logo3.gif (702 bytes)

arrow7.gif (1098 bytes)


                        නූතන තාක්‌ෂණයේ සහායෙන්
               සංරක්‌ෂණය කෙරෙන සීගිරියේ අනාගතය

                     
                             සීගිරි ගල මුදුනට පෙනෙන ජල උද්‍යානය

                             
                                            
  පිට දිය අගල

භූ විද්‍යාත්මක පර්යේෂණවලට අනුව වසර මිලියන 2500ක්‌ තරම් ඈත යුගයකට නෑකම් කියන සීගිරි පර්වතය, ශ්‍රී ලාංකීය වංශ කතාවට එක්‌ වන්නේ එහි නිර්මාතෘවරයා වන පළමු වැනි කාශ්‍යප රජතුමා ද සමඟිනි.

ක්‍රි.ව. 459 සිට ක්‍රි.ව. 477 දක්‌වා අනුරාධපුරයේ රජ කළ ධාතුසේන මහ රජුට දා ව යකඩ දෝළියක ගේ හෙවත් දෙවන පෙළ බිසවක ගේ කුසින් කාශ්‍යප උපන් බව ඉතිහාසයේ සඳහන් වෙයි. සීගිරිය පර්වත පාමුල ඇති ලෙන් ආරාම මහා සංඝයා වෙනුවෙන් පිදුණේ ක්‍රි. පූ. තුන්වැනි සියවසේ දී නැත හොත් බුදුදහම ලක්‌දිවට පැමිණි යුගයේ දී ම ය. මේ කාලය වන විට සීගිරිය හා අවට ප්‍රදේශ ආර්ය ජනාවාස බවට පත් වී ඉතා ම දියුණු තත්ත්වයක පැවති බව මේ ප්‍රදේශයෙන් ලැබෙන බ්‍රාහ්මී ශිලා ලිපිවලින් හෙළිදරව් වෙයි. එහෙත් අද අප දකින සීගිරිය ඉතිහාසයට එක්‌ වන්නේ ක්‍රි.ව 477 සිට එනම් මහා කාශ්‍යප රජු එය සිය අගනුවර කරගත් තැන සිට ය.

පරිසරයේ සුන්දරත්වය, තාක්‌ෂණය සහ කලා කෞශල්‍යය එක්‌ කළ රමණීය ස්‌මාරකයක්‌ වන සීගිරිය රට දැයට දායාද වූයේ කලා ශිල්පීන් රැසක ගේ අධිෂ්ඨානය හා උත්සාහය හේතුවෙනි.

සීගිරි පර්වතය හෙවත් පාෂාණය ඉහළට නෙරා පිහිටා ඇත්තේ තවත් පරිවාර පර්වත (පාෂාණ) දෙකක්‌ ද සමගිනි. මෙයින් දකුණුපසින් වූ පාෂාණය මීටර් 345ක්‌ පමණ ද උතුරින් පිහිටි පාෂාණය මීටර් 347ක්‌ පමණ ද උසකින් යුක්‌ත ය. සීගිරි පර්වතයේ ඇති විශේෂත්වය නම් මෙකී පරිවාර පර්වත දෙකට මැදි ව එම පරිවාර පර්වත දෙකට වඩා උසකින් හෙවත් මීටර් 363ක උසකින් පිහිටා තිබීම ය.

මෙම පරිවාර පාෂාණ දෙකත් සීගිරි පර්වතයත් පිහිටා ඇත්තේ එකිනෙකට කිලෝමීටර් 1ත් 1 1/2ත් අතර පරතරයක්‌ ඇති ව වීම ද තවත් සුවිශේෂි ලක්‌ෂණයකි.

සීගිරියේ මෙම පරිවාර පර්වත දෙක හැරුණු කොට ඊට ආසන්න උස්‌බිම් වන්නේ නිරිතදිගින් පිහිටි මීටර් 222.6ක්‌ උස පොතාන උස්‌ බිමත්, ඊසාන දෙසින් මීටර් 198ක්‌ උසින් පිහිටි උඩගම් උස්‌බිමත්, උතුරින් පිහිටි මීටර් 234ක්‌ උසැති උණුලුගලත් (මෙය ශේෂ වූ කන්දකි), ගිනිකොන දෙසින් මීටර් 275ක්‌ උස්‌ වූ කිරිවැල්හේන කන්දත් ය..

සීගිරිය නම් වුQ ස්‌වාභාවික බලකොටුව නිර්මාණය කිරීමේ දී ආරක්‍ෂක වළල්ලක්‌ ලෙස මෙම උස්‌ බිම් හා ශේෂ කඳු උපයෝගි කරගන්නට ඇත.

භූ විද්‍යාත්මකව බලන විට සීගිරිය වටා වූ ස්‌වාභාවික පවුරුවලින් ද, වගුරු බිම්වලින් ද, දිය පහරවලින් ද එය ස්‌වාභාවිකව ම ආරක්‌ෂා වී ඇත. මෙම ස්‌වාභාවික ලක්‌ෂණ සීගිරි ගලෙන් කිලෝමීටර් 15ත් 20ත් අතර පරාසයක පිහිටා ඇත.

