logo3.gif (702 bytes)

arrow7.gif (1098 bytes)


කෘෂි කෙත

ආරක්‍ෂිත ගෘහ තුළ බෙල් පෙපර් වගාව

බෙල් පෙපර් වශයෙන් හඳුන්වන, වෙළෙඳපොළේ ඉහළ වෙළෙඳ අගයකට හිමිකම් කියන වර්ගය අයත් වන්නේ සොලනේසි කුලයට ය.. මෙය හඳුන්වන්නේ කැප්සිසම් ඇනම් (Capsisum annum) යන උද්භිද විද්‍යාත්මක නාමයෙනි. මෙම පලයේ මාංශල ගතිය අධික ය. එහෙත් සැර ගතියෙන් අඩු ය. සැර ගතියට හේතු වන "කැප්සිසීන්" නම් රසායනික ද්‍රව්‍ය ඉතා සුළු වශයෙන් අඩංගු වීම නිසා එසේ සිදු වේ. පලය ඉදුණු විට තරමක පැණි රසයකින් ද යුක්‌ත වේ. මේ හේතුව නිසා සමහර දෙනෙක්‌ මෙය ස්‌වීට්‌ පෙපර් (Sweat Pepper) ලෙසින් ද හඳුන්වති. මෙහි කැරොටීන් විශාල ප්‍රමාණයක්‌ අඩංගු වේ. සලාද වශයෙන් ආහාරයට සකස්‌ කරගත හැකි වීමත්, අලංකරණ කටයුතුවලට යොදාගත හැකි වීමත් නිසා හෝටල් ක්‍ෂෙත්‍රයට වැඩි අවශ්‍යතාවක්‌ පවතී. මේ නිසා ම මෙය වගා කරන්නන්ට හොඳ ආදායමක්‌ උපයා ගැනීමේ හැකියාව තිබේ.

දේශගුණික අවශ්‍යතා සපයා දීම මගින් බෝගයෙන් උපරිම අස්‌වනු නෙළා ගැනීමේ හැකියාව තිබේ. දිවා කාලයේ උෂ්ණත්වය 180C-240C අතර ද, රාත්‍රී උෂ්ණත්වය 150C-180C අතර ද පැවතීම උසස්‌ අස්‌වැන්නක්‌ ලබාගැනීමට හේතු වේ. උෂ්ණත්වය ඉහළ අගයක්‌ (350Cට වැඩි) ගන්නා විට මල් හා කුඩා පල හැළී යැම සිදු වේ. මේ නිසා ආරක්‍ෂිත ගෘහ තුළ වගාව කරන්නේ නම් වැඩි ප්‍රයෝජනයක්‌ සැලසෙයි.

ආරක්‍ෂිත ගෘහ තුළ වගාව සඳහා ප්‍රභේද කිහිපයක්‌ දැනට භාවිත කෙරෙයි. ඒවායේ පලයෙහි හැඩ සහ වර්ණ විවිධත්වයක්‌ ගනී. රතු, කහ, තැඹිලි වර්ණයෙන් යුත් වර්ග දැනට වෙළෙඳ පොළේ පවතී. රතුපාට පල දරන ප්‍රභේද අතර එඩිනෝ, HA 1195ල ටින්මෝ, කිං ආතර්, ජුපිටර්, ඉන්ද්‍ර, ඇරිස්‌ටෝටල්, නොබිලි යන වර්ග ද, කහපාට පල දරන ප්‍රභේද අතර ගෝල්ඩන් බෙල්, ට්‌වින්ගෝ යන වර්ග ද දැනට වගා කෙරෙයි.

