logo3.gif (702 bytes)

arrow7.gif (1098 bytes)


පලා වර්ග සහ ඖෂධීය පැළෑටි

පොල්පලා
 

ව්‍යාප්තිය - ඉන්දියාව, මැලේසියාව, ජාවා දූපත්, සුමාත්‍රාව, ඝර්ම කලාපීය අප්‍රිකාව, ශ්‍රී ලංකාව වැනි රටවල බහුලව දක්‌නට ලැබේ. ශ්‍රී ලංකාවේ සෑම පළාතකම වැවෙන පොල් පලා වාර්ෂික බෝගයකි.

රූපාකාරය - සෙ.මී. 60ත් 75ක්‌ පමණ උසකට වැවෙයි. කඳේ පාදස්‌ථ කොටස හෙවත්a පහළ කොටස රළු අතර බූව සහිත වෙයි. බොහෝ අතු බෙදී ඇත. තනි පැළයක්‌ ලෙස වගා කෙරෙන විට අතු 10ත් 50ක්‌ අතර ප්‍රමාණයක්‌ හට ගනී. කඳේ හටගන්නා පත්‍ර අණ්‌ඩාකාර ස්‌වභාවයක්‌ ගනී. පත්‍ර දිගින් සෙ.මී. 1.5ත් 3.5ත් හා පළලින් සෙ.මී. 1ත් 1.5ත් අතර වෙයි. මල්, කොළ මිශ්‍ර සුදු පැහැයක්‌ ගනී. ඉතා කුඩා මල් ද්විලිංගික ය. මල් විශාල ප්‍රමාණයක්‌ පොකුරු වශයෙන් හටගනී. වසර පුරා ම මල් හටගනී.

ඖෂධීය ගුණ - මුත්‍රා පිරිසුදු කිරීමේ ගුණයක්‌ මෙන්ම මුත්‍රා ගල් දිය කිරීමේ හැකියාවක්‌ ද ඇත. විෂ නැසීමේ ගුණයකින් ද යුක්‌ත ය. උදෑසන ආහාරයට පොල්පලා කැඳක්‌ ලෙස හෝ දෛනික ආහාරයට පලා මැල්ලුමක්‌ ලෙස හෝ යොදාගත හැකි ය. ඔසු පැන් වශයෙන් පිපාසයට බීමෙන් ඉහත සඳහන් රෝග සුව වෙයි. මුත්‍රා අඩස්‌සිය ඇති විට දී පොල්පලා සම්පූර්ණ ගස තම්බා බීමෙන් හොඳින් මුත්‍රා පහ වී අඩස්‌සිය සමනය වෙයි.

වගා කිරීම - ගෙදර දොරේ ප්‍රයෝජනය සඳහා ගෙවත්තේ හෝ මිදුලේ පාත්තියක හෝ පෝච්චියක හෝ පහසුවෙන් වගා කළ හැකි ය. ආර්ථික බෝගයක්‌ වශයෙන් ද ගෙවත්තේ පහසුවෙන් වගා කළ හැකි ය. බීජ පැළ සිටුවා මාස 2 1/2කින් හා බීජ ඉස මාස 4ත් 4 1/2ත් අතර කාලයක්‌ ගත වූ විට අස්‌වනු නෙළාගත හැකි ය.

වගා කිරීම සඳහා නිර්දේශිත ප්‍රභේද නැතත් වගාව සඳහා බීජ තෝරා ගැනීමේ දී හොඳින් වැඩුණු නිරෝගී පැළවලින් බීජ ලබාගත යුතු වෙයි. හොඳින් මේරූ කිනිති පොඩි කර බීජ ලබාගත හැකි ය. සම්පූර්ණයෙන් පිරිසිදු කළ කළු පැහැ බීජ හෝ වියළා පොඩි කළ මල් කොටස්‌ කෙළින් ම වැපිරිය හැකි ය. හේනක ආකාරයට වපුරන්නේ නම් මඳක්‌ පස බුරුල් කර බීජ වපුරා තුනී පස්‌ තට්‌ටුවකින් වසා දැමිය යුතු වෙයි. හොඳින් හිරු එළිය වැටෙන බිමක සෙ.මී. 45ක පමණ පරතරයකින් වළවල් සාදා පස බුරුල් කර කොම්පෝස්‌ට්‌ මිශ්‍ර පස්‌ පුරවා සති 5ත් 6ත් අතර වයස්‌ ප්‍රමාණයක්‌ ඇති පැළ 2 බැගින් සිටුවිය යුතු ය.

මුල් දින කීපය තුළ ජලය හොඳින් යෙදිය යුතු ය. වර්ෂා කාලයේ දී ජලය යෙදීම අවශ්‍ය වන්නේ නැත. මුල් මාස දෙක තුළ වල් පැළ මර්දනය කළ යුතු වෙයි. මාස 3ත් 4ත් අතර කාලයක දී මල් පිපුණු පසු මුළු ශාකය ම ගලවාගත යුතු වෙයි. සෙවණ සහිත තැනක දින 1ත් 3ත් අතර කාලයක්‌ මඳ පවනේ කොළ පැහැය නො නැසෙන සේ වියළාගෙන වෙළෙඳ පොළට යෑවිය හැකි ය.

රසායනික සංඝටක - පොල්පලා පිළිබඳව සිදු කර ඇති රසායනික විශ්ලේෂණ අනුව බීටා-සිටොස්‌ටෙරිල්, පැල්මිටේට්‌, බීටා ඇමයිරින්, බීටා-සීටොස්‌ටෙරොල් අඩංගු වන බව සොයාගෙන ඇත.

හාතාවාරිය
 

ව්‍යාප්තිය - ඉන්දියාව, නිවර්තන අප්‍රිකාව, ජාවා දූපත්, ඔස්‌ටේ්‍රලියාව සහ ශ්‍රී ලංකාවේ පහතරට වියළි ප්‍රදේශවලත් තෙත් කලාපයේත් සරුවට වැවේ.

රූපාකාරය - බොහෝ අතු බෙදුණු, විහිදී වැඩෙන, ආරෝහකයක්‌ හෙවත් වැලකි. පත්‍ර සහ කඳ කොළ පාට ය. කටු සහිත ය. කොළ පැහැති කඳ ත්‍රිකෝණාකාර කොටස්‌වලින් සෑදී ඇත. මේ කොටස්‌ 2ත් 6ත් අතර ප්‍රමාණයක්‌ එක්‌ වී කඳ සෑදී ඇත. පත්‍ර ආකාරයට මේ කඳන් දිස්‌ වෙයි. මුල් නාළාකාර අල ලෙස වර්ධනය වෙයි. අල සුදු පැහැති ය, කුඩා ය, සුවඳක්‌ ඇත. තනි වශයෙන් හෝ අතු බෙදුණු ආකාරයට හෝ අල වර්ධනය වෙයි.

ගෙඩිය රතු පාට ය. ගෙඩියේ බීජ 1ක්‌a හෝ 2ක්‌ අතර ප්‍රමාණයක්‌ ඇත. සුදු පැහැති මල් රාශියක්‌ හටගනී. මල් ද්විලිංගික ය. මිහිරි සුවඳක්‌ ඇත. අතු බෙදුණු පුෂ්ප මංජරිවල මල් රාශියක්‌ හට ගනී.

ඖෂධීය ගුණ - ශරීර ශක්‌තිය වර්ධනය කරයි. රුධිරයේ ආම්ලිකතාව අඩු කරයි. මුත්‍රා හොඳින් පහ කරයි, සන්ධි ඉදිමුම්වල දීත්, අධික ලෙස මස්‌ ආහාරයට ගැනීම නිසා රුධිරයේ ඇති වන ආම්ලිකතාව නැති කිරීම සඳහාත් හාතාවාරිය අල මිරිකාගත් යුෂ බීම වඩාත් සුදුසු ය. එළකිරිවලින් තම්බාගත් හාතාවාරිය අල ආහාරයට ගැනීම ශරීර ශක්‌තිය වර්ධනය කිරීමට හේතු වෙයි.

උදෑසන ආහාරයක්‌ ලෙස හාතාවාරිය කොළ කැඳ ගැනීම ශරීරගත රෝග රාශියක්‌ සමනය කිරීමට හේතු වෙයි. හාතාවාරිය කොළ යුෂ සමග පිසගත් හීනටි හාල් කැඳ ලුණු නැතිව ගිතෙල් සමග පානය කිරීම අක්‌ෂි රෝගවලට ගුණදායක ය. හාතාවාරිය කොළ කැඳ පිත සමනය කරයි. වාතය නසයි. ශරීර දැවිල්ල නැති කරයි. ස්‌ත්‍රීන් ගේ අධික ලෙස ඔසප් වීම වළක්‌වයි. ශරීර ශක්‌තිය වඩන පානයක්‌ ලෙස ප්‍රසිද්ධ ය. සර්ප විෂ ශරීරගත වූ විට හාතාවාරිය කොළ කොටා ගත් යුෂ පොල් කිරි දමා තණ හාල් සමග කැඳ පිස ලුණු නො දමා බීමට දීමෙන් ටික වේලාවක දී විෂ බැස යයි.