ස්‌වාභාවික ආරක්‌ෂක පවුරු

සීගිරියේ බටහිර ස්‌වාභාවික ආරක්‌ෂක පවුර වන්නේ සීගිරි ගලේ සිට කිලෝමීටර් 17ක්‌ පමණ පටහිරින් පිහිටි ඉනාමළුව ව්‍යqහ කන්ද ය. මෙය උතුරු හා දකුණුදිගට විහිදී යයි. මෙම කන්දට බටහිරින් මිරිස්‌ගෝනිඔය පිහිටා ඇත. මෙහි අතු ඔයක්‌ ලෙස දඹුලුඔය විහිදී යයි. මෙය ඊසානදිගට මහ වගුරු බිමකින් කෙළවර වෙයි. මෙම වගුරු බිම නන්කුරියගම සිට කහඹිලිය වටවන දක්‌වා විහිදී යයි. මෙහි කෙළවර කලාවැවයි.

කෙසේ වෙතත් සීගිරි රාජධානියේ ආරක්‍ෂක කලාපය ලෙස වැදගත් වූයේ මීටර් 383.4ක්‌ උසැති ඉනාමළුව නම් උස්‌බිම් ප්‍රදේශය ය. මෙයට දකුණින් මීටර් 300ක්‌ පමණ උස්‌ වූ කිතුල්හිටියාව නම් උස්‌බිම පිහිටා ඇත. ආරක්‍ෂක සේනා තර කිරීමටත්, යුද කටයුතු නිරීක්‍ෂණය කිරීමටත් මෙම උස්‌බිම් ප්‍රයෝජනයට ගෙන ඇත.

සීගිරියේ ආරක්‌ෂක පවුරු ඉදි කිරීමේ දී අවශ්‍ය ද්‍රව්‍ය සොයාගෙන ඇත්තේ අවට ප්‍රදේශයෙනි. මේ සඳහා ගත් ද්‍රව්‍ය ප්‍රධාන වර්ග දෙකකි. ඉන් එක්‌ වර්ගයක්‌ කළු ගල් (Bolder) වන අතර දෙවැන්න මැටියෙන් සාදා ගත් ගඩොල් ය. වසර දහස්‌ ගණනක්‌ පුරා හායනයට, කඩා වැටීම්වලට ලක්‌ වන, සීගිරිය අවට ප්‍රදේශය පුරා විහිදී පැතිරී ඇති කළුගල්, අදාළ ඉදි කිරීම් සඳහා යොදාගෙන ඇත.

ගඩොල් නිපදවීමට අවශ්‍ය මැටි ලබා ගැනීමේ දී පොළොව කැණීම සිදු කර ඇත. මෙසේ මැටි ගැනීම සඳහා පොළොව හෑරීමෙන් පසුව එම තැන් වැවක්‌ ලෙස පසුව ස්‌ථාපිත වී ඇත.

මෙම ගඩොල් සඳහා අවශ්‍ය මැටි ලබාගන්නට ඇත්තේ අද පවතින තත්ත්වයට වඩා විශාල ප්‍රදේශයක ව්‍යාප්ත ව ඇති සීගිරි වැවෙන් හෝ වැව් පත්ලෙන් බව කිව හැකි ය. සීගිරියේ ප්‍රධාන මළු තුනක්‌ වෙයි. මාලක උද්‍යානය (Terrace gerden), ශිලා උද්‍යානය (Bolder garden) සහ ජල උද්‍යානය (Water garden) යනුවෙන් මෙම මළු හැඳින්වෙයි. මෙම මාලක ඉදි කිරීම සඳහා අවශ්‍ය ගල් සොයා ගන්නා ලද්දේ කවර ප්‍රදේශයෙන් ද යන්න සොයා බැලිය හැක්‌කේ වසර දහස්‌ ගණනක්‌ තිස්‌සේ අද දක්‌වා ම සිදු වන කඩා වැටෙන ගල් පරීක්‍ෂාවට ලක්‌ කිරීමෙනි. ශිලා උයන නිර්මාණය කිරිමේ දී ද සීගිරි ගලෙන් ම කඩා හැළුණු ගල් එකතු කර ගත් බවට කරුණු හෙළි වී ඇත.

පැරැණි ශිල්පීන් සීගිරි ගලෙන් කඩා වැටුණු ගල් එකතු කර තැනූ පවුරුවලින් අලංකාරයත් ආරක්‌ෂාවත් ලබා දුනි. එපමණක්‌ නො ව ස්‌ථානීය වශයෙන් සිදු වන ඛාදනය ඉන් වැළකී ගියේ ය. බෑවුම් ඛාදනය වුව හොත් සීගිරි ප්‍රාසාදය විනාශ වන නිසා මෙම කළුගල් ඉහළ සිට පහළට බසින මාවතේ ක්‍රමානුකූලව අල්ලා ඇති බව පෙනේ.