මෙම බෝගය වගාවට බීජ තවාන් කර පැළ ලබාගැනීම අවශ්‍ය ය. තවාන් තැටි (ස්‌ටයිරෆොaම්) හෝ දැල් බඳුන් හෝ මේ සඳහා භාවිත කළ හැකි ය. තවාන් මාධ්‍ය සඳහා ජීවාණුහරණය කළ කොහුබත් යොදාගත යුතු ය. යොදාගන්නා තවාන් තැටිය හෝ බඳුන හෝ කොහුබත්වලින් පුරවා එය තුළ නොගැඹුරු ලෙස බීජ තැන්පත් කළ යුතු ය. පැළ බඳුනෙන් ඉවත් කිරීමේ දී මූල මණ්‌ඩලයට සිදු වන හානිය අවම කර ගැනීම සඳහා බඳුන යටට පොලිතීන් තීරුවක්‌ යෙදීම සුදුසු ය. තෙතමනය පරීක්‍ෂා කර බලා අවශ්‍ය නම් පමණක්‌ ජලය යෙදිය යුතු ය. බීජ පැළ වී, පත්‍ර දෙකක්‌ ඇති වූ පසු ඉතා තනුක ද්‍රdවණයක්‌ ලෙස ඇල්බට්‌ පොහොර යෙදීම සුදුසු ය. බීජ පැළවලට සති 4ක්‌ පමණ වයස්‌ වූ විට සිටුවීමට යොදාගත හැකි ය. පොලිතීන් මලූවල මෙම පැළ සිටුවීම සඳහා යොදාගන්නේ නම් සෙ.මී. 45ක්‌ උස, විෂ්කම්භය සෙ.මී.30ක්‌ වන පොලිතීන් මලූ සුදුසු ය. මෙම මලූවල සිදුරු පේළි කිහිපයක්‌ සෑදීමෙන් වැඩි ජලය රඳා පැවැත්මක්‌ සිදු නො වේ.

සාමාන්‍යයෙන් බෙල්පෙපර් වගා කිරීම සඳහා බඳුන් මාධ්‍ය ලෙස මිශ්‍රණ කිහිපයක්‌ කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මගින් නිර්දේශ කර ඇත.



i කොහුබත් 2 ( වැලි 1 ( කොම්පෝස්‌ට්‌ 2

ii කොහුබත් 2 ( වැලි 1 කොම්පෝස්‌ට්‌ 2

iii කොහුබත් 2 ( දහයියා අඟුරු 1



මෙම මිශ්‍රණවලින් එකක්‌ වගා මාධ්‍ය ලෙස ප්‍රයෝජනයට ගත හැකි ය. බෙල් පෙපර් පැළ පුහුණු කිරීම හා නඩත්තු කිරීම ඉතා වැදගත් ය. නිරෝගී ශක්‌තිමත් වගාවක්‌ මෙන්ම වැඩි ගුණාත්මයකින් යුත් පල ලබාගැනීම සඳහා එය බොහෝ දුරට ඉවහල් වේ. කඳ කෙළින් වැඩීමට ඉඩ හැර ඉන්පසු v අකුරේ හැඩයට අතු දෙකක්‌ වැඩෙන ලෙස සකස්‌ කරගත යුතු ය.

පාර්ශ්වික අතු

       Y
කඳ

එම පාර්ශ්වික අතු දෙක තනි කඳන් දෙකක්‌ ලෙසට වැඩෙන්නට හරින්න. මෙම අතුවල වර්ධනයට ඉඩකඩ සැලසෙන ලෙසට මීටර් 2-2.5ක්‌ පමණ ඉහළින් තිරස්‌ ආධාරක රඳවා ගත යුතු ය. එහි සිට පැළවලට ඉහළින් සිරස්‌ ලණු ආධාරක ලබා දිය යුතු ය. පළමු අතු බෙදීමට පහළින් ඇති පත්‍ර ඉවත් කිරීම ද අවශ්‍ය ය.