හාතාවාරිය අල කැඳ පිසීමේ දී හාතාවාරිය අලවල පොතු හැර මැද නාරටිය ඉවත් කර කැඳ පිසින සාමාන්‍ය ක්‍රමයට පිසගත් විට වාතය හා පිත නසයි. දියවැඩියාවට ගුණදායක ය. ස්‌නායු ශක්‌තිමත් කරයි. හදවතට ද හිතකර ය.

පෝෂ්‍ය ගුණය -


වගා කිරීම - හීන් හාතාවාරිය හෙවත් හාතාවාරිය වියළි කලාපයේ සරුවට වැවෙන ශාකයකි. ජලය නො රඳන වැලි හෝ මෘදු ලොම් හියුමස්‌ මිශ්‍ර පසේ අඩි 3දූ3ක පරතරය ඇති පේළි ආකාරයට සිටුවාගත හැකි ය. බීජ තවාන් කර ලබාගත් පැළ සති 6ත් 8ත් අතර කාලයක දී ගලවා ඉහත සඳහන් කළ ආකාරයට පරතරය ඇති ව සිටුවාගත යුතු ය.

ගෙවත්තේ හෝ ගෙමිදුලේ හෝ විසිතුරු ආරුක්‌කුවක්‌ (aරජය) ආකාරයට වගා කළ හැකි ය. වැටකට හෝ අතු රිකිලි ආධාර කරගෙන හෝ මල් බඳුනක හෝ වගා කළ හැකි ය.

සිටුවූ මුල් කාලයේ දී ජලය යෙදීම අත්‍යවශ්‍ය වෙයි. වගා කර මාස 9ත් 12ත් අතර කාලයක්‌ ගත වූ පසු මල් පිපුණු වැල මැරී යයි. මැරී යන වැලෙන් අල ගලවා ඉවත් කර අව්වේ වියළාගත යුතු වෙයි. වගා කර මාස 3ත් 6ත් අතර කාලයක්‌ ගත වූ පසු සෑම සති දෙකකට වරක්‌ ළපටි කොළ පැහැ කඳ කපා වෙළෙඳ පොළට යෑවිය හැකි ය. හීන් හාතාවාරිය අල මෙරටට ඉන්දියාවෙන් විශාල වශයෙන් ආනයනය කරන බැවින් ආර්ථික බෝගයක්‌ ලෙස වගා කිරීමෙන් විදෙAශ විනිමයක්‌ ඉතිරි කර ගත හැකි ය.

කරපිංචා
 

ව්‍යාප්තිය - ඉන්දියාව, බංගලාදේශය, බුරුමය මෙන්ම ශ්‍රී ලංකාවේ බහුලව වැවෙයි. විශේෂයෙන් ශ්‍රී ලංකාවේ වියළි කලාපයේ සරුවට වැවේ.

රුපාකාරය - කරපිංචා සහ වල් කරපිංචා යනුවෙන් වර්ග දෙකකි. බහුවාර්ෂික ශාකයකි. මීටර් 5ක්‌ පමණ උසට වැවේ. තනි ගස්‌ වශයෙන් හෝ පඳුරු වශයෙන් හෝ දක්‌නට ලැබේ. සංයුක්‌ත පත්‍ර වින්‍යාසයක්‌ හෙවත් පත්‍ර කිනිත්තක කුඩා පත්‍ර රාශියක්‌ හටගනී. කුඩා පත්‍රවල සියුම් රෝම දක්‌නට ලැබේ. පත්‍ර කඳ කොළ පැහැති ය. වල් කරපිංචා එතරම් සුවඳ නැතත් කරපිංචාවල සුවිශේෂී සුවඳක්‌ ඇත. කරපිංචා දලු රත් පැහැයෙන් යුක්‌ත ය. වල් කරපිංචා දලුවල එවන් පැහැයක්‌ දක්‌නට නැත. මල් පොකුරු අතු බෙදුණු ස්‌වභාවයක්‌ ගනී. කිනිති අග මල් හටගනී. මිහිරි සුවඳක්‌ ඇත. වසරේ දෙසැම්බර් හා අගෝස්‌තු යන මාසවල දී මල් හටගනී. මල් මෝරා ඇට හටගනී.

වගා කිරීම - ඕනෑ ම ගෙවත්තක දෛනික ප්‍රයෝජනය සඳහාත් ආර්ථික බෝගයක්‌ ලෙසත් වගා කළ හැකි ය. වසර පුරා ම අස්‌වැන්න ලබාගත හැකි ය. අස්‌වැන්න ලබා ගැනීමට අතු කපා ගැනීම වඩාත් සුදුසු ය. කැපූ අතුවලින් නව අතු රිකිලි වර්ධනය වීම අස්‌වැන්න වැඩි වීමටත් ගසේ දිගු කල් පැවැත්මටත් හේතු වෙයි.

ඖෂධීය ගුණ - ආහාර අජීර්ණය, කෑම අරුචිය, බඩගින්න නැතිකම, බඩේ කැක්‌කුම, බඩ පුරවා දැමීම වැනි අවස්‌ථාවල දී කරපිංචා කොළ දෛනික ආහාරයට මැල්ලුමක්‌ ලෙස හෝ සම්බෝලයක්‌ ලෙස හෝ ලුණු මිරිසක්‌ ලෙස හෝ යොදා ගැනීමෙන් දෝෂ තත්ත්වය සුව වෙයි.

කරපිංචා කොළ කැඳ උදෑසන ආහාරයට එක්‌ කර ගැනීම ද කලින් සඳහන් කළ දෝෂ තත්ත්ව මඟහැරවීමට හේතු වෙයි. සර්ප විෂ ශරීරගත වූ විට කරපිංචා කොළ කැඳ හීනටි හාල් සමග පිස ලුණු නො දමා හිස්‌ බඩ බීමෙන් විෂ නැති වී යයි. සෙංගමාල රෝග අවස්‌ථාවේ දීත් ඉහත සඳහන් ආකාරයට උදෑසන බීමෙන් සුවය ලැබෙයි.. විද්‍යාත්මක පර්යේෂණවලින් රුධිරගත කොලෙස්‌ටරෝල් අඩු කිරීමේ ගුණයක්‌ ඇති බැව් හෙළි වී ඇත. දේශීය වෛද්‍ය විද්‍යාවේ දීත් රුධිරගත කොලෙස්‌ටරෝල් අඩු කිරීම සඳහා දිනපතා ආහාරයට කරපිංචා ඇතුළත් කර ගන්නා ලෙස නිර්දේශ කර ඇත.

පෝෂ්‍ය ගුණය -



ආහාර රසවත් කිරිමේ ද සුවිශේෂී ගුණයක්‌ ඇත.

මුකුණුවැන්න
 

ව්‍යාප්තිය - ශ්‍රී ලංකාව ඇතුළු ඝර්ම කලාපීය රටවල වැවෙන පැළෑටියකි. ආර්ද්‍රතාව වැඩි ප්‍රදේශවල ද වැවෙන මෙය ඉන්දියාවේ උණුසුම් ප්‍රදේශවල ද දක්‌නට ලැබේ.

රූපාකාරය - පඳුරු හා වැල් යන ආකාර දෙකට ම මුකුණුවැන්න දක්‌නට ලැබේ. පඳුරු මුකුණුවැන්න රතු කොළ සහ කහ යන පැහැ මිශ්‍ර වර්ණවලින් ඇත. අහාරයට ගන්නේ කොළ පැහැති විශේෂය ය. ඖෂධ පිණිස වැල් ආකාර මුකුණුවැන්න බෙහෙවින් ගනී. සෙ.මී. 15ත් 60ත් අතර දිග ප්‍රමාණයකට වැවෙන මුකුණුවැන්න පත්‍ර සෙ.මී. 1.5ත් 5ත් අතර දිගකින් හා සෙ.මි. 0.7ත් 1.7ත් අතර පළලකින් යුක්‌ත වෙයි. කඳ දෙපසින් පත්‍ර පිහිටා ඇත. පත්‍ර කඳට සවි වන තැන සුදු පැහැති මල් හටගනී. මල් වසර පුරා ම දක්‌නට ලැබේ. මල් මේරීමෙන් හට ගන්නා බීජ මිලිමීටර් 1.2ක පමණ විෂ්කම්භයකින් යුක්‌ත වෙයි.