මෑත භූ විද්‍යා ඉතිහාසය

අදින් වසර 11000කට පමණ පෙර සිට සිදු වුණු පෘථිවිය ක්‍රමයෙන් උණුසුම් වීමත් සමග ම එතෙක්‌ පැවති ශීත යුගය අවසන් විය. මේ නිසා පෘථිවි දේශගුණික රටාව පමණක්‌ නො ව ස්‌ථානීය හෙවත් ප්‍රාදේශීය වශයෙන් හෝ කලාපීය වශයෙන් ද වෙනස්‌ වන්නට විය. සීගිරිය වැනි දැඩි පාෂාණ පර්වත මෙම උණුසුම් වීම්වලට ලක්‌ විය. දහවල දී ඇති වන උණුසුමත් රාත්‍රියේ දී සිදුවන විකිරණයත් හේතුවෙන් හටගන්නා සිසිල් වීමෙන් මෙම පාෂාණ විටින් විට ප්‍රසාරණයටත් සංකෝචනයටත් ලක්‌ විය. මේ අයුරින් වන දේශගුණික රටාවක්‌ තුළ ස්‌ථාපිත වූ සීගිරි පර්වතය පිපිරිම්වලට හා හායනයට වැනි භෞතික ජීර්ණයට ලක්‌ විය. අදින් වසර 11000ක්‌ වැනි කාලයක්‌ තුළ සීගිරි පර්වතය මෙවන් විපර්යාසවලට ලක්‌ වීම නිසා ක්‍රමයෙන් පතනය වූ ගල්කුට්‌ටි අදත් සීගිරි පාමුල දැකගත හැකි ය.

මෙසේ පහළට ඇද හැළුණු කළු ගල්a ආදිකාලීන බෞද්ධ ආරාම ඉදි කිරිමට ද යොදාගෙන ඇත. ආරාමවාසී භික්‌ෂුන් සඳහා කෘත්‍රිම ලෙන් නිර්මාණය කිරීමට ද මෙම ගල් යොදාගත් බව පෙනී යයි. කෙසේ වෙතත් පර්වත කුට්‌ටි කඩා හැළීම විටෙක ආරාමවාසී භික්‌ෂුන්ට හා අවට වැසියන්ට මහත් හිරිහැරයක්‌ මෙන්ම අන්තරායකාරි තත්ත්වයක්‌ ද උදා කර දෙන්නට ඇත.

ගැටලු රැසක්‌

වසර පුරා ජලය ලබාගත නොහැකි පරිසරයක නුවරක්‌ ඉදි කිරීමේ දී අතීත ඉංජිනේරුවන් ප්‍රධාන ප්‍රශ්න රැසකට මුහුණ දෙන්නට ඇතැයි සිතිය හැකි ය. මෙයින් මුල් තැන ගෙන ඇත්තේ ලැබෙන ජලය රැස්‌ කර තබා ගැනීම ය. දෙවැන්න ජලාශවල විශාලත්වය තීරණය කිරීම ය. තුන්වැන්න ජලය බෙදා හැරීම හා මෙම ජල ධාරිතාව වසර පුරා ම කළමනාකරණය කිරීම ය. සීගිරියේ ජල විද්‍යාත්මක ස්‌වරූපය අධ්‍යයනය කරන්නකුට පෙනී යන කරුණක්‌ වන්නේ අවට පරිසරයේ පිහිටීම් රටාව පිළිබඳව මනා අවබෝධයකින් යුතු ව පැන නඟින ගැටලුවලට පිළිතුරු සපයා ඇති බවයි. වසර පුරා ම ජලය නොමැති බැවින් පර්වතය මුදුනේ ජල පොකුණක්‌ හා සීගිරිඔය හරස්‌ කර සීගිරි වැව නිර්මාණය කර ඇත.

සීගිරියේ කොටා ඇති කටාරම්වලින් ජලය බැස යැමට සැලැස්‌වීම ද මැනැවින් සිදු කෙරිණි. එසේ නො කෙරුණේ නම් බලකොටු පවුර ගලන ජලයෙන් විනාශ වීමට ඉඩ තිබිණි.

සීගිරි ගල හා ඒ මත ඉදි වුණු ගොඩනැඟිලි සුළඟේ දැඩි පීඩනයටත් තද අව් රශ්මියටත් ලක්‌ වීම වැළැක්‌විය නොහැකි දෙයක්‌ විය. සීගිරි ගල මත බැඳි ප්‍රාකාරය, පාමුල ෙද්‍රdaණියක්‌ (කපොල්ලක්‌) සිටින සේ ඉදි කර ඇත්තේ ගල මුදුනේ ඉදි කළ ගොඩනැඟිලි දැඩි සුළඟින් ආරක්‍ෂා කර ගැනීමට ය. සීගිරි ගලේ වෙසෙන බඹරූන් ඒ පිළිබඳව ලබා දෙන ඉඟිය ද සුළුපටු නැත. එදා මෙන්ම අදත් සීගිරි ගලේ බඹරුන් වද බඳින්නේ සුළං හමන දිශාවට ප්‍රතිවිරුද්ධ දිශාවෙහි වීම නිදසුනකි.

සීගිරිය අති සංකිර්ණ නිර්මාණයක්‌ වූ බැවින් සාමාන්‍ය පුද්ගලයකුට මෙහි විශාලත්වය හා එහි අංග පිළිබඳව එකවර අවබෝධ කර ගැනීමට හැකියාවක්‌ නැත. අතීතයේ සීගිරි සංකීර්ණයට අයත් ව තිබුණු ස්‌වාභාවික පරිසර පද්ධතියෙහි විශාලත්වය අද මිනුම්වලට අනුව හෙක්‌ටයාර දහස්‌ ගණනක්‌ වන්නට ඇත. එහෙත් අද සීගිරි සංකීර්ණයට අයත් වන පරිසර පද්ධතියේ විශාලත්වය හෙක්‌ටයාර 160ක්‌ පමණි.

