logo3.gif (702 bytes)

arrow7.gif (1098 bytes)


අන්නාසි වගාවේ පෝෂක ඌනතා

ඉදිරිපත් කරන්නේ කෘෂි උපදේශක සුසිලා රත්නසේකර

අන්නාසි අප රටේ ජනප්‍රිය පලතුරකි. එමෙන්ම එහි වාණිජ වටිනාකම ද ඉහළ මට්‌ටමක පවතී. බ්‍රොඩිලියේසි කුලයට අයත් අන්නාසිවල උද්භිද නාමය වනුයේ අනානාස්‌ කොමොසස්‌ (Ananas Comosis) වේ. අන්නාසි සඳහා දේශීය වෙළෙඳපොළේත් විදේශ වෙළෙඳපොළේත් පවතින ඉල්ලුම නිසා බොහෝ දෙනෙක්‌ වගා කිරීමට කැමැත්තක්‌ දක්‌වති. දීර්ඝකාලීනව මේ බෝගය ඉඩම්වල වගා කිරීම හේතුකොටගෙන නිසරු වන පස නිතර පරීක්‌ෂා කළ යුතු ය. එවිට ඒකාකාර වගා ක්‌ෂේත්‍ර පවත්වාගත හැකි ය. මේ අනුව ආර්ථික ලාභයක්‌ උපදවා ගැනීම ඉහළ මට්‌ටමක පවත්වා ගැනීමට ශාකයේ වර්ධනයටත් අස්‌වැන්නේ ගුණාත්මය සඳහාත් අවශ්‍ය කරන පෝෂක ද්‍රව්‍ය ලබා දිය යුතු ය.

සාර්ථක අන්නාසි වගාවකට වැලි සහිත ලෝම පසක්‌ අවශ්‍ය ය. ච්‍ය අගය 5.5-6.00 අතර තිබීම වැදගත් ය. අන්නාසි ශාකයේ මනා වර්ධනයක්‌ සඳහාත් හොඳින් වැඩුණු පලයක්‌ ලබාගැනීමටත් මූලිකවම අවශ්‍ය වන්නේ නයිට්‍රජන් (භ)ල ෆොස්‌ෆරස්‌ (ඡ)ල පොටෑසියම් (ණ)ල කැල්සියම් (Ca)ල මැග්නීසියම් (ඵට) යන පෝෂක ය. මීට අමතරව යකඩ (Fe)ල සින්ක්‌ (Zබ)ල කොපර් (Cම) සුළු ප්‍රමාණයන් ගෙන් අවශ්‍ය ය. එම නිසා පසෙහි මේ පෝෂක කොටස්‌ අවශ්‍ය තරම් නො වන විට කෘත්‍රිම පොහොර මගින් ඒවා පසට ලබා දීම වැදගත් ය. එහෙත් බොහෝ විට කෘත්‍රිමව අවශ්‍ය තරමට මේවා ලබා දීම සිදු නො වන විට බෝගය ඌනතා ලක්‍ෂණ පෙන්නුම් කරයි. අවශ්‍ය තරමට වඩා වැඩියෙන් ලැබුණ හොත් වෙනත් අහිතකර ලක්‍ෂණ පෙන්නුම් කරයි. මේ නිසා ප්‍රශස්‌ථ මට්‌ටමකින් මේවා ලබා දීමට වගාකරුවන් දැනුවත් විය යුතු ය.

අපි දැන් එක්‌ එක්‌ පෝෂකවල අවශ්‍යතාව පිළිබඳව දැනුවත් වෙමු.

නයිට්‍රජන් පෝෂකය පැළෑටියට අවශ්‍ය වන්නේ ශාකයේ පරිවෘත්තීය ක්‍රියාවලිය මනාව පවත්වා ගැනීමට ය. ශාක ප්‍රොaටීන සෑදීම, එන්සයිම නිෂ්පාදනය, ශාක සෛල පටක සෑදීම, හරිතප්‍රද නිෂ්පාදනය වැනි ශාකයේ සිදු වන අත්‍යවශ්‍ය ම කරුණු සඳහා මෙම පැළෑටි පෝෂකය අත්‍යවශ්‍ය ය. යූරියා පොහොර මගින් මෙම නයිට්‍රජන් අවශ්‍යතාව ලබා දිය හැකි ය. පසෙහි මෙම අත්‍යවශ්‍ය පෝෂකය අඩු වූ විට පත්‍ර කහ පැහැ වීමට පටන් ගනී. මෙම කහපාට වීම ආරම්භ වන්නේ මේරූ පත්‍රවල ය. ඉන්පසු ක්‍රමයෙන් ළපටි පත්‍ර කරා ද පැතිර යයි. මෙය නයිට්‍රජන් ඌනතා ලක්‍ෂණ බව පැහැදිලිව හඳුනා ගැනීමට ඇති මාර්ගය වේ. නයිට්‍රජන් අඩංගු පොහොර යෙදීමෙන් මෙම තත්ත්වය මඟහරවාගත හැකි ය. අවශ්‍ය අවස්‌ථාවේ නිර්දේශිත පොහොර ප්‍රමාණය නිවැරැදිව යෙදීමෙන් මේ ලක්‍ෂණ පහළ වීම වළක්‌වාගත හැකි ය. පළපුරුදු ගොවි මහත්වරු මේ තත්ත්වය පැහැදිලිව හඳුනා ගනිති. පත්‍රවල පවතින කොළ පැහැය පවත්වා ගැනීමට ඔවුහු නියමිත පොහොර යොදති.