ඖෂධීය ගුණ - පිත සමනය කරන ගුණයක්‌ ඇත. කුසගිනි වඩවයි ආහාර රුචිය වැඩි කරයි. ඇස්‌ රෝග, පීනස, මුත්‍රා සමග ලේ පිට වීම මෙන්ම දියවැඩියාව රෝගය සුව කිරීමේ ගුණයක්‌ ද මුකුණුවැන්නවලට ඇත. දෛනික ආහාරයට මැල්ලුමක්‌ වශයෙන් වෑංජනයක්‌ වශයෙන් ද උදෑසන ආහාරයට කැඳක්‌ වශයෙන් ද මුකුණුවැන්න යොදාගත හැකි ය.

පෝෂ්‍ය ගුණය -



වගා කිරීම - වසරේ ඕනෑ ම කාල සීමාවක වගා කළ හැකි ය. ගෙදරදොරේ දෛනික ආහාරයට අවශ්‍ය පරිදි වගා කළ හැකි මුකුණුවැන්න වාණිජ මට්‌ටමින් ද වගා කළ හැකි ප්‍රධාන පලා වර්ගයකි. මුකුණුවැන්න වගාවට පස නිතර ම තෙත ස්‌වභාවයක්‌ තිබිය යුතු ය. එබැවින් ඕවිටිවල සරුවට වගා කළ හැකි ය. වසර පුරා ම ජලය සැපයීමට හැකියාව ඇත්නම් ශ්‍රී ලංකාවේ ඕනෑ ම ප්‍රදේශයක වගා කළ හැකි ය. වගාව ආරම්භ කිරීමට වැසි කාලයක්‌ තෝරා ගැනීම අත්‍යවශ්‍ය වෙයි. දඬු වැපිරීමෙන් හෝ සිටුවීමෙන් හෝ වගා කරගත හැකි ය. සිටුවා සති 4කට පසු වරින් වර අස්‌වැන්න නෙළාගත හැකි ය.

ඉරමුසු
 

ඉන්දියාවේත් ශ්‍රී ලංකාවේත් වැවෙන කුඩා පැළෑටියකි. ශ්‍රී ලංකාවේ පහත් සහ තරමක්‌ උස්‌ තෙත් හා වියළි ප්‍රදේශවල සරුවට වැවේ. ඉන්දියාවේ වර්ගයට වඩා ශ්‍රී ලංකාවේ වැවෙන වර්ගයේ මුල් සුමට ය.

රූපාකාරය - බිම දිගේ වැලක්‌ ලෙස අධාරකයක එතෙමින් වැඩෙන පැළෑටියකි. දිගු කඳ සිහින් ය. රේයව හෝ දික්‌ වූ රවුම් හැඩැති පත්‍ර මතුපිට සුදු ඉරක්‌ සහිත තද කොළ පැහැයෙන් යුක්‌ත වෙයි. පත්‍ර කඳේ දෙපැත්තේ ම හටගනී. පත්‍ර කඳට සවි වන තැනින් මල් හට ගනී. සෑම වසරක ම පෙබරවාරි සහ මාර්තු යන මාසවල හටගන්නා මල්වල පෙති පිට පැත්ත කොළ පැහැයක්‌ ගනී. ඇතුළු පැත්ත දම් පාට ය. රැළි ගැසී ඇත. සිලින්ඩර හැඩයකින් යුත් දිග ගෙඩි කොටස්‌ දෙකකින් යුක්‌ත ය. බීජ කළු පැහැති ය. බීජ අග සුදු පැහැති කෙඳි සහිත වෙයි.

ඖෂධීය ගුණ - ඖෂධ සඳහා සම්පූර්ණ පැළැටිය ම ගනී. තුන් දොස්‌ හෙවත් වා, පිත්, සෙම් නැසීමේ ගුණයක්‌ ඇත. ලේ පිරිසුදු කිරීමේ ගුණයක්‌ ඇති බැවින් කිරි දෙන මවුවරුන්ට සහ දියවැඩියාව රෝගීන්ට හිතකර ය. ආහාර ජීර්ණය කර රුචිය වඩවයි. හොඳින් මළ පහ කරවයි. ආහාර අසාත්මිකතා ඇති අවස්‌ථාවක දී ඉරමුසු තම්බා බීම හෝ ඉරසුමු මුල් කුඩු කර උණුවතුරට දමා තම්බා බීම වඩාත් සුදුසු ය.

මී විෂ ශරීරගත වූ විට ඉරමුසු මුල් කසාය ගිතෙල් සමග බීමෙන් විෂ සහිත බව නැති වෙයි.

මේ සියලු දෝෂ නැති කර ගැනීම සඳහා උදෑසන ආහාරයක්‌ වශයෙන් හෝ ඉරමුසු කැඳ පිස බීම වඩාත් සුදුසු වෙයි. හිස කෙස්‌ වර්ධනය කිරීමේ හැකියාවක්‌ ද ඉරමුසුවලට ඇත.

උපදංශ රෝගය සුව කිරීමේ ද ගුණයක්‌ ඇති බැව් දේශීය වෛද්‍ය විද්‍යාවේ පෙන්වා දෙයි.

වගා කිරීම - ශ්‍රී ලංකාවේ පහත් සහ තරමක්‌ උස්‌ හා වියළි ප්‍රදේශවල ඉරසුමු වගා කළ හැකි ය. ඉරමුසු වර්ග දෙකකි. හීන් ඉරමුසු ශ්‍රී ලංකාවේ දක්‌නට ලැබේ. ඖෂධ පිණිස මහ ඉරමුසු ඉන්දියාවෙන් ගෙන්වනු ලැබේ.

රසායනික සංඝටක - ඉරමුසු පැළෑටියේ මුල් රසායනික විශ්ලේෂණවලට ලක්‌ වී ඇත. හේතුව ඖෂධ පිණිස වඩාත් ම ඉරමුසු මුල් යොදා ගැනීම ය. වියළි ඉරමුසු මුලෙහි සගන්ධ තෙල්  සියයට 0.225%ක සාන්ද්‍රණයක්‌ ඇත. මේ සගන්ධ තෙල්වල අඩංගු පැරාමිතොක්‌සි සැලසිලික්‌ ඇල්ඩිහයිඩ් නම් සංයෝගය ඊට ආවේනික සුවඳක්‌ ලබා දෙයි. මේ හැරුණු කොට බීටා සිටොස්‌ටෙරොල් සහ බීටා ඇමයිරින්, ලියුපියොල් යන රසායනික සංයෝග රාශියක්‌ අඩංගු ය.

එරබදු
 

ව්‍යාප්තිය - ඉන්දියාව, මියන්මාරය, මලක්‌කාව, පිලිපීනය සහ ශ්‍රී ලංකාව වැනි රටවල දක්‌නට ලැබේ. ශ්‍රී ලංකාවේ පහතරට පෙදෙස්‌වල බහුලව දකනට ලැබේ. බොහෝ ගෙවතුවල වැට මායිම් සඳහා එරබදු ශාකය සිටුවයි.

රූපාකාරය - මීටර් 20ක්‌ පමණ උසට වැවෙන මධ්‍යම ප්‍රමාණයේ ගසකි. පිටපොත්ත සිනිඳු ය. තුනී ය. කහ හෝ කොළ පැහැයට හුරු අළු පාටින් යුක්‌ත ය. කදේ තැනින් තැන කළු පැහැති තියුණු කටු වැනි තුණ්‌ඩ (ඡරසජනකැs) දක්‌නට ලැබේ. පත්‍රයක්‌ එක නටුවේ පත්‍රිකා තුනකින් යුක්‌ත ය. විශාල පත්‍ර සෙ.මී. 10-15 අතර ප්‍රමාණයක්‌a දිගු ය. සෙ.මී. 9ත් 12ත් අතර ප්‍රමාණයක්‌ පළල් ය. මල් ද්විලිංගික ය. දීප්තිමත් රතු පැහැති ය. එක පොකුරේ මල් දෙකක්‌ හෝ තුනක්‌ හෝ දක්‌නට ලැබෙයි. රතු දම් පැහැති මල් හටගන්නා එරබදු ශාක ද ඇත. වසරේ පෙබරවාරි, මැයි යන කාල සීමාව දක්‌වා මල් හටගනී. සිංහල අවුරුදු කාලය ළං වන විට ශ්‍රී ලංකාවේ එරබදු ගස්‌වල මල් හටගන්නා බැව් පෙනේ. මල් හට ගැනීමෙන් පසු හටගන්නා කරල් සිලින්ඩරාකාර ය. කරලක බීජ 12ක්‌ පමණ දක්‌නට ලැබේ. මැයි, ජුනි යන කාල සීමාවල කරල් මෝරයි.