බලකොටු පවුර

සීගිරි සංකීර්ණය දෙස බැලිමේ දී පිටතින් ම පිටත පවුරත්, ඉන් අනතුරුව පිටත දිය අගල හා ඇතුළත දිය අගලත් ඇතුළත පවුර, බාහිර දොරටුවත් යනාදි වශයෙන් ආරක්‌ෂා සහිතව බෙදුණු ආකාරයක්‌ දක්‌නට ලැබේ. පිටතින් ම පිහිටි බලකොටු පවුර උතුරු හා දකුණු දිගට විහිදෙන අතර උතුරු කොනෙන් නැගෙනහිරට වක්‍ර වී විහිදෙයි. පිටතින් ඇති මෙම පවුර පස්‌වලින් සාදන ලද්දකි. මැද පවුර සාදා ඇත්තේ ගඩොල්වලින් හා ගල්වලිනි. මෙම පවුරු විනාශ වී ගොස්‌ ඇති බැවින් ඒවායේ උස කොපමණ දැයි කිව නොහැකි ය.

දිය අගල් නිර්මාණයේ දී ඉවුරුවල සමාන්තර බව හා සේදී යැම වැළැක්‌වීම සඳහා අවතල හැඩයක්‌ ලබා දී තිබෙන බව දක්‌නට ලැබේ. පවුරු ඉදි කිරීමේ දී පහළ කොටස හෙවත් පාදය වඩාත් රළු ගල්වලින් ද උඩ කොටස වඩාත් සුමට ගල්වලින් ද තනා ඇති බැව් පෙනී යයි. හතරැස්‌ ආකාරයට ගල් සැකසීමේ දී වඩාත් රළුවට කැඩුණු දාර සහිත ගල් ප්‍රයෝජනයට ගෙන ඇත.

පිටත පවුරේ දකුණු කොටසේ දිග මීටර් 120කි. පිට දිය අගලෙන් ඇතුළත ද ඇතුළත දිය අගලෙන් ඇතුළත ද යනාදී වශයෙන් පවුරු දෙකකි. මේ ආකාරයට සීගිරියට ඇතුළු වීමේ දී පවුරු තුනක්‌ හා දිය අගල් දෙකක්‌ තරණය කළ යුතු වෙයි. වර්ෂ 1949 දී මහාචාර්ය පරණවිතානයන් විසින් කරන ලද කැණීම්වලින් ප්‍රමද වනයේ ගොඩනැඟිලි ඉදි කර ඇති අන්දම හෙළි කර ගනු ලැබී ය. මේ එක්‌ ගොඩනැඟිල්ලක දිග මීටර් 206ක්‌ හා පළල මීටර් 106ක්‌ විය. මෙම බිම් කොටස වටා මිටර් 1.5ක්‌ පළලින් යුත් ගඩොල් පවුරක්‌ ද සොයා ගැනිණි. මැද කොටසේ වූ සමචතුරස්‍රය මැද මීටර් 14ක පළලකින් හා මීටර් 3.75ක ගැඹුරකින් යුත් දිය අගලක්‌ සහිත දූපතකි. දිය අගලට පිවිසිය හැක්‌කේ මීටර් 15ක පමණ වේලි 4කිනි. මේ නිසා පොකුණු 4ක්‌ නිර්මාණය වේ යෑයි පරණවිතානයෝ පෙන්වා දෙති.

මෑත යුගයේ සීගිරිය සොයා ගැනීම 19 වැනි සියවසේ මැද භාගයෙන් ආරම්භ වෙයි. ඒ, අදින් වසර 100කට පමණ පෙර එනම් 1864 දී බ්‍රිතාන්‍ය ජාතික එච්. සී. පී. බෙල් මහතා සීගිරිය පිළිබඳව කළ කැණීම්වලින් පසුව ය. ඉන්පසු වර්ෂ 1949 දී මහාචාර්ය සෙනරත් පරණවිතානයන් විනෝද උයන හා බලකොටු හඳුනාගෙන බෙල් මහතා ඇරඹූ පර්වතය මුදුනේ කැණීම් කටයුතු සම්පූර්ණ කළේ ය. සීගිරිය ගොඩනැඟීම සඳහා ගත වූ කාලය කෙනකුට සිතාගත නොහැකි තරම් ය. කාලය නිර්ණය කළ හැක්‌කේ සීගිරි පර්වත මුදුනේ සාදන ලද ප්‍රාසාදය හා එහි මාලක සඳහා ගල් පවුරු සිය ගණනක්‌ ද, ගඩොල් මිලියන ගණනක්‌ ද, හුනු බදාම ටොන් සිය ගණනක්‌ ද, ගල මතුපිටට ගෙන යා යුතු බව සැලකිල්ලට ගැනීමෙනි. වර්තමානයේ දී මෙම කාර්යය කළ හැක්‌කේ විශාල දොඹකර මගින් හා සිටුවූ දොඹකර කුලුනු මගින් කෘත්‍රිමව සාදන ලද පියගැට පෙළක්‌ දිගේ හෝ බොලොක්‌ක යොදා කඹ දිගේ ඉහළට ඇදීමෙන් හෝ ගල මතට අදාළ ද්‍රව්‍ය ප්‍රවාහනයෙනි. උචිත ක්‍රමවේද අනුගමනය කරමින් කම්කරුවන් සිය ගණනක්‌ වසර කිහිපයක්‌ පුරා ගත් ආයාසයකින් අනතුරුව සීගිරිය ගොඩනඟන්නට ඇතැයි අනුමාන කළ හැකි ය.