එමෙන්ම අධික වශයෙන් නයිට්‍රජන් පොහොර යෙදීමෙන් ඇති වන අහිතකර තත්ත්වය ද අවබෝධ කරගත යුතු ය. පොහොර අධිකව යෙදීමෙන් වගා වියදම වැඩි වීමත් සමගම අන්නාසි ගෙඩිවල නයිටේ්‍රට ප්‍රමාණය වැඩි වීමෙන් මදයේ ජල ප්‍රමාණය ද වැඩි වේ. මේ මගින් ඵලයේ තත්ත්වය (Quality) දුර්වල වී ගෙඩි ඉක්‌මනින් කුණු වීමට ද භාජන වේ. අපනයනයේ දී මෙය ඉතා අහිතකර ලෙස බලපානු ලැබේ. මේ කරුණු ගැන සලකා බැලීමේ දී නයිට්‍රජන් පෝෂකය අඩුවෙන් හෝ වැඩියෙන් හෝ පැළෑටියට ලබා දීම අහිතකර බලපෑම් ඇති කරන බව අවබෝධ කරගත යුතු ය.

ෆොස්‌ෆරස්‌, පැළෑටියේ ශක්‌තිය ප්‍රවාහනය සඳහාත් සෛලවල වර්ණ දේහයන්හි ව්‍යqහය සෑදීමටත් අත්‍යවශ්‍ය වේ. ෆොස්‌ෆරස්‌ ඌනතා ලක්‍ෂණ පියවි ඇසට දැකගැනීම අපහසු ය. පිටතට ඌනතා ලක්‍ෂණ පෙන්වන විට කාලය ගත වී ගොස්‌ ය. ශාකයේ කුරු බව පෙන්වන විට ඒ ඌනතා ලක්‍ෂණයක්‌ ලෙස හඳුනාගත හැකි ය. ශාකයේ මුල්වල වර්ධනය බාල වීම සිදු වී ශාකයේ වර්ධනය ද බාල වීම නිසා කුරු වීම සිදු වේ. ළපටි පත්‍ර කොළ පැහැති වේ. ඌනතාව දිගට ම පැවතුණ හොත් මේරූ පත්‍ර රතු පාටට හැරී මැරී යැමට පටන් ගනියි. අන්නාසි වගාවට ෆොස්‌ෆරස්‌ අඩු වූ විට ඵල හටගැනීම ද දුර්වල වේ එවිට අස්‌වැන්න අඩු වීමත් මොරෙයියන් හට ගැනීම අඩු වීමත් නිසා වගාව දුර්වල වීමක්‌ සිදු වේ. ත්‍රිත්ව සුපර් ෆොස්‌ෆේට්‌ හෝ රොක්‌ ෆොස්‌ෆේට්‌ නියමිත ප්‍රමාණයට යෙදීම මගින් ඌනතා ලක්‍ෂණ මඟහරවාගත හැකි ය. පැළ සිටුවා සති 3-4 දී ද නැවත මාස 3-4කට වරක්‌ ද යෙදීමෙන් ඌනතාව මඟහරවාගත හැකි ය.