ඖෂධීය ගුණ - ඖෂධීය ගුණයෙන් පිරිපුන් එරබදු කොළ, පොතු හා ඇට යන සියල්ල ම ඖෂධ පිණිස ගනි. ළපටි එරබදු දලු හෝ කොළ පලාවක්‌ ලෙසටත්, මැල්ලුමක්‌ ලෙසටත් ආහාරයට ගත හැකි ය. ළපටි එරබදු දලු ආහාරයට ගැනීමෙන් ආහාර රුචිය වඩවයි. රාත්‍රී නින්ද නො යන අයට නින්ද යන ඖෂධයක්‌ ලෙස එරබදු දලු වෑංජනයක්‌ ආකාරයට ගත හැකි ය. අලුත් එරබදු පොතු සහ කොළ කොටා සමේ ආබාධ හා ඉදිමුම්වලට ප්‍රතිකර්මයක්‌ ලෙස ආලේප කෙරෙයි.

ළදරුවන් ගේ කෘමි රෝගවලට අලුත් එරබදු දලු යුෂ තේ හැන්දක ප්‍රමාණය මී පැණි දමා දීමෙන් වට පණුවන්, පටි පණුවන්, කිරි පණුවන් නිසා ඇති වන රෝග සුව වෙයි. කිරි දෙන මවුවරුන්ට එරබදු කොළ මැල්ලුම වැඩිපුර දීමෙන් කිරි වර්ධනය වන බව ග්‍රාමීය පෙදෙස්‌වල බොහෝ මවුවරු අත්දැකීමෙන් දනිති.

පෝෂ්‍ය ගුණය -

එරබදු පත්‍රවල පෝෂ්‍ය පදාර්ථ ප්‍රමාණය

පෝෂ්‍ය පදාර්ථය සාන්ද්‍රණය

ඊතර් නිස්‌සාරකය 5.35%

ඇල්බියුමිනොයිඩ් 16.13%

කාබෝහයිඩේ්‍රට්‌ 37.12%

තන්තු 22.5%

වගා කිරීම - අතු කපා සිටුවීමෙන් හෝ මේරූ බීජ සිටුවීමෙන් හෝ එරබදු වගා කළ හැකි ය. අතු සිටුවීමේ දී අඩි 6ක්‌ පමණ දිගට හොඳින් වැඩුණු අතු කපා සිටුවීම වඩාත් යෝග්‍ය වෙයි. බීජවලින් පැළ ලබා ගැනීමේ දී ජුනි මාසයේ දී ලබාගත හැකි ය. බීජ තවාන් කර පැළ වී අඟල් 6ක්‌ පමණ උසට වැඩුණු පසු ගලවා සිටුවාගත යුතු ය.

කීකිරිඳිය
 

ව්‍යාප්තිය - ඉන්දියාවේ සෑම පෙදෙසක ම දක්‌නට ලැබේ. මැලේසියාව, පිලිපීන දූපත් මෙන් ම ශ්‍රී ලංකාවේ තෙතමනය ඇති බොහෝ පෙදෙස්‌වල දක්‌නට ලැබේ.

රූපාකාරය - සෘජු ව මෙන් ම බිම වැතිරී යන ඖෂධීය පැළෑටියකි. හොඳින් අතු බෙදුණු පැළෑටියකි. පත්‍ර අග උල් වූ දිගැටි හැඩයක්‌ ගනී. දිගින් සෙ.මී. 2.5ත් 6.5ත් අතර වෙයි. වසරේ ජනවාරි, මැයි යන කාල සීමාවේ දී හෝ නොවැම්බර් මාසයේ දී හෝ මල් හට ගනී. මල් සුදු පැහැති ය. මල් ද්විලිංගක ය.

ඖෂධීය ගුණ - වාතය සමනය කරන ගුණයක්‌ ඇති කීකිරිඳිය මුළු ශාකය ම ඖෂධ පිණිස ගනී. දේශීය වෛද්‍ය විද්‍යාවේ දී හිස කෙස්‌ යැම, අකලට කෙස්‌ පැසීම, ඇස්‌වල ඇඳිරිය හා කන් ඇසීමේ දුර්වලතා යනාදී රෝග රැසක්‌ සඳහා කීකිරිඳිය භාවිතයෙන් සිඳගන්නා භෙංගමාලය නම් තෛලය යොදා ගනී. කීකිරිඳිය කොළ එළවළුවක්‌ ලෙස දෛනික ආහාරයට එකතු කර ගැනීමෙන් අර්ශස්‌ රෝගය සුව වන්නා සේ ම අධික රුධිර පීඩනය, පාණ්‌ඩුව හෙවත් රක්‌තහීනතාව වැනි රෝගී තත්ත්ව සුව වෙයි.

දෙබර විෂට වදකහ, කීකිරිඳිය සහ රසකිඳ වෙන වෙන ම කොටා මිරිකාගත් ඉස්‌ම බීමට දීමෙන් දෙබර විෂ නැසී යයි. සෙම සහිත කැස්‌සට කීකිරිඳිය, බටු දලු යන දෙවර්ගය ම කොටා වණ්‌ඩුවේ තම්බා මිරිකා ගත් ඉස්‌ම මී පැණි දමා බීම ගුණදායක ය. වියළන ලද කීකිරිඳිය වියළන ලද ගොටු දඬු හා බෙලිමල් එකිනෙකට මිශ්‍ර කිරීමෙන් රසවත් ඔසු පානයක්‌ සාදාගත හැකි ය. උපදංශ රෝගයට කීකිරිඳිය පැළෑටිය යොදා ගනී. කීකිරිඳිය හා මොණර කුඩුම්බිය කොළ මිශ්‍ර කර පිසගත් කැඳ අක්‌මාවේ හා ප්ලීහාවේ රෝග සුව වීමටත් අධික ලෙස මත්පැන් බීම සහ මිරිස්‌ වැඩිපුර භාවිතය නිසා ඇති වන රෝග තත්ත්ව සඳහාත් ගුණදායක වෙයි.

වගා කිරීම - ගෙවත්තේ ජලාශ්‍රිත පෙදෙස්‌වල පහසුවෙන් වැවේ. විශේෂයෙන් ඕවිටිවල සරුවට වැවේ. දේශීය පලාවක්‌ ලෙසත් ඖෂධීය පැළෑටියක්‌a ලෙසත් වගා කිරීමෙන් ආර්ථික ප්‍රතිලාභයක්‌ ලබාගත හැකි ය.

රසායනික සංඝටක - විද්‍යාඥයින් විසින් කරන ලද විවිධ පර්යේෂණවලින් පොලිඇසිටිලිනිමය, තයෝෆින සංයෝග 16ක්‌ ඇති බැව් සොයාගෙන ඇත. ඉන්දියානු විද්‍යාඥයින් විසින් කරන ලද පර්යේෂණවලට අනුව Dසපැඑයහකඇdeකදජ්එදබැ ටකමජදිසාe නම් ග්ලුකොසයිඩය අඩංගු බැව් සොයාගෙන ඇත.

කුප්පමේනිය
 

ව්‍යාප්තිය - ඉන්දියාවේ උණුසුම් ප්‍රදේශවලත් මලයාසියාව, මියන්මාරය, පිලිපීනය, නිවර්තන කලාපීය අප්‍රිකාව, වැනි රටවලත් ශ්‍රී ලංකාවේ වියළි කලාපයේත් අනෙකුත් පළාත්වලත් වල් පැළෑටියක්‌ ලෙස සුලබව දක්‌නට ලැබේ.

රූපාකාරය - සෙ.මි 35 ත් 75 අතර ප්‍රමාණයක්‌ උසට වැවෙන සෘජු කඳක්‌ හා අතු දක්‌නට ඇති වාර්ෂික පැළෑටියකි. ආයත රොම්භාස (Rයදපඉදසා) හැඩයකින් යුත් පත්‍ර සෙ.මි 2.5 ත් 7.5 ත් අතර දිගකින් යුක්‌ත ය. කුඩා මල් ඒක ලිංගික ය. පිරිමි මල් ඉතා කුඩා ය. සුදු පැහැති ය. පොකුරු වශයෙන් පිහිටයි. මනි පත්‍ර 4ක්‌ ඇත. කෙඳි හෙවත් බූව සහිත වෙයි. ස්‌ත්‍රී මල් තනිව හෝ පොකුරු වශයෙන් පිහිටයි. බොහොමයක්‌ මල් 2 ක්‌ හෝ 3 ක්‌ ඇත. මනිපත්‍ර තුනකි. බූව සහිත ය. ඵලය කරලකි. එහි බීජ සුදු පැහැති ය. අණ්‌ඩාකාරය. මිලි මීටර් 1.4ක්‌ පමණ දිග ය.

ඖෂධීය ගුණ - ළදරුවන් ගේ මළ බද්ධයේ දි කුප්පමේනිය කොළ අඹරා වැටියක්‌ ලෙස සාදා ගුද මාර්ගයට ඇතුළත් කළ විට ඉක්‌මනින් මළ පහවන බව ආයුර්වේදයේ දී පෙන්වා දෙයි. පිළිස්‌සුම් ප්‍රතිකාරයක්‌ ලෙස කුප්පමේනියා කොළ තලා පිළිස්‌සුණු තැන ආලේප කරයි. රෝගියා ඇද වත (ඊed Saමරුජ) සඳහා කුප්පමේනියා කොළ හොඳ ප්‍රතිකාරයකි. මූත්‍රා අඩස්‌සිය ඇති වූ විට කුප්පමේනියා කොළ අඹරා තුනි රෙදි කැබැල්ලකට අතුරා යටි බඩේ පැලැස්‌තරයක්‌ යෙදීමෙන් මුත්‍රා අඩස්‌සිය සුව වෙයි.