පොහොර යෙදීමෙන් හොඳ අස්‌වැන්නක්‌ කරා ළඟා විය හැකි ය. පෝෂක අඩංගු පොහොරක්‌ ලෙස අල්බට්‌ මිශ්‍රණය භාවිත කළ හැකි ය. මෙම ඇල්බට්‌ ද්‍රdවණය සකස්‌ කරන ආකාරය එම පැකට්‌ එකේ සඳහන් කර ඇත. මෙම පොහොර මිශ්‍රණය දිනකට වාර තුනක්‌ යෙදීමට නිර්දේශ කර තිබේ. ද්‍රdවණය සකස්‌ කිරීමේ දී පැළ වයසින් වැඩි වන විට යොදන ග්රෑම් ප්‍රමාණය වැඩි කළ යුතු වේ. එයට අමතරව සතියකට වරක්‌ කැල්සියම් නයිටේ්‍රට්‌ 0.5-1% ද්‍රdවණය යෙදීමෙන් ගුණාත්මයෙන් වැඩි පලදාවක්‌ ලබාගත හැකි ය.

මෙම වගාවේ රෝග, පළිබෝධ හානි පහත සඳහන් වේ.

තවාන් පැළවල දක්‌නට ලැබෙන දියමලන්කෑම දිලීර රෝගයකි. වගා මාධ්‍ය මට්‌ටමේ දී කඳ කඩා වැටීම සිදු වේ. ඒ මට්‌ටමේ කඳ කුණු වීමක්‌ ද දැකගත හැකි ය. වගා මාධ්‍ය ජීවාණුහරණය ඉතා වැදගත් ය. දිලීරනාශක ලෙස තිරාම් නිර්දේශ කෙරෙයි.

ඇන්ත්‍රැක්‌නෝස්‌ දිලීර රෝගය ද හානිකර ය. කඳෙහි කළු පාට පැල්ලම් ඇති වීම, අතු කෙළවර සිට කළු පාට වී මැරී යැම, පලයට වැළඳුණු විට ඕවලාකාර පුල්ලි ඇති වීම, ඒවා කළු පැහැ වීම රෝග ලක්‍ෂණ වේ. රෝගී කොටස්‌ දුටු වහා ම ඉවත් කිරීමට කටයුතු කළ යුතු අතර දිලීරනාශක ලෙස ඩැකොනිල් නිර්දේශ කෙරෙයි. සැම විට ම නිරෝගී බීජ යොදා ගැනීම රෝගය ඇති වීම වළක්‌වා ගැනීමට උපකාරී වේ.

මේරූ පත්‍ර මත දුඹුරු-කළු රවුම් පැල්ලම් ඇති වීමත් පසුව කහ පාට වී පත්‍ර හැළී යැමත් සිදු වේ. මැන්කොසෙබ්, ඩැකොනිල් වැනි වර්ග යෙදීම මගින් පාලනය කළ හැකි ය.

සුදු මැස්‌සා, කුඩිත්තා, පැළමැක්‌කා හා කීඩෑවා රෝග වාහකයන් ලෙස ක්‍රීයා කිරීම මගින් වයිරස්‌ රෝග පැතිරේ. ඒ සඳහා කෘමින් මර්දනයට කටයුතු කිරීමත් රෝගී ශාක විනාශ කිරීමත් අවශ්‍ය වේ.

පළිබෝධීන් ලෙස පැළමැක්‌කා, මයිටාවා වැනි කෘමීන් දැකගත හැකි ය. පැළ මැක්‌කා පත්‍රවල යටිපැත්තේ වැඩිපුර ම රැඳී සිටී. පත්‍රවල යුෂ උරා බීම නිසා පත්‍ර මත සුදු පැල්ලම් ඇති වේ. පත්‍ර විකෘති වීම, පැල්ලම් ඇති වීම, පත්‍ර හැළී යැම සිදු වේ. රෝගී කොටස්‌ ඉවත් කර විනාශ කිරීම නිර්දේශ කෙරේ. හානිය උග්‍ර නම් රීජන්ට්‌, ඇඩ්මයර් වැනි කෘමිනාශක භාවිත කළ හැකි ය.

ඉතා කුඩා සුදු, කහ, රෝස හෝ රතු පැහැති මයිටාවන් පත්‍රවල යටිපැත්තේ දැකගත හැකි ය. පත්‍ර යුෂ උරා බීම නිසා පත්‍ර විකෘති වේ. පත්‍රවල යටිපැත්තට සල්ෆර් යෙදීමෙන් මර්දනය කරගත හැකි ය.