පොටෑසියම් අන්නාසි වගාවට වැඩියෙන් ම අවශ්‍ය මූලද්‍රව්‍යය ලෙස හඳුනාගෙන ඇත. මේ ඌනතාව නිසා ද පැළෑටි දුර්වල වීමත් අස්‌වැන්න අඩු වීමත් සිදු වේ. වගාවේ මුල් අවධියේ දී පොටෑසියම් ඌනතා ලක්‍ෂණ පෙන්නුම් කරන විට පත්‍ර ඉතා පටු වීමත්, තද කොළ පාටින් යුක්‌ත වීමත්, නොනැමෙනසුලු ගතිය ඇති වීමත්, තද ස්‌වභාවයක්‌ පෙන්නුම් කිරීමත් දැකගත හැකි ය. පසෙහි පොටෑසියම් ඌනතාව දිගින් දිගට ම පැවතුණ හොත් ක්‍රමයෙන් පත්‍ර කහ පැහැයට හැරීමත් අගිස්‌සේ සිට මැරී යැමත් දැකගත හැකි ය. මේ තත්ත්වය දිගට ම වගාවක පැවතුණ හොත් ගෙඩි ද කුඩා වීමත්, මදයේ සීනි ප්‍රමාණය අඩු වී රසය අඩු වීමත් සිදු විය හැකි ය. මදයේ පැහැය ළා පැහැයට හෝ අව පැහැයට හැරීමත් නටුව දුර්වල වීමත් සිදු විය හැකි ය. මොරෙයියන් නිපදවීම ද අඩු වේ. කෙසේ වෙතත් පොටෑසියම් පොහොර අධික ලෙස වගාවට යෙදුව හොත් පසෙහි තිබෙන මැග්නීසියම් සමග අන්තර්ක්‍රියාවක්‌ සිදු වී ශාකයේ මැග්නීසියම් ඌනතා ලක්‍ෂණ ද පෙන්නුම් කරනු ඇත. මේ නිසා නිර්දේශිත ප්‍රමාණ උපදෙස්‌ අනුව භාවිත කිරීම මගින් ඉහත සියලු ගැටලුවලට පිළියම් ලබාගත හැකි ය.

කැල්සියම්, ප්‍රධාන මූලද්‍රව්‍ය සමග බලන නිට අවශ්‍ය වන්නේ සුළු වශයෙන් වුව ද ශාකයට අවශ්‍ය කරන ප්‍රමාණය පසෙහි තිබීම වැදගත් ය. අග්‍රස්‌ථ අංකුරයේ වර්ධනය සඳහාත්, පත්‍රවල පුෂ්ටිමත්භාවය පවත්වා ගැනීම සඳහාත් කැල්සියම් අවශ්‍ය ය. පසෙහි කැල්සියම් ප්‍රමාණය අඩු නම් ක්‍රමයෙන් අග්‍රස්‌ථයේ පත්‍ර මැදින් කැඩී යැමට පටන් ගනියි. පත්‍රවල කුඩා සිදුරු හටගනී. මෙය බොහෝ විට කිසියම් සතකු විසින් කා දමන ලද ආකාරයෙන් දැකගත හැකි ය. ඌනතාව දිගුකාලීන වූ විට අග්‍රස්‌ථය මැරී යැමට ද ඉඩ තිබේ. එවිට කක්‌ෂීය අංකුර වර්ධනය වී මොරෙයියන් හට ගැනීමට පටන් ගනී. එවිට පල හට ගැනීමේ අඩුවක්‌ සිදු වේ. සමහර විට විකෘති හැඩයෙන් යුත් ගෙඩි හට ගැනීමට ද පුළුවන. එකිනෙකට බද්ධ වූ ගෙඩි හට ගැනීමට ද මෙම ඌනතාව හේතු වේ. වගා බිමේ කැල්සියම් ඌනතාවක්‌ තිබේ නම් පැළ සිටුවීමට පෙර පසට ඩොලමයිට්‌ හෝ අළු හුනු හෝ එකතු කළ යුතු ය. අවශ්‍යතාව හඳුනාගෙන නියමිත ප්‍රමාණය පසට ලබා දීම අවශ්‍ය ය. මේ සඳහා කෘෂිකර්ම ව්‍යාප්ති නිලධාරීන් ගේ උපදෙස්‌ ලබා ගැනීම ඉතා සුදුසු ය. අවශ්‍ය ප්‍රමාණයට වඩා යෙදීමෙන් පසෙහි PH අගය වෙනස්‌ වීමට එය හේතු වේ.

මැග්නීසියම් ඌනතාව කෙළින් ම හඳුනා ගැනීමට අපහසු වුව ද මෙය ද පැළෑටිවල වර්ධනයට බලපායි. පසෙහි මැග්නීසියම් ඌනතාවක්‌ තිබේ නම් තද හිරු එළියට පත්‍ර නිරාවරණය වූ විට දිළිසෙනසුලු කහ පැහැයක්‌ ඇති වේ. මෙම තත්ත්වය දිගට ම පැවතුණ හොත් පත්‍රවල තද අව්වට පිළිස්‌සණුq ආකාරයේ සුදු පාට වූ තැන් දැකගත හැකි ය. මේරූ පත්‍රවල ඇති වන මේ ලක්‍ෂණ ළපටි පත්‍රවලටත් පැතිර යන්නේ නම් පසට මැග්නීසියම් ලබා දීමට කටයුතු කළ යුතු වේ.