සර්ප විෂ ශරීරය ගත වූ විට කුප්පමේනියා කොළ කැඳ දේශීය වෛද්‍ය විද්‍යාවේ නිර්දේශ කරයි. දේශීය පලාවක්‌ ලෙස තනිකර ගනු නො ලැබුවත් කලවම් මැල්ලුමක දී කුප්පමේනියා කොළ ස්‌වල්පයක්‌ ගෙන යොදන අවස්‌ථා ඇත.



වගා කිරීම - ගෙදර දොරේ වතුපිටිවල වල් පැළයක්‌ ලෙස සරුවට වැවෙයිs. වගා කිරීමට අවශ්‍ය නො වුවත් ඖෂධ පිණිස ගන්නා බැවින් වගා කර ගැනීමට ද පුළුවන.

සාරණ

සාරණ වර්ග 4කි. මහසාරණ, හීන් සාරණ, ගෙඳු සාරණ සහ පිට සුදු සාරණ යනුවෙන් ඒවා වර්ග කෙරෙයි.

මහ සාරණ

ව්‍යාප්තිය - ඉන්දියාව, බුරුමය, මියන්මාරය සහ ශ්‍රී ලංකාව වැනි රටවල සරුවට වැවේ. ශ්‍රී ලංකාවේ වියළි කලාපයට අයත් ප්‍රදේශවලත් අතර මැදි කලාපයට අයත් ප්‍රදේශවලත් සරුවට වැවේ. සිනිඳු ස්‌වභාවයක්‌ ගන්නා අතු බෙදුණු කුඩා ශාකයකි. කඳෙහි දිග සෙ.මී. 2.5 -9.5ත් වන අතර පළල සෙ.මී. 2ත් 3.7ත් අතර වේ. මල් ද්විලිංගික ය.

පිට සුදු සාරණ

සිංහල (වෙනත්) නම් - පිට සුදු පලා

ව්‍යාප්තිය - නිවර්තන හා උපනිවර්තන ආසියානු කලාපවලත් අප්‍රිකාව, ඇමරිකාව වැනි රටවලත් බහුලව දක්‌නට ලැබේ. ශ්‍රී ලංකාවේ බොහෝ ප්‍රදේශවල දක්‌නට ලැබෙන අතර වෙරළාසන්න ප්‍රදේශවල සරුවට වැවේ.

රූපාකාරය - සිලින්ඩරාකාර කඳේ එකිනෙකට විරුද්ධ දිශා ඔස්‌සේ කුඩා පත්‍ර පිහිටයි. හොඳින් වැඩුණු පත්‍රයක්‌ සෙ.මී. 2.5 සිට 3.7 දක්‌වා දිගකින් යුක්‌ත වෙයි. කුඩා පත්‍ර සෙ.මී. 1.2ත් 1.8ත් අතර දිගකින් යුක්‌ත වෙයි. පත්‍ර තලය පුළුල් ය. අණ්‌ඩාකාර ය. පත්‍ර උඩ කොටස කොළ පැහැති ය. කුඩා මල් ද්විලිංගික ය. දීප්තිමත් දම් පැහැ රෝස පැහැයක්‌ ගනී. වසර පුරා ම මල් හටගනී. කුඩා පලය මිලි මීටර් 3ක්‌ පළල ය. අණ්‌ඩාකාර හැඩයක්‌ ගනි.

හීන් සාරණ

ව්‍යාප්තිය - ඉන්දියාව සහ ශ්‍රී ලංකාව වැනි ඝර්ම කලාපීය රටවල සරුවට වැවේ. ශ්‍රී ලංකාවේ පහතරට වියළි ප්‍රදේශවල වැව් ආශ්‍රිතව දක්‌නට ලැබේ.

රූපාකාරය - අතු බෙදුණු ස්‌වභාවයක්‌ ගන්නා හීන් සාරණ පත්‍ර අණ්‌ඩාකාර වෙයි. විශාල පත්‍ර සෙ.මී. 1.2ත් 2.5ත් අතර දිගකින් හා සෙ.මී. 1ත් 1.5ත් අතර පළලකින් යුක්‌ත ය. කුඩා මල් රෝස පැහැති ය. ද්විලිංගික ය. මිලි මීටර් 4ක පමණ විෂ්කම්භයකින් යුක්‌ත ය. කරල මි.මී. 7ක්‌ පමණ දිග ය. මි. මී. 5ක්‌ පමණ පළල ය. කරලක බීජ 1ත් 4ත් අතර ප්‍රමාණයක්‌ ඇත. බිජයක මි. මී. 1.5ත් 1.7ත් අතර විශාලත්වයක්‌ ඇත. ගෙඳු සාරණ නම් විශේෂයක්‌ ද ඇත. එය ඡදරඑමක්‌ජ් එමඉeරදිe යන විද්‍යාත්මක නමින් හඳුන්වන අතර ඡදරඑමක්‌ජ්ජැae කුලයට අයත් වෙයි.

ශ්‍රී ලංකාවේ ඕනෑ ම ප්‍රදේශයක පහසුවෙන් වගා කළ හැකි වුවත් උණුසුම් ප්‍රදේශවල හොඳින් වැවේ. එසේ වුව ද ඉක්‌මනින් වඳ වී යැමේ තර්ජනයට ද සාරණ ලක්‌ වී ඇත. ගෙවත්තේ දෛනික ප්‍රයෝජනය සඳහා මෙන් ම ආර්ථික බෝගයක්‌ ලෙසට ද වගා කළ හැකි ය. මේරූ සාරණ ශාකය සහමුලින් ගලවා වෙන් කරගත් බීජවලින් හෝ දඬු මඟින් හෝ වගා කරගත හැකි ය. බීජ වපුරා දින 20ක දී පැළ ගලවා අලෙවි කළ හැකි ය.

ඖෂධීය ගුණය - ඉතා හොඳ මුත්‍රා කාරකයකි. වකුගඩු පිරිසිදු කිරීමේ හැකියාවක්‌ ඇත.

සාරණ ග්‍රෑම් 100ක අඩංගු පෝෂ්‍ය පදාර්ථ

පෝෂ්‍ය පදාර්ථ සාන්ද්‍රණය

ශක්‌තිය කිලෝ කැලරි 21

ප්‍රොaටීන් ග්‍රෑම් 2.1

මේද ග්‍රෑම් 0.3

පිෂ්ටය ග්‍රෑම් 2.3

කැල්සියම් මිලි ග්‍රෑම් 50

පොස්‌පරස්‌ මිලි ග්‍රෑම් 28

යකඩ ග්‍රෑම් 2.4

විටමින් A මිලි ග්‍රෑම් 495

තයමින් මිලිග්‍රෑම් 90

රයිබොෆ්ලෙවින් මිලි ග්‍රෑම් 130

නියසින් මිලි ග්‍රෑම් 0.5

විටමින් C මිලි ග්‍රෑම් 10

වැල් පෙනෙල

ව්‍යාප්තිය - ඉන්දියාව, මලක්‌කාව, ශ්‍රි ලංකාව වැනි රටවල දක්‌නට ලැබේ. ශ්‍රී ලංකාවේ මධ්‍යම හා පහත රට ප්‍රදේශවල බහුලව දක්‌නට ලැබේ.

රූපාකාරය - මීටර් 3ක්‌ පමණ දිගට වැවෙන සිහින් කඳක්‌ ඇති බහු වාර්ෂික වැලකි. ත්‍රිකෝණාකාර ස්‌වභාවයක්‌ ගන්නා පත්‍ර දිගින් සෙ.මී. 3ත් 8ත් අතර ප්‍රමාණයකි. බීජ කළු පැහැති ය. ගෝලාකාර මතුපිට සිනිඳු ය.

වගා කිරීම - ගෙවතුවල ඕවිටිවල සරුවට වැවේ. දේශීය වෙළෙඳපොළේa හොඳ ඉල්ලුමක්‌ ඇත. වගා කර ගැනීමට ද පුළුවන.

ඖෂධීය ගුණය - දේශීය වෛද්‍ය විද්‍යාවේ සම්පූර්ණ පැළෑටිය ම ඖෂධ පිණිස ගනී. මුත්‍රා කාරකයක්‌ වන වැල් පෙනෙල ස්‌නායු රෝග සඳහා කරන ප්‍රතිකාරවල දී යොදා ගනී. කැඩුම් බිඳුම් වෙදකමේ දී බිඳුණු අස්‌ථි සකස්‌ කිරීම සඳහා වැල් පෙනෙල යොදා ගනී. උදෑසන ආහාරයට වැල් පෙනෙල කැඳ ගැනීම ශරීර ශක්‌තිය වර්ධනයටත් ස්‌නායු වර්ධනයටත් හේතු වෙයි.

