෛද්‍ය සිසුන් වැඩි දෙනෙක් අතින් සුලබවම මඟහැරෙන ඇඳවල් කිහිපයක් ඒ. ඒත් කුමක් දෝ හේතුවක් නිසා මගේ පා ඒ දෙසට ඇදුණා. "කවුරු හරි බබෙක් සෙල්ලම් බඩුවක් වත් ඉල්ලුවොත් දෙන්න එකක් වත් නෑ" හිත මට කිවුවා. ඇත්තමයි ෘ මම ගෙනාව සෙල්ලම් බඩු සේරම එක එක බබාල ළඟ...... දැන් මට ඒවා එකක් වත් අයිති නෑ වගේ... ඒයාල ගෙ පුංචි ලෝකෙ ඒවා හිර කරගෙන......" රෝස මලක් වගේ ලස්‌සන ම ලස්‌සන පුංචි බබෙක් ඇඳක සැප නින්දක. ඊළඟ ඇඳ........ මාව තිගැස්‌සුණා........ ඔහු හෝ ඇය හිසේ සිට දෙපතුල් දක්‌වා පෙරවාගෙන නිදි. ඒත් කකුලේ කොටසක් පොරවනයෙන් මඳක් එළියට පැනලා තිබුණා. මාව තිගැස්‌සුවෙ ඒ කකුල. "පිච්චිල ද?" මට ලොකු ගැටලුවක්. ඒත් ඒක වෙනස්. සමහර තැන්වල හම ගැලවිලා යනවා. තවත් තැන් වල හම රළු වෙලා, ඝන වෙලා...... නියපොතුත් එහෙමයි. හම රළු වුණ තැන කෑලි කෑලි කැඩිලා යනවා. මට කිසි ම දෙයක් හිතා ගන්න බැරි වුණා. ළඟ ඉන්නෙ අම්මා වෙන්න ඇති. ඇය මා සමග මඳක් හිනා වුණා. "මේ බබා ගෙ අම්ම ද?" මම ඇහුවා. "නෑ ඩොක්‌ට, මමයි මෙයාව බලාගන්නේ...... ළමා නිවාසෙ ඉන්නෙ මෙයා" "ආ එහෙම ද? මොකද අම්මෙ බබා ගෙ කකුලට උණේ? ඈ පිළිතුරක් නො දී ම පොරවනය අයින් කළා. වෛද්‍ය විද්‍යාලය තුළ ගත කළ අවුරුදු 4 තුළ තබා මුළු ජීවිත කාලයේ ම දැක නැති එම දර්ශනයෙන් මගේ හිත සසල වෙලා ගියා. "මෝඩ විදිහට බලන්න එපා. ඵ්dසජ්ක Sඑමාeබඑ කෙනෙක් වගේ හැසිරෙන්න." මගේ හිත හෙමින් මට විධාන කළා. ඇය ගේ දෙපා පමණක් නො ව දෑත් ද අසාමාන්‍ය ලෙස සම ගැලවී යැමක් පෙන්නුම් කළා. ඇතැම් තැන් පුපුරා ලේ ගැලීමට ආසන්න තත්ත්වයක් තිබුණා. සිඟිති මුව වටා ද හම ගැලවී යමින් තිබුණ අතර ම හිස කෙස් ද ඉතා තුනී, ඒ වගේ ම දුර්වලත් වෙලා. ඇය ගැන මෙහෙම නිරීක්‌ෂණයක යෙදුණත් රෝගී තත්ත්වය කුමක් ද කියා මට කිසි ම අවබෝධයක් තිබුණෙ නෑ. "අම්මා මෙයා ගෙ විස්‌තර, රෝග වාර්තාව තියන Fසකැ එකක් තියනව ද?" "තියෙනවා." එය ඉතා ම පිළිවෙළකට සකසා තිබුණා. සියලු ම රෝග විනිශ්චය කාඩ් පත් ලැමිනේට් කර තිබුණ අතර අතින් අඳින ලද අලංකාර චිත්‍රයක් ෆයිල් කවරයේ මුල් පිටුව හැඩ කළා. "කවුද මේක මේ විදිහට හැදුවේ?" "මෙයා ඉන්න ළමා නිවාසයේ සිස්‌ටර් තමයි මේවා කරන්නේ". ෆයිල් එකේ පිටු එකින් එක පෙරළමින් මම ඇය ගේ රෝග වාර්තා පිළිබඳව කරුණු සෙව්වේ, රෝග විනිශ්චය සොයා ගන්නයි. "Eචසාeරපදකහිසි ඉමකකදිa" රෝග විනිශ්චය එසේ සටහන් වී තිබුණා. එය දුර්වල සංජානීය රෝගී තත්ත්වයක්. හම ගැලවී යන ස්‌වභාවය සහ නැවත නැවතත් ඇති වන තුවාල තත්ත්වය මෙහි රෝග