වසර බිලියන 2500ක්‌ තරම් ඉපැරැණි වයස්‌ ප්‍රමාණයකට හිමිකම් කියන සීගිරි පර්වතය අතීතයේ දී මෙන් අද ද විවිධ පිපිරීම්වලට හා හායනයන්ට ලක්‌ වෙමින් පවතී. එනම් ගල් පුපුරා කඩා වැටීමේ තර්ජනයට සීගිරි පර්වතය ලක්‌ වෙමින් පවතී. අතීතයේ දීට වඩා විශාල හානිකර තත්ත්ව වර්තමානයේ දී ඇති විය හැකි බැවින් සිදුවිය හැකි හානිවලින් සීගිරි පර්වතයත් අවට ප්‍රදේශයත් බේරා ගත යුතු ව ඇත. මෙය බැරෑරුම් කටයුත්තකි. පාරිසරික හා ස්‌වාභාවික සම්පත් අමාත්‍යංශයත්, භූ විද්‍යා සමීක්‍ෂණ හා පතල් කැණීම් කාර්යංශයත්, මධ්‍යම සංස්‌කෘතික අරමුදලත්, ශ්‍රී ලංකා සංචාරක මණ්‌ඩලයත් මේ සඳහා එක්‌ වී සිටින්නේ අද ලොව භාවිත කරන නවීන තාක්‌ක්‍ෂණ ක්‍රමවේද සමගිනි. මේ සඳහා දේශීය භූ භෞතික විද්‍යාඥයින්, දේශීය පර්යේෂකයින් සිය දැනුම පළපුරුද්ද හා ශ්‍රමය නොමසුරුව ලබා දෙන්නේ කළ යුතු රාජකාරියටත් වඩා ජාතික කර්තව්‍යයක්‌ ලෙස මෙය පිළිගෙන තිබෙන බැවිනි.

සීගිරි චිත්‍ර ලෙන ආශ්‍රිත ප්‍රදේශයේ භූගත වී ඇති පුරාවස්‌තු සෙවීමේ කාර්යභාරයේ භූ භෞතික විද්‍යාඥයින් නිරත වී සිටින ආකාරය පසුගිය දිනක එහි කළ සංචාරයක දී අපට දැක ගැනීමට හැකි විය.

මෙහි දී භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යංශයේ පතල් ඉංජිනේරු රංජිත් මංචනායක මහතා අදහස්‌ දැක්‌වූයේ මේ අයුරිනි.

මේ සීමාවේ තිබුණු චිත්‍ර බලන්න දෙස්‌ විදෙස්‌ සංචාරකයින්ට අවස්‌ථාව තිබුණේ නෑ. ඒ සඳහා නව පාලම් ඉදි කරගෙන යනවා. මෙහි දී කරන්නේ අඩි 2ක්‌ විතර ඇතුළට ගල කටුවලින් විදීම. විදින යන්ත්‍ර භාවිත කරන්නේ නැත්තේ ගලේ පිපිරීම් ඇති විය හැකි නිසා. දැන් අපි භාවිත කරන පාලමේ සවි කර තිබෙන්නේ යකඩ දඬු. ගල විද යකඩ දඬු සවි කර වඩාත් හොඳින් සවි වීමට යකඩ කුඤ් භාවිත කර තිබෙනවා. කලක්‌ යන විට යකඩ මල බැඳෙනවා. පාලමේ ශක්‌තිය අඩු වෙනවා. නව පාලම සෑදීමේ දී භාවිත කරන්නේ සුදු යකඩ දඬු. මේ සුදු යකඩ ගලේ සිදුරට සවි කර හිල්ටි හීට්‌ කියන ගම් වර්ගයකින් ස්‌ථාවර කරනවා. මේ පාලම අඩි 4ක්‌ පමණ පළලයි. අඩි 40ක්‌ පමණ දිගයි.

මෙයින් පසු සිංහ පාදයෙන් ඉහළට යන පාලමත් දෙගුණයක්‌ පළල් කරල සුදු යකඩ වලින්ම ඉදි කරනවා. ඒ වගේම කඩා වැටෙන්න ආසන්න ගල් තිබෙන ස්‌ථාන කිහිපයක්‌ දැන් හඳුනාගෙන තිබෙනවා. අපි දැන් උත්සාහ කරන්නේ ඒ ගල් එම ස්‌ථානයේ දී ම ස්‌ථාවර කළ හැකි නම් ඒවා ස්‌ථාවර කිරීමටත්, අපහසු ඒවා හානියක්‌ නො වන අයුරින් පහළට ගැනීමටත්.