වැල් පෙනෙල පත්‍ර ග්‍රෑම් 100ක අඩංගු පෝෂ්‍ය පදාර්ථ

පෝෂ්‍ය පදාර්ථය සාන්ද්‍රණය

ප්‍රොaටීන 4.7%

මේද 0.6%

කාබෝහයිඩේ්‍රට්‌ 9.1%

ඛනිජ ලවණ 2.3%

ශක්‌තිය කැලරි 61

වැල් පෙනෙල බීජවල සීනි වර්ග 5ක්‌ අඩංගු ය. සුක්‍රෝස්‌, ෆ්රක්‌ටෝස්‌, මෝල්ටෝස්‌, රැෆිනොස්‌ සහ ග්ලුකොස්‌ යනුවෙන් මෙම සීනි වර්ග හැඳින්වෙයි.

කිරිඅඟුණ

සිංහල (වෙනත්) නම් - තිත්ත අඟුණ

ව්‍යාප්තිය - ඉන්දියාව, ඇසෑමය, බෙංගාලය, ජාවා දූපත්, පිලිපීන දූපත් මෙන් ම ශ්‍රී ලංකාවේ ද දක්‌නට ලැබේ.

ශ්‍රී ලංකාවේ මුහුදු මට්‌ටමේ සිට අඩි 3000ක්‌ පමණ උස්‌ ප්‍රදේශ දක්‌වා සරුවට වැවේ.

රූපාකාරය - දිගු, සිනිඳු, අතු බෙදුණු විශාල වැලකි. පත්‍ර දිගින් සෙ.මී. 8ත් 12ත් අතර හා පළලින් සෙ.මී. 3ත් 6ත් අතර ප්‍රමාණයක්‌ වෙයි. පත්‍ර අග සිහින් ය. වසරේ මාර්තු, අප්‍රේල් කාල සීමාවේ මල් හට ගනී. කොළ හා ළා කොළ පැහැයක්‌ ගන්නා මල් ද්විලිංගික ය. ප්‍රසන්න සුවඳක්‌ ඇත.

ඖෂධීය ගුණය - ඖෂධීය ගුණ රැසකින් පිරිපුන් කිරිඅඟුණ ආයුර්වේදයේ දී අර්ශස්‌ රෝගය සඳහාත් අර්බුද  සඳහාත් ප්‍රතිකාර ලෙස යොදා ගනී. කිරිඅඟුණ කොළ මැල්ලුම ඇදුම රෝගයේ දීත් ශ්වාසනාළිකා ප්‍රදාහයේ දීත් ඖෂධයක්‌ ලෙස යොදා ගත හැකි ආහාරයකි. දේශීය වෛද්‍ය විද්‍යාවේ දීත්, ආයුර්වේදයේ දීත් කිරිඅඟුණ මුල් සර්ප විෂ නැසීම සඳහා මෙන් ම ස්‌ත්‍රීන් ගේ හිසරදය නිවාරණය සඳහා ඖෂධයක්‌ ලෙස ද යොදා ගනී. කිරිඅඟුණ කොළ මැල්ලුම සතියකට දෙවරක්‌ පමණ ආහාරයට ගැනීමෙන් අධිරුධිර පීඩනය සමනය වෙයි.

කිරි අගුණ කොළ ග්‍රෑම් 100ක තිබෙන පෝෂ්‍ය පදාර්ථ

පෝෂ්‍ය පදාර්ථය සාන්ද්‍රණය

කැලරි 45

ප්‍රොaටීන් ග්‍රෑම් 4

මේද ග්‍රෑම් 0.5

පිෂ්ටය ග්‍රෑම් 6.1

කැල්සියම් මිලි ග්‍රෑම් 397.00

පොස්‌පරස්‌ මිලි ග්‍රෑම් 83.00

යකඩ මිලි ග්‍රෑම් 25.00

විටමින් A මයික්‍රෝ ග්‍රෑම් 2760.00

තයමින් මයික්‍රෝ ග්‍රෑම් 30.00

රයිබොෆ්ලෙවින් මයික්‍රෝ ග්‍රෑම් 300.00

නියසින් මයික්‍රෝ ග්‍රෑම් 1.2

විටමින් C මයික්‍රෝ ග්‍රෑම් 99.00

කිරිඅඟුණ කරල් එළවළුවක්‌ ලෙස දෛනික ආහාරයට එකතු කරගත හැකි ය. මැල්ලුම සඳහා කොළ කැපීමේ දී එක අතකට ක්‍රමානුකූලව සහ පිස ගැනීමේ දී භාජනය විවෘතව තබා ගැනීමෙන් තිත්ත අඩු වන බව බොහෝ ගැමි ගෘහණියෝ විශ්වාස කරති.

වගා කිරීම - ගෙදර දොරේ ප්‍රයෝජනය සඳහා වගා කරගත හැකි ය. වෙළෙඳපොළේ හොඳ ඉල්ලුමක්‌ ඇති බැවින් සුළු පරිමාණයෙන් හෝ වගා කිරීමෙන් ආර්ථික ලාභයක්‌ ලබාගැනීමට පුළුවන. ගෙවත්තේ සරු පසක්‌ ඇත්නම් ගසක්‌ මුල සිටුවීමෙන් හෝ පන්දලමක්‌ සාදා එයට වැල යෑවීමෙන් හෝ වගා කර ගැනීමට පුළුවන. ගෙමිදුලට අලංකාරය ගෙන දෙන විසිතුරු පැළයක්‌ ලෙස වගා කළ හැකි ය. පසට යට කළ වැලට මුල් ඇදීමෙන් පසු මුල් සහිත වැල කපා වෙන ම සිටුවීමෙන් නව වැලක්‌ සාදා ගැනීමට පුළුවන.

වැල් තිබ්බටු

ව්‍යාප්තිය - ඉන්දියාව, මලයාසියාව සහ ශ්‍රී ලංකාව වැනි රටවල සරුවට වැවේ. ශ්‍රී ලංකාවේ වියළි කලාපයේ බහුලව දක්‌නට ලැබෙන අතර අනෙක්‌ පළාත්වලත් දක්‌නට ලැබේ.

රූපාකාරය - මීටර් 1.8ක්‌ පමණ උස්‌ වූ ආරෝහක ශාකයකි. පත්‍ර ත්‍රිකෝණාකාර හැඩයක්‌ ගනී. වසරේ දෙසැම්බර් සිට පෙබරවාරි යන කාල සීමාවේ දී මල් හටගනී. මල් දම් පැහැයට හුරු නිල් පැහැ ගනී. ගෙඩිය වටකුරු ය.

පෝෂ්‍ය ගුණය -

වැල් තිබ්බටු පත්‍ර ග්‍රෑම් 100ක අඩංගු පෝෂ්‍ය ගුණය

පෝෂ්‍ය ද්‍රව්‍ය සාන්ද්‍රණය (%)

ප්‍රොaටීන 3.9%

මේද 0.7%

ඛනිජ ලවණ 3.8%

තන්තු 2.3%

කාබෝහයිඩේ්‍රට්‌ ග්‍රෑම් 4.6

කැල්සියම් මිලි ග්‍රෑම් 334

පොස්‌පරස්‌ මිලි ග්‍රෑම් 52

යකඩ මිලි ග්‍රෑම් 5

වගා කිරීම - මේරූ කුඩා ගෙඩිවල තිබෙන ඇට තවාන් කිරීමෙන් වැල් තිබ්බටු පැළ බෝ කර ගැනීමට පුළුවන. ගෙදර දොරේ දෛනික පරිහරණයේ දී මෙන් ම ආර්ථික බෝගයක්‌ ලෙසින් ද වගා කළ හැකි ය. ගෙමිදුලේ ද වගා කර ගැනීමට අපහසු නැත.

ඖෂධීය ගුණය - වැල් තිබ්බටු පැළෑටියේ සැම කොටසක්‌ ම ඖෂධීය කටයුතු සඳහා යොදා ගනී. වැල් තිබ්බටු ගෙඩි රසවත් වෑංජනයක්‌ ලෙස දෛනික ආහාරයට එකතු කර ගැනීමට පුළුවන. වාතය, සෙම සමනය කරන ගුණයක්‌ ඇත. ආහාර ජීර්ණය හොඳින් සිදු කරයි. පණු රෝග නසයි. අධික කැස්‌ස ඇති විට වැල් තිබ්බටු කොළ කැඳ පිස දීමෙන් හෝ වැල් තිබ්බටු කොළ තම්බා බීමෙන් සුව වේ. වැල් තිබ්බටු ඇට ගර්භාෂය සංකෝචනය කරයි. එසේ ම වාජීකරණ ගුණයෙන් යුක්‌ත ය. තිබ්බටු ඇටවලට උකුණන් නැසීමේ ශක්‌තිය ඇත. උකුණන් නැසීමේ දී තිබ්බටු ඇට එළඟි තෙලින් බැද කුඩු කර හිසේ ගා මඳ වේලාවකට පසු ස්‌නානය කළ යුතු ය.