ඉහත පරිදි වගාව නඩත්තු කටයුතු කිරීම මගින් සාර්ථක බෙල්පෙපර් වගාවක්‌ පවත්වා ගැනීමට පුළුවන. එමෙන්ම බලාපොරොත්තු වන ආකාරයට අස්‌වැන්න ලබා ගැනීමට පුළුවන. හොඳින් මේරූ තද කොළ පාට හෝ 50% ඉදුණු පල අස්‌වැන්න ලෙස නෙළා ගැනීම සුදුසු ය. පල නෙළීම සඳහා තියුණු පිහියක්‌ හෝ සෙකටියරයක්‌ භාවිත කළ හැකි ය. පල නෙළීමේ දී කටුව සමග පල නෙළාගත යුතු අතර නෙළුE පල හොඳින් පිස දැමීම මගින් ඔපවත් බවක්‌ ලබා දෙයි. මෙම අස්‌වැන්න හිරු එළියට නිරාවරණය නො වන ලෙස තබා ගැනීම ඉතා වැදගත් ය. පෙට්‌ටිවල අසුරා ගැනීමේදී 120C-180C උෂ්ණත්වය ද 85%-90% ආර්ද්‍රතාව ද යටතේ අසුරා ගබඩා කළ යුතු ය.


පරිසරය වර්ණවත් කරන බෝගන්විලා

කඩදාසි මල් යනුවෙන් හඳුන්වන බෝගන්විලා තද හිරු එළිය ප්‍රිය කරන බෝගයකි. උද්‍යාන අලංකරණයේ දී බෝගන්විලා සිටුවාගන්නට බොහෝ දෙනකු උනන්දු වන නිසා ම මෑත කාලය තුළ අප රටේ බොහෝ වර්ණවලින් යුත් බෝගන්විලා ශාක ව්‍යාප්ත වී ඇත. සෙවණ සහිත ස්‌ථානවල මෙම පැළ සිටුවා මල් ලබා ගැනීමට කෙතෙක්‌ උත්සාහ දැරුවත් සාර්ථක ප්‍රතිඵල ලබාගැනීමට අපහසු ය. නිවස අවට අධික සෙවණ තිබේ නම් බඳුන්වල සිටුවා හිරු එළිය තදින් ලැබෙන ස්‌ථානවල එම බඳුන් තැන්පත් කිරීමෙන් සාර්ථකව මල් ලබා ගත හැකි ය.

අතීතයේ අතු දිගට විහිදී ගොස්‌ කෙළවර මල් පොකුරු වශයෙන් පිපෙන වර්ග ප්‍රචලිත ව තිබුණත් මේ වන විට පත්‍ර තරමට ම මල් පිපෙන එනම් විශාල වශයෙන් ශාකය විහිදී නො යන වර්ග දක්‌නට ඇත. එපමණක්‌ නො ව පත්‍ර ද විචිත්‍රව ඇති වර්ග දක්‌නට තිබේ. විදේශ රටවලින් මල් පැළ ආනයනය කිරීමත් සමග වර්ග විශාල ප්‍රමාණයක්‌ මේ වන විට මෙරට ව්‍යාප්ත ව ඇත.

බෝගන්විලාවල ජන්ම භූමිය බ්‍රසීලය හා මධ්‍යධරණී මුහුද ආශ්‍රිත ප්‍රදේශයන් ය. නික්‌ටජිනේසියේ (භසජඒටසබ්ජැa) ශාක කුලයට අයත් ය. වර්ධනය සඳහා යෝග්‍ය පරිසරය වන්නේ සෙල්සියස්‌ අංශක 33 (330C) සහ ඊට ඉහළ උෂ්ණත්ව වේ. මේ උෂ්ණත්වය තුළ ශාකය හොඳින් වැඩී මලින් පිරී යයි