යකඩ (අයන්) ඌනතාව අන්නාසි ශාකයට බලපානු ලැබේ. පසෙහි යකඩ ඌනතාව ඇති විට ළපටි පත්‍ර මේ ලක්‍ෂණ මුලින් ම පෙන්නුම් කර සුළු වශයෙන් ඌනතාව ඇති විට වුව ද පත්‍ර කහ පාට වී කොළ පාට ලප ඇති වේ. අධික වශයෙන් ඌනතාව ඇති විට පත්‍රය පුරා පැතිරුණු කහ පාටක්‌ දැකගත හැකි ය. ඒ අතර ම තැනින් තැන කොළ පාට ලප ඇති වේ. අස්‌වැන්නට ද මෙය බලපායි පල ඉතා කුඩා වීමටත් ඒවා තද ගතියක්‌ ඇති වීමටත් මෙය හේතු වේ. ගෙඩියේ පොත්ත රතු පැහැයක්‌ ගැනීමත් ගෙඩියට ඉහළින් ඇති කරඬුව කොටස කහ හෝ සුදු පැහැයක්‌ ගැනීමත් සිදු වේ.

ඉහත ආකාරයේ ඌනතා ලක්‍ෂණ මඟහරවා ගැනීමට කාබනික පොහොර භාවිත කිරීම ප්‍රතිඵලදායක බව අවබෝධ කරගත යුතු ය. හොඳින් නිරීක්‍ෂණය කරන ලද ගුණාත්මයෙන් ඉහළ කාබනික පොහොර යෙදීම මෙහි දී වැදගත් ය. කෙසේ වෙතත් කාබනික පොහොර මගින් පසෙහි අහිතකර තත්ත්වයන් බොහොමයක්‌ වළක්‌වාගත හැකි ය. විශේෂයෙන් ම අංශුමාත්‍ර මූලද්‍රව්‍ය රාශියක්‌ මේ මගින් පසට එකතු වේ. එමෙන්ම දීර්ඝ කාලයක්‌ කාබනික පොහොර යෙදීමෙන් පසෙහි ව්‍යqහය, වයනය උසස්‌ මට්‌ටමකින් පවත්වාගත හැකි ය. ඒ මගින් ශාකයේ මූල මණ්‌ඩලය හොඳිsන් පැතිරී යනු ඇත. එවිට පසෙහි ගැඹුරට ගමන් කොට මූලද්‍රව්‍ය උරා ගැනීමට හැකියාව ලැබේ.

එමෙන්ම ශාකයට හිතකර ක්‍ෂුද්‍ර ජීවීන් ගේ ගහනය වැඩි වීම මගින් කාබනික කොටස්‌ හොඳින් දිරාපත් වීම ද සිදු වේ. පසෙහි තෙතමනය ආරක්‌ෂා වීම ද සිදු වේ. මේ ආදී හිතකර ගුණයන් වැඩි දියුණු කර ගැනීමට කාබනික පොහොර ඉවහල් වන හෙයින් රසායනික පොහොරවලට අමතරව වගාවේ මූලාරම්භයට පෙර ම කාබනික පොහොර යෙදීම ඉතා වැදගත් ය. කොහුබත් වසුනක්‌ ලෙසට යොදන විට ඒවා දිරාපත් වීමෙන් ද පසෙහි තත්ත්වය දියුණු වේ. කාබනික පොහොර ලෙසට ගුණාත්මයෙන් ඉහළ කොම්පෝස්‌ට්‌ පොහොර ඉතා සුදුසු වුව ද හොඳින් දිරාපත් වූ ගොම පොහොර, කුකුළු පොහොර, කොළ පොහොර ආදිය ද යෙදිය හැකි ය. මේවා හැකි තරමින් මූලිකව ම පසට යොදා අන්නාසි සිටුවීමෙන් පෝෂක ඌනතාවකින් තොර වගාවක්‌ පිහිටුවා ගැනීමටත් හොඳ අස්‌වැන්නක්‌ ලබාගැනීමටත් පුළුවන. එමෙන්ම යොදන රසායනික පොහොර අඩු කිරීමෙන් වගා වියදම අඩු කරගත හැකි ය.