වමනය කරවීමේ දී තිබ්බටු ගෙඩි යුෂ ගිතෙල් මී පැණි සමඟ මිශ්‍ර කර පානය කිරීමට වෛද්‍යවරු නිර්දේශ කරති. පොදුවේ ගත් කල වල් තිබ්බටු හෘද උත්තේජනය කරන ගුණයෙන් ද ලේ පිරිසිදු කිරීමේ ගුණයෙන් ද යුක්‌ත වේ.

මොණර කුඩුමිබිය

ව්‍යාප්තිය - ඉන්දියාව, ශ්‍රී ලංකාව ඇතුළු නිවර්තන කලාපීය ආසියාතික රටවල ද අප්‍රිකාව හා ඔස්‌ටේ්‍රලියාව වැනි රටවල ද මොරණ කුඩුම්බිය දක්‌නට ලැබේ. ශ්‍රී ලංකාවේ සෑම තැන ම දක්‌නට ලැබෙන මෙම ඖෂධීය පැළෑටිය බොහෝ අය වල් පැළෑටියක්‌ ලෙස සලකා විනාශ කර දමන අවස්‌ථා ද ඇත. සෙ. මී. 15-60ත් අතර ප්‍රමාණයක උසට වැවෙන, සෘජු අතු දෙකක්‌ හෝ තුනක්‌ වැනි සුළු සංඛ්‍යාවකට බෙදුණු පැළෑටියකි. වාර්ෂික පැළෑටියක්‌ වන මෙහි පහළින් ඇති පත්‍ර විශාල වන අතර ඉහළින් ඇති පත්‍ර ප්‍රමාණයෙන් කුඩා වෙයි. ද්විලිංගික මල් කුඩා ය. රෝස පැහැති ය. වසර පුරා ම මල් හට ගනී. මොණරකු ගේ හිසේ පිහිටි කුඩුම්බියක්‌ ආකාරයට පිහිටි මල් 20ක්‌ පමණ හට ගනී.

ඖෂධීය ගුණය - ලේ පිරිසිදු කිරීමේ ගුණයක්‌ ඇති මොණරකුඩුම්බිය ළදරු මාන්දම රෝගය සඳහා ඖෂධයක්‌ ලෙස භාවිත කෙරෙයි. අළුහම් ඇති විට මොණර කුඩුම්බිය යුෂ සිරුරේ ආලේප කිරීමෙන් සුව වෙයි. දේශීය වෛද්‍ය විද්‍යාවේ දී ලේ විෂ වීමෙන් හටගන්නා සිරුරේ ලේ ගෙඩි ඇති විට මොණරකුඩුම්බිය පැළෑටිය සහමුලින් ගෙන පිටවක්‌කා ගසක්‌ ද සහමුලින් ගෙන වංගෙඩියේ දමා කොටා වතුර දමා මිරිකා එම යුෂවලට හීනටි හාල්, පිටි මේස හැන්දක්‌ පමණ දමා ලිප තබා කකාරා ලේ ගෙඩිවලට ගෑමෙන් ගෙඩි පුපුරා, ලේ ඉහිරී ගෙඩි සුව වන බව සඳහන් වේ.

ළදරු මාන්දම සඳහා මොණරකුඩුම්බිය කැඳ පිස බීමට දීම සුදුසු ය. සෙම් රෝ උත්සන්න වූ විට සති දෙකක්‌ පමණ දිනපතා මොණර කුඩුම්බිය කැඳ පිස හිස්‌බඩ බීමෙන් රෝගී තත්ත්වය සම්පූර්ණයෙන් සුව වෙයි.

දිනපතා ආහාරයේ දී කලවම් පලා කොළ මැල්ලුමට මොණරකුඩුම්බිය දඬු සමඟ කොළ යොදා ගැනීම නිරෝගී සුවයට හේතු වේ.

වගා කිරීම - ස්‌වාභාවික පරිසරයේ වල් පැළෑටි සමඟ වැවෙන පැළෑටියකි. සුවිශේෂී වගාවක්‌ ලෙස කෙරේ දැයි සැක සහිත ය. එහෙත් ගෙවත්තේ වගා කළ හැකි ය. ශ්‍රී ලංකාවේ ඕනෑ ම ප්‍රදේශයක වැවෙන බැවින් බොහෝ ගම්බද ප්‍රදේශවල ගාල් වශයෙන් දක්‌නට ලැබේ.

රණවරා

ව්‍යාප්තිය - ඉන්දියාවේත් ශ්‍රී ලංකාවේත් වියළි කලාපයේ බහුලව වැවෙන රණවරා අප්‍රිකාවේ ටැන්ගනිකාවේ ස්‌වාභාවික පරිසරයේ දක්‌නට ලැබෙන ශාක විශේෂයකි. දුඹුරු පොත්තක්‌ සහිත විශාල අතු බෙදුණු පඳුරකි. කුඩා පත්‍රිකාවලට බෙදුණු පත්‍ර කඳට සවි වන තැන්වල කවපෙත්තක හැඩය ගන්නා උප පත්‍ර කොටස්‌වල පිහිටීම අනුව මේ ශාකය පහසුවෙන් හඳුනාගත හැකි ය. දීප්තිමත් කහ පැහැති මල් රැසක්‌ එක පොකුරට පිහිටයි. සිහින් දිගු කරල තුළ බික්‌ 12ත් 30ත් අතර ප්‍රමාණයක්‌ පිහිටයි. මල් හට ගැනීම සෑම වසරක ම පෙබරවාරි සහ මාර්තු මාසවල සිදු වේ.

ඖෂධීය ගුණ - ඖෂධ සඳහා මුල්, මල්, ඇට, කොළ සහ පොතු යනාදී වශයෙන් රණවරා ගසේ පංචාංගය ම ගනී. මල් පොහොට්‌ටු අවස්‌ථාව ඖෂධ පිණිස ගැනීම වඩාත් සුදුසු ය. සෙම හා පිත සමනය කරයි. රත් පිත තිබෙන අවස්‌ථාවල දීත් දියවැඩියාවේ දීත් රණවරා මල් තම්බා තේ මෙන් පානය කිරීම වඩාත් සුදුසු වෙයි. රණවරා මල් තම්බා බීමෙන් ශරීර සොබාව ද වර්ධනය වෙයි.

දෛනික ආහාරයට කොළ මැල්ලුමක්‌ ලෙසත්, උදෑසන ආහාරයට රණවරා කොළ කැඳක්‌ ලෙසත් හා වියළි මල් තම්බා කිතුල් හකුරු සමග ඔසු පානයක්‌ ලෙසත් පානය කිරීමෙන් ඉහත සඳහන් රෝග සුව වෙයි.

සැ. යු. - සමහර ප්‍රදේශවල රණවරා හා සමාන වූ ශාකයක්‌ හඳුන්වා දී ඇති බැවින් රණවරා යෑයි වරදවා තේරුම්ගෙන ආහාරයට ගත් නිසා ඒවා විෂ වූ අවස්‌ථා වාර්තා වී ඇත. මෙය වරදවා තේරුම් ගැනීමකින් සිදු වන දෙයක්‌ මිස රණවරා විෂ වීමකින් සිදු වන දෙයක්‌ නො වන බව ද මෙහි සඳහන් කළ යුතු ය. මේ ශාකයේ පත්‍ර රණවරා ශාක පත්‍රවලට වඩා විශාල වන අතර කොළ පැහැයක්‌ ගනී. මෙහි කන් පෙත්තක හැඩය ගන්නා උප පත්‍ර දක්‌නට නැත.

වගා කිරීම - මේරූ කරල්වලින් ලබා ගන්නා බීජ අතරින් මහත, පිරුණු ස්‌වභාවයක්‌ ගන්නා බීජ තවාන් දැමීම සඳහා යොදාගත යුතු ය. තෝරාගත් බීජ තවානක රෝපණය කිරීමෙන් පසු දින 4ත් 12ත් අතර කාලයේ දී පැළ හට ගනී. පැළ සෙ. මී. 10ක්‌ පමණ උසට වැඩුණු පසු බඳුන්වල හෝ ක්‍ෂෙත්‍රයේ හෝ සිටුවාගත හැකි ය. ක්‍ෂෙත්‍රයේ සිටුවීමේ දී මිටර් 3ක පමණ පරතරයක්‌ සිටින සේ පැළ සිටුවාගත යුතු වෙයි. හොදින් හිරු එළිය රණවරා ශාකයට අවශ්‍ය බැවින් පැළ සිටුවීමේ දී ඒ පිළිබඳව සැලකිලිමත් විය යුතු ය. සිටුවා වසර 1 1/2ත් 2ත් අතර කාලයක්‌ ගත වූ විට මල් ලබා ගැනීමට පුළුවන. කඩාගත් මල් මඳ පවනේ වියළා වියළි ස්‌ථානයක අසුරා තැබිය යුතු වෙයි.