මේ සඳහා යන වියදම රුපියල් මිලියන 50ක්‌. මේ මුදල ලබා දෙන්නේ සංචාරක මණ්‌ඩලය හා ජයිකා ආයතනයයි. මේක හඳුන්වන්නේ සංචාරකයින් ගේ පහසුකම් වැඩි දියුණු කිරීමේ ව්‍යාපෘතිය කියලයි. පසුගිය අප්‍රේල් මාසේ ආරම්භ කළ මෙහි වැඩ අවසන් වීමට මාස 15ක්‌ ගත වෙනවා.

මේ සමගම භූවිද්‍යා සමීක්‍ෂණ හා පතල් කැණීම් කාර්යංශයේ භූ භෞතික විද්‍යාඥයෝ නවීන භූ විනිවිදුම් රේඩාර් (Geo Penetrate Radar) යන්ත්‍ර ආධාරයෙන් සීගිරි පරිශ්‍රයේ තෝරාගත් ප්‍රදේශවල භූ ගර්භයේ නිරික්‍ෂණ කටයුතුවල නිරත වෙමින් සිටිති. මෙයින් අපේක්‌ෂා කෙරෙන්නේ භූමිය තුළ වළලා ඇති පුරාවස්‌තු හෝ එවැනි ඝන ද්‍රව්‍ය නිවැරදිව හඳුනාගෙන පාරිසරික වශයෙන් කිසිදු හානියක්‌ නො වන අයුරින් කැණීම් සිදු කර අවශ්‍ය දේ සොයාගැනීමයි.

මෙහි දී භූ භෞතික විද්‍යාඥ නලින් ද සිල්වා මහතා අදහස්‌ දක්‌වමින්, "ඉස්‌සර සිතියම් අධ්‍යයනය කර පුරාවිද්‍යාත්මක කැණීම් සිදු කළා. එහෙම කරන කොට භූමියට විශාල හානි සිදු වනවා වගේම නිසි ප්‍රතිඵලයක්‌ නො ලැබෙන්නත් ඉඩ තිබෙනවා. දැන් ලෝකයේ බොහෝ රටවල් පුරාවිද්‍යාත්මක කැණීම් සඳහා නවීන ක්‍රමවේද භාවිත කරනවා. ඉතිං අපි ලෝක තත්ත්වය ගැන සලකා බලා නියමු ව්‍යාපෘතියක්‌ හැටියට පුරාවස්‌තු හා පුරාවිද්‍යාත්මක වටිනාකමක්‌ ඇති ස්‌ථාන හඳුනා ගැනීමට මෙම නව ක්‍රමවේද භාවිත කරන්න අදහස්‌ කළා. ලෝකයේ භූ භෞතික ක්‍රම කිහිපයක්‌ භාවිත කරනවා. ඒ පොළොවේ අඩංගු ද්‍රව්‍යවල ස්‌වභාවය අනුවයි. යකඩ බහුල පොළොවක්‌ නම් භූ චුම්බක ක්‍රමය (Gep Magnatic Method), භූමියේ ඝනත්වයෙන් වැඩි ද්‍රව්‍ය තිබෙනවා නම් ගුරුත්ව ක්‍රමය (Gravity Method) භාවිත කරන්න හැකියාව තිබෙනවා. ප්‍රතිරෝධතාව එකිනෙකට වෙනස්‌ දේවල් තිබෙනවා නම් අපට ප්‍රතිරෝධතාමාන ක්‍රමය (Resisstivity method) භාවිත කිරීමේ හැකියාව තිබෙනවා. භූමි ක්‍රියාකාරිත්වය එකිනෙකට වෙනස්‌ ස්‌වරූපයක්‌ ගන්න භූමියකට භූකම්පන ක්‍රමය (Seismic Method) භාවිත කරන්න පුළුවන්. මෙතැන දී අපට තිබෙන උපකරණ හා අනෙකුත් සම්පත් හේතුකොට ක්‍රම දෙකක්‌ භාවිත කරන්න තීරණය කළා. එකක්‌ තමයි ප්‍රතිරෝධතා ක්‍රමය. අනෙක භු විනිවිදුම් රේඩාර් ක්‍රමය. අපි මේ ක්‍රම දෙක භාවිතයෙන් එත තැනක තිබෙන ව්‍යqහය අනෙක්‌ පැත්තේ තිබෙනවා ද නැත්නම් කවර ආකාරයක්‌ ගන්නවා ද ඒ වගේම අපිට කොපමණ දුරට ව්‍යqහ හඳුනාගන්න පුළුවන් ද වැනි දේ සොයාගන්නවා.

මේ තිබෙන භූ පරාවර්තන රේඩාර් යන්ත්‍රයෙන් පොළොවට සවි කර තිබෙන යකඩ ඉලෙක්‌ට්‍රොaඩ ආධාරයෙන් විද්යුත් ධාරාවක්‌ යවනවා. ඉන්පසු කරන්නේ ධාරාවෙන් ලැබෙන ප්‍රතිරෝධය කුමක්‌ ද කියා බැලීමයි. එයින් අදාළ වපසරියේ ප්‍රතිරෝධයේ වෙනස්‌ වීම කුමන ආකාර ද යන්න අවබෝධ කර ගැනීමට හැකියාව තිබෙනවා.

මෙම උපකරණය ටෙරාමීටර් කියලයි හඳුන්වන්නේ. මෙයින් පොළොව යට තිබෙන ප්‍රතිරෝධය ත්‍රිමාණව බලා ගන්න හැකියාව තිබෙනවා. පස්‌ යට ගල්වලින් හදපු වස්‌තුවක්‌ තිබුණොත් ගල්වල ප්‍රතිරෝධය වැඩි නිසා පස්‌වලට වඩා ගල් වස්‌තුවේ ප්‍රතිරෝධය වැඩියි. ඒ පරිසරයේ ප්‍රතිරෝධය ත්‍රිමාණව පෙන්නුම් කරනවා. එනම් ප්‍රතිරෝධය වැඩි තැන්වල එක්‌ ආකාරයක ත්‍රිමාණ රූපයකුත් ප්‍රතිරෝධය අඩු තැන්වල ඊට වෙනස්‌ ත්‍රිමාණ රූපයකුත් වශයෙන්. එක ම ප්‍රතිරෝධය තිබෙන පාෂාණ වර්ග දෙකක්‌ පරීක්‍ෂණ භූමියේ තිබුණොත් අපට දැකගන්නට ලැබෙන්නේ එක ම ත්‍රිමාණ රූපයයි. මෙහි දී පාෂාණ වර්ග දෙක හඳුනා ගන්න නො ලැබෙන නිසා වෙනස්‌ ක්‍රමයක්‌ අනුගමනය කරන්න සිදුවනවා. නිදසුන් ලෙස එක ම පෙන්වා දෙති.

වර්තමාන කැණීම්වලට අනුව ජල උයනේ දිග මීටර් 25ක්‌ ද, පළල මීටර් 5.25ක්‌ ද වන බැව් සොයාගෙන ඇත. එහි ගැඹුර මීටර් 3.15ක්‌ පමණ වෙයි. ජල උයනේ දෙවැනි කොටස දිගටි හැඩයට පිහිටි චතුරස්‍රාකාර ප්‍රදේශයකි. මෙය දිගින් මීටර් 165ක්‌ ද, පළලින් මීටර් 25ක්‌ ද වෙයි. මෙම ජල උයන වතුර මලින් අලංකාර කර ඇත. මෙම උයනට ජලය සපයා ඇත්තේ මීටර් 65ක්‌ පමණ උස්‌ ස්‌ථානයක සිට ය. මේ හා සම්බන්ධ වූ නළවලින් දැඩි පීඩනයක්‌ සහිතව ජලය පිට කර ඇත.

කැටපත් පවුර

සීගිරියේ ඵෙතිහාසික වටිනාකම වැඩි වන්නේ ක්‍රි.ව 8-10 වැනි සියවස්‌වල සිගිරිය නැරඹීමට පැමිණි අය විසින් ලියන ලද කුරුටු ගී හේතුවෙනි. මෙම කුරුටු ගීවලින් එම සියවස්‌වල පැවැති භාෂාව, ව්‍යාකරණ, පුද්ගල ආකල්ප, රස වින්දනය පමණක්‌ නො ව සීගිරියේ හා අවට ප්‍රදේශ අතර තිබුණු සම්බන්ධතාව හඳුනා ගැනීමට හැකි වී ඇත. මහාචාර්ය සෙනරත් පරණවිතාන ශූරීන් විසින් කුරුටු ගී 685ක්‌ පමණ කියවා පරිවර්තනය කරනු ලැබ ඇති බැව් මෙහි ලා සඳහන් කළ යුතු ය.

ජල සම්පාදනය

භුමි දර්ශන සැකසීමේ දී සීගිරි ශිල්පීන් විසින් අනුගමනය කරන ලද තාක්‍ෂණික ක්‍රමවේදයක්‌ වූයේ කළුගල් ගලන ජලයට ලම්බකව සිටින සේ සැකසීම ය. ජල ධාරාවක්‌ පහළට ගලන විට බෑවුමේ දිග ප්‍රමාණය හා බෑවුමේ ආනතිය අනුව ජලයේ චාලක ශක්‌තිය වැඩි විට එමගින් ගෙන යන පස්‌ හා ගල් කැබැලිවල බර හා ප්‍රමාණය ද වැඩි වෙයි. කළුගල් බෑම්ම ජල පහරට ලම්බකව ඉදි කිරීමෙන් ගලන ජලයෙන් කිසියම් පස්‌ ප්‍රමාණයක්‌ බැම්ම මගින් රඳවා ගනී මේ නිසා ස්‌වාභාවිකව සිදු වන භූමි හායනය වැළකී යයි. මළු (මහල්) තැනීමේ දී බෑවුමේ දිග කොටස්‌වල ජලයේ චාලක ශක්‌තිය මැනැවින් පාලනය කිරීමට සීගිරි ශිල්පින් දැන සිටි බැව් මෙයින් විද්‍යමාන වෙයි.

