|
පැරැණි යකඩ නිස්‌සාරණයේ අපේ සම්ප්‍රදාය

පෙර ද සඳහන් කළ පරිදි බලශක්‌තිය යනුවෙන් විශේෂයක් අපේ
සම්ප්‍රදායේ නැත. මෙම යකඩ නිස්‌සාරණයේ දී අපේ පැරැන්නන් සිදු කොට ඇත්තේ
සොබාදහමේ සම්පත් සහ ක්‍රියාකාරීත්වයන් උපයෝගී කරගෙන තමාට අවශ්‍ය දේ කරගැනීම ය.
සුළඟේ ඇති ශක්‌තිය (Energy) උපරිම ලෙස යොදා ගැනීම ආදී සංකල්ප එහි නැත. මෙවැනි
සංකල්ප තුළ අනවශ්‍ය පරිදි සිර වුව හොත් අපට සමස්‌තය ග්‍රහණය නො වනු ඇත. එහි දී
ශක්‌තිය උපරිම ලෙස ලබා ගැනීමට ගොස් අප නො දැනී ම එම ලාභයට වඩා වැඩි අලාභයක්
(චක්‍රීයතාවෙන් පිට පැනීම ආදී ලෙස) සිදු කරගනු ඇත. නූතන ඉංජිනේරු සම්ප්‍රදායේ
එන "කාර්යක්‌ෂමතා" (Efficiencies) පිළිබඳව අප දැඩි ලෙස විමසිලිමත් විය යුතු ය.
අපේ පැරැණි ඉංජිනේරු සම්ප්‍රදාය සොයා යැමේ දී නූතන බටහිර විද්‍යාවේ නියාම
(ඊනියා යථාර්ථයෙන් මුදාගත්) ප්‍රයෝජනවත් ය. එම නියාම ඇසුරෙන් අපට අදාළ පැරැණි
තාක්‌ෂණයෙහි ක්‍රියාකාරීත්වයන් බොහෝ විට තේරුම්ගත හැකි ය. එහෙත් නූතන ඉංජිනේරු
සම්ප්‍රදාය මේ සඳහා සබඳ කර නො ගැනීමට අප ඉතා පරෙස්‌සම් විය යුතු ය. අප අද කළ
යුත්තේ පැරැණි තාක්‌ෂණයෙහි කොටස් ගෙන නූතන ඉංජිනේරු සම්ප්‍රදායට (නූතන
සංවර්ධනයට) බද්ධ කිරීමට උත්සාහ ගැනුම නො ව නූතන බටහිර විද්‍යා නියාම (ප්‍රධාන
වශයෙන් භෞතික විද්‍යාත්මක) උපයෝගී කරගෙන (අවම වශයෙන් මේ සඳහා අපේ නියාම
නිර්මාණය වන තෙක්) පැරැණි ඉංජිනේරු තාක්‌ෂණයෙන් විමසා බලා ඒවා පසුපස ඇති
සම්ප්‍රදාය (සහ සංවර්ධන රාමුව) ග්‍රහණය කරගෙන එම සම්ප්‍රදාය වෙත මෙම
විනාශාභිමුඛ "සංවර්ධන" රැල්ලේ දුවන සමාජය යොමු කිරීම ය.
මේ සඳහා අපේ ප්‍රවාද නිර්මාණය වන තෙක් සිටිය නොහැකි ය. අප අවට පරිසරයේ සිදු වන
දෑ (විශේෂයෙන් අතීත තාක්‍ෂණ හා සම්බන්ධ) බටහිර නියාමවලින් තොරව අද අප තේරුම්
ගන්නේ කෙසේ ද? එකල මේවා කළේ බටහිර නියාමවලින් නො වන බව සැබෑ ය. එහෙත් ඒ කළ
ආකාරය පිළිබඳ ඉඟියක් හෝ අද අප සතු නො වේ. (වෙදකමේ දී නම් පැරැණි ප්‍රවාද
සෑහෙන්නට ඇත.) ඉතින් අද අප බිසෝකොටුවේ කාර්යභාරය තේරුම් ගන්නේ කෙසේ ද? දාගැබක
ව්‍යqහය ගතිකව ග්‍රහණය කරගන්නේ කෙසේ ද? ඉවෙන් ද? මෙම තාක්‍ෂණයන්හි ක්‍රියාවන්
තේරුම් නො ගෙන අතීත ඉංජිනේරු සම්ප්‍රදාය අද තේරුම් ගන්නේ කෙසේ ද? මෙම පැරැණි
තාක්‍ෂණයන් හුදු වර්ණනාත්මකභාවයෙන් මුදාගෙන අපේ සංවර්ධන රාමුවක් තුළ
ප්‍රයෝජනයට ගත හැක්‌කේ ඒවායේ ක්‍රියාවන් දන්නේ නම් පමණි. ඒ තේරුම් ගැනීමත් අපේ
ප්‍රවාද ඔස්‌සේ ම වේ නම් කදිම ය. එම ප්‍රවාද කවුරුන් හෝa නිර්මාණය කරන්නේ නම්
කදිම ය. එහෙත් අනෙක් අතට අපට ඉංජිනේරු සම්ප්‍රදාය සොයා යැම නැවතිය නොහැකි ය.
එය කළ යුතු ද නැත. ඒ නිසා අප ඒ සඳහා යථාර්ථයෙන් මුදා ගත් බටහිර නියාම උපයෝගි කර
ගනිමු. එය කෙතරම් සරල ළාබාල වැඩ.ක් වුව වෙන කළ හැක්‌කක් නැත. මේ පිළිබඳව
කවුරුන් විසින් හෝ අපේ ප්‍රවාද නිමවා ඇත්නම් අපට ද කියා දෙන ලෙස ඉල්ලමු. අපේ
ඉංජිනේරු සම්ප්‍රදාය යනු කුමක් ද යන්න (අපේ සංවර්ධනය සමග ම බැඳුණු) තවදුරටත්
ඉදිරියේ දී පැහැදිලි කෙරෙනු ඇත.
අප ගේ ලිපිවල, අප ඒවා කතා කරන සන්දර්භයන් තුළ දෝෂ ඇත්නම් ඒවා පෙන්වා දී අප
නිදොස් කරන ලෙස ද පාඨකයන්ගෙන් ඉල්ලමු. එය මහත් පිංකමකි. එසේම අප ගේ ගණිතය හා
සම්බන්ධ ලිපි ජයවර්ධනපුර සරසවියේ ගණිත අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සරත් කුමාර
මහතා ගේ ද විමසුමට ලක් වූ ඒවා ය. ඒවා හුදෙක් ඉංජිනේරු ගණිතය මත පදනම් වූ දෑ
නො වේ. කෙසේ වුවත් "ඉංජිනේරු ගණිතයට" වඩා මහ ලොකු යථාර්ථයක් අනෙක් ගණිතයේ
නොමැති බව ද සඳහන් කළ යුතු ය. එහි වියුක්‌තිය වැඩි ය. වියුක්‌තිය වැඩි වීමේ
විශේෂ හොඳක් නැත. එසේ ම බටහිර අර්බුදය ඇත්තේ වියුක්‌තකරණයේ පමණක් නො වේ.
|