රසායනික සංඝටක - රණවරා ශාකයේ සෙනැපික්‌රින් හා සැපොනින් යන ග්ලුකොසයිඩ අඩංගු ය. පත්‍ර හා පොත්තේ ඔක්‌සිමිනයිල් ඇන්ත්‍රොක්‌විනොන් නම් රසායනික සංයෝගය ද අඩංගු වන අතර ටැනින්වලින් පොහොසත් ය. රණවරා ඇටවල පොත්තේ නොනැකොසේන්, නොනැකොසේන්-6 වන් ක්‍රයිසැපනෝල්, ඉමොඩින් සහ රුබියාඩින් යන රසායනික සංයෝග අඩංගු ය.

ගොටුකොළ

ව්‍යාප්තිය - ඉන්දියාවේත් ශ්‍රී ලංකාවේත් ඉතා උස්‌ බිම් පෙදෙස්‌ දක්‌වා ව්‍යාප්ත වී ඇත. කුඹුරු ඕවිටි, ජලාශ්‍රිත ප්‍රදේශවල සරුවට වැවේ.

රූපාකාරය - ගොටුකොළ රූපාකාරය අනුව වර්ග දෙකකට බෙදෙයි. ඒ පඳුරු ආකාර ගොටුකොළ සහ වැල් ආකාර ගොටු කොළ වශයෙනි. පඳුරු ආකාර ගොටුකොළ එක තැන පැළ රාශියක්‌ වර්ධනය වෙයි. සාමාන්‍යයෙන් එක පඳුරක පත්‍ර 100ත් 130ත් අතර ප්‍රමාණයක්‌ ඇත. නටුවක දිග සෙ.මී 10ක්‌ පමණ වෙයි. මධ්‍යම ප්‍රමාණයේ විශාලත්වයක්‌ ඇති පත්‍රයක දිග සෙ. මී. 2.5ක්‌ හා පළල සෙ.මී. 4.5ක්‌ පමණ වෙයි. පත්‍ර අවානක හැඩයක්‌ ගනී.

වැල් ආකාර ගොටුකොළවල පැළ පඳුරු දමන අතර ම වැලක්‌ ලෙස වර්ධනය වෙයි. තැනින් තැන ගැටවලින් මුල් හටගනී. මේ අයුරින් ක්‍ෂෙත්‍රය පුරා ම පැතිර යයි. වැල්වල හටගන්නා පුරුක්‌වලින් මල් හටගනී. මේ ආකාරයට පැළ ඇතිවෙමින් වර්ධනය වෙයි.

පත්‍රවල විශාලත්වයට අනුව ප්‍රධාන කොටස්‌ තුනකට බෙදෙයි. ඒ විශාල ප්‍රමාණයේ පත්‍ර ඇති වර්ගය, මධ්‍යම ප්‍රමාණයේ පත්‍ර ඇති වර්ගය සහ කුඩා ප්‍රමාණයේ පත්‍ර ඇති වර්ගය යනුවෙනි.

ඖෂධීය ගුණ - සම්පූර්ණ පැළෑටිය ම ඖෂධ පිණිස ගනී. ඖෂධ පිණිස ගන්නේ පත්‍ර කුඩා හීන් ගොටු කොළ විශේෂය ය. නැණ නුවණ වඩන, ධාරණ ශක්‌තිය පෝෂණය කරන, බඩගින්න වඩන, උගුරේ සෙම කපා හරින, කටහඬ මිහිරි කරවන, ලේ පිරිසිදු කරන, පීනස සුව කරන, මළ බද්ධය අඩු කරන, පණු අමාරුව සුව කරන, හදවතට ගුණදායක, බෝ වන සෙංගමාලය සුව කරන, අකලට මහලු වීම වළක්‌වන ගොටුකොළ මොළය වෙහෙසා වැඩ කරන අයට හා පාසල් ළමයින්ට වඩාත් ගුණදායක ය. කිරි දෙන මවුවරුන්ට ද ගුණදායක වන්නේ කිරි වර්ධනය කරවන බැවිනි.

දින පතා ආහාරයට ගොටුකොළ මැල්ලුමක්‌ වශයෙන්, සම්බෝලයක්‌ වශයෙන්, ව්‍යංජනයක්‌ වශයෙන් හා උදෑසන ආහාරයක්‌ ලෙස ගොටුකොළ කැඳ පිස බීමෙන් ඉහත සඳහන් කළ රෝග සුව වී නිරෝගී සිරුරක්‌ ඇති කිරීමේ ගුණයක්‌ ලැබේ.

පෝෂ්‍ය ගුණය -

ග්‍රෑම් 100ක අඩංගු පෝෂ්‍ය පදාර්ථ

පෝෂ්‍ය පදාර්ථ සාන්ද්‍රණය

කැලරි 37.00

ප්‍රොaටීන ග්‍රෑම් 2.1

මේද ග්‍රෑම් 0.5

කාබෝහයිඩේ්‍රට්‌ ග්‍රෑම් 6

කැල්සියම් මිලි ග්‍රෑම් 224

පොස්‌පරස්‌ මිලි ග්‍රෑම් 32

යකඩ මිලි ග්‍රෑම් 68.8

සින්ක්‌ මිලි ග්‍රෑම් 3.95

කොපර් මිලි ග්‍රෑම් 0.55

බීටා කැරොටින මයිකොග්‍රෑම් 87.1

වගා කිරීම - ශ්‍රී ලාංකිකයන් අතර ඉතා ම ජනප්‍රිය පලා වර්ගයක්‌ වන ගොටුකොළ දේශීය වෙළෙඳපොළේ හොඳ ඉල්ලුමක්‌ ඇති පලාවකි. ජලය සැපයීමේ හැකියාව ඇත්නම් ශ්‍රී ලංකාවේ ඕනෑ ම ප්‍රදේශයක ගොටුකොළ වගා කළ හැකි ය. වසර පුරා ම වර්ෂාව ඇති තෙත් කලාපයේ ගොටු කොළ වගා කිරීම වඩාත් යෝග්‍ය වෙයි.

ගෙදරදොරේ දෛනික අවශ්‍යතාව සඳහාත් ආර්ථික බෝගයක්‌ ලෙසත් වගා කළ හැකි ගොටුකොළ වල් පැළෑටි හොඳින් මර්දනය වන සේ පස්‌ පෙරළා සකස්‌ කරගත් පාත්තිවල වගා කළ හැකි ය. පඳුරු ගොටුකොළ වගාවේ දී මීටර 1ක්‌ පමණ පළල පාත්තිවල සිටුවිය යුතු ය. පැළ සිටුවීමෙන් පසු වියළි කාලගුණයක්‌ පවතී නම් පොල් අතුවලින් හෝ පුවක්‌ අතුවලින් හෝ ආවරණය කර සෙවණ සැපයීම අත්‍යවශ්‍ය වෙයි. නිරෝගීව වැඩුණු ගොටුකොළ පඳුරුවලින් හෝ වැල්වලින් හෝ ලබාගන්නා මුල් සහිත මධ්‍යස්‌ථ ප්‍රමාණයේ මේරූ පැළ සිටුවීම සඳහා වඩාත් සුදුසු වෙයි. මෙයට අමතරව කොළවලින් හටගන්නා බීජවලින් ද ව්‍යාප්තිය සිදු කළ හැකි ය.

හොඳින් නඩත්තු කළ වගාවකින් සිටුවා දින 100කින් පමණ පළමු අස්‌වැන්න ලබා ගැනීමට පුළුවන. ගොටුකොළ පඳුරු සම්පූර්ණයෙන් ම පොළොව මට්‌ටමට ඉහළින් කපා ගැනීම ද නියමිත ප්‍රමාණයට මෝරා ඇති පඳුරුවලින් දණ්‌ඩ සමග කොළ පමණක්‌ කඩා ගැනීම ද පැළ ගොටුකොළවල මෝරා ඇති පත්‍ර නටුව සමග අතින් ගලවා ගැනීම ද යන මේ තුන් ආකාරයට ම ගොටුකොළ වගාවේ අස්‌වනු නෙළාගත හැකි ය.

අවුරුදු දෙකකට පමණ පසු වගා බිම් වෙනස්‌ කිරීම මඟින් ගොටුකොළ වගාවට ඇති වන රෝග වළක්‌වා ගැනීමේ හැකියාව ඇත.