ඉහළ සිට පහළට ගලන ජලය පාලනය කළේ භූමි හායනය සහ පාංශු ඛාදනය පාලනය කිරීම සඳහා ම පමණක්‌ නො ව වියළි කලාපීය පරිසරයක ජලය රඳවා තබා ගැනීම ද සඳහා ය. වියළි පරිසරයක ජල උයන් පිහිටුවීමේ දී සීගිරි ඉංජිනේරුවන් මුහුණ දුන් ප්‍රධාන ගැටලුවක්‌ වූයේ ජලය රඳවා තබා ගන්නේ කෙසේ ද යන්න ය. ගල මුදුනේ අක්‌කර ගණනාවක්‌ විශාල ප්‍රදේශයකට වැටෙන වැසි ජලය එක්‌රැස්‌ කර ඒවා පහළ පිහිටි ජල උයන්වලට ගෙන ඒමේ විද්‍යාත්මක ක්‍රමවේද සිගිරි ඉංජිනේරුවෝ දැන සිටිය හ. මේ නිසා සිගිරියේ සෑම තැන ම පොකුණු පිහිටුවීමට ඔවුහු ක්‍රියා කළ හ. පර්වතය මුදුනේ විශාල පොකුණක්‌ ද, තවත් කුඩා පොකුණු දෙකක්‌ ද පිහිටුවා ඇත. ඉහළ ප්‍රදේශයේ ජල අතිරික්‌තයක්‌ ඇති වූ විට එම ජලය පහළ ප්‍රදේශයට ගලා යැම සඳහා පර්වතයේ බටහිරින් ගැටියක්‌ (කාණුවක්‌ වැනි) දිගේ ජලය ගලා බැස යන පරිදි විශාල ජල මාර්ගයක්‌ සාදා එය පර්වත පාදයේ නිරිතදිග ප්‍රදේශයේ වූ පොකුණකට රැස්‌ කර ඇත. මෙය ෂඩාස්‍ර පොකුණක්‌ වූ අතර එයට දකුණින් පොකුණු කිහිපයක්‌ සාදා තිබුණි. මේවා පිහිටුවා ඇත්තේ එක පෙළට සිටින සේ ය. මෙම ජලාශවල සිට පහළින් පිහිටි උයන්වලට ද දිය අගල්වලට ද ජලය බෙදා හැර ඇත. මෙම ජලාශ සීගිරි වැවට නළ මාර්ගවලින් සම්බන්ධ කිරීමට ද ඔවුන් වගබලාගෙන ඇත. මෙම නළ මාර්ග නිම කර ඇත්තේ ගල් ලෑලි සතරකින් සාදන ලද බිලයක්‌ හෙවත් උමං මාර්ගයක්‌ මැටි බදාමයකින් ආවරණය කර එය පස්‌වලින් වසා දැමීමෙනි. සිරස්‌ව බෙදා හරින ජලය සඳහා නිම කළ ජල නළය සාදා ඇත්තේ ගලින් සාදන ලද නළ පලු දෙකක්‌ එක්‌කොට නළයක්‌ සාදා එය ලෝහ වළලු තුළ බැස්‌වීමෙනි.

සීගිරි පර්වතය මුදුනේ තිබුණු ප්‍රාසාදයට ප්‍රමද වනයට ජලය සැපයීම කර ඇත්තේ ගල මතුපිටට වැටෙන ජලය එක්‌ රැස්‌ කිරීමෙනි. මෙහි විශාල පොකුණක්‌ හා උතුරු හා දකුණු දෙසින් කුඩා පොකුණු දෙකක්‌ තිබී ඇත. මෙම පොකුණට ලැබෙන වාර්ෂික වර්ෂාපතනය අඟල් 100ක්‌ යෑයි උපකල්පනය කළ හැකි ය. ඒ අනුව

රැඳෙන ජලයේ ධාරිතාව ගැලුම් 297500කි. මෙයින් සියයට 75ක ජල ප්‍රමාණයක්‌ නැවත නැවත භාවිත කිරීම සඳහා ය. මෙම ජලය වසර පුරා ම ප්‍රයෝජනයට ගන්නේ නම් මසකට ප්‍රයෝජනයට ගන්නා ජල ධාරිතාව ගැලුම් 18593කි. පුද්ගලයකු මාස 1කට ජලය ගැලුම් 300ක්‌ භාවිත කරන්නේ නම් එය පුද්ගලයින් 61 දෙනකු සඳහා ප්‍රමාණවත් වෙයි. වාෂ්පීකරණය සඳහා සියයට 50ක්‌ වැය වන්නේ නම් මෙම පොකුණේ ජලයෙන් පුද්ගලයන් 30 දෙනකු නඩත්තු කළ හැකි ය.

ප්‍රාසාදයට ගිනිකොන දෙසින් පිහිටි පොකුණ දිගින් රියන් 44ක්‌ ද පළලින් රියන් 37ක්‌ ද විය. මෙම පරිමාණය නූතන මිනුම්වලට අනුව දිගින් අඩි 56ක්‌ හා පළලින් අඩි 46ක්‌ වෙයි. (රියන් 1ක්‌ අඩි 1 1 1/2කට සමාන වෙයි). පහළ කලාපයට ජලය සැපයුවේ සීගිරි වැවෙනි. මෙම වැවේ විශාලත්වය අද පවතින විශාලත්වයට වඩා වැඩි විය.

අමල් උඩවත්ත

විශේෂ ස්‌තුතිය
පරිසර අමාත්‍යංශයයට හා භූ විද්‍යා සමීක්‍ෂණ හා පතල් කැණීම් කාර්යංශයට

ජයාරූප අමල් උඩවත්ත