ලක්‌ෂණයයි. සමහර අවස්‌ථාවල මෙවැනි දරුවන් ඉමඑඑeරකෙහ ජයසකාරුබ (සමනළ දරුවන්) ලෙසින් හඳුන්වන්නේත් සමනළ තටු වගේම බිඳෙනසුලු ඔවුන් ගේ සම නිසයි. (Eචසාeරදපකහිසි ඉමකකදිa ඛසබන - යඑඑචරැරැeබගඅසනසචැdස්‌ගදරටරැඅසනසරැeචසාeරපදකහිසි-ඉමකකදිa යඑඑචරැරැeපැdසජසබැගපැdsජ්චැගජදපරැaරඑසජකැරැ1062939-දඩැර) "බබා ගෙ අම්මයි තාත්තයි නෑදැයො ද?" "මෙයා ගෙ අම්මයි තාත්තයි අයියයි, නංගියි නෙ" මාව ටිකක් විතර තිගැස්‌සුණා. ඒත්.... "ආ..... ඒ කියන්නෙ නෑනයි, මස්‌සිනයි?" ලේ නෑයින් අතර විවාහ සිදු කිරීමේ කිසිදු පිළිවෙතක්, වෛද්‍ය විද්‍යාවෙ දි අනුමත නො කරන්නේ මේ වගේ විකෘති, සංජානීය ආබාධ ඇති වීමේ අවදානමක් පවතින නිසා. "නෑ ඩොක්‌ට, අයියයි නංගියි" මේක නම් හතර බීරි කතාවක්. අයියයි නංගියි? එහෙම දේවලුත් මේ ලෝකෙ වෙනව ද? සිංහබාහු කතාවේ එන සිංහබාහුයි සිංහසීවලියි ලාට රටට පැනලා ගියාට පස්‌සෙ විවාහ වුණා කියලා ජනප්‍රවාදවල නම් කියනවා. ඒත් ඊට පස්‌සෙ මේ වගේ කතාවක් නම් අහලා නෑ....... ශිෂ්ට මිනිස්‌සු ඉන්න සදාචාර සම්පන්න සමාජයක වෙන්න පුළුවන් ද මේ වගේ දේවල්? මට තාමත් විශ්වාස නැහැ. "එක ම පවුලෙ අයියයි නංගියි...?" "ඔවු එක්‌කුසේ උපන් අයියයි නංගියි." "කොහොම ද එහෙම වුණේ..?" "කොහොම වුණා ද කියල මට නම් හිතාගන්න බෑ.... ඒත් මට තේරෙනවා මේ නිසා මේ දරුවා විඳින්නේ ලොකු වේදනාවක්".. ඇය පවසයි. අප පවසන දේ කිසිවක් සිඟිත්තියට නෑසේ. ඇය තවමත් තද නින්දේ..... එය වාසනාවක්...... මෙවන් වූ අකටයුතු කම් බහුල ලෝකයක අනුන් ගේ වැරැදිවලට දුක් විඳින්නේ ඇයයි. මට සහෝදරයො නැහැ... ඒත් මගේ යාළුවන්ට ඉන්නවා..... ඒ හැම දෙනා ම තමන් ගෙ නංගිලට දක්‌වන ආදරය සහ සැලකිල්ල ගැන මම හොඳින් ම දන්නවා. ඒ වගේ අයියලා අතර මේ වගේ කෙනෙකුත් මේ ධර්මද්වීපය ඇතුළෙ කොහෙ හරි ඉඳල තියනවා.... "එතකොට දැන් මේ බබා ගෙ අම්මලා තාත්තලා ඉන්නේ කොහේ ද?" "තාත්තා නම් ආගිය තැනක් නැහැ ලු... දරුවා ඉපදිලා ටික කාලෙකින් මෙහෙම ලෙඩක් තියනවා කියලා දැන ගත්තම අම්මත් මෙයාව අතඇරලා දාලා........ ඒත් ළමා නිවාසෙ සිස්‌ටර්ල මෙයාව හොඳින් බලා ගන්නවා......." ඒ ගැන වෙනත් වචනයක් වත් අහන්න මට ඕන වුණේ නෑ. කව දා වත් අමතක නො වන විදිහට ඒ අහිංසක දැරිය ගෙ රූපය මගේ හිතේ සටහන් වුණා. Eචසාeරපදකහිසි ඉමකකදිa ගැන දැනගත්තට වඩා, කව දා වත් දැනගත්තේ නැත්නම් හොඳයි කියලත් මට වෙලාවකට හිතෙනවා. සින්ධූපා සෙනෙවිරත්න වෛද්‍ය විද්‍යාලය (4 වැනි වසර), ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය |
||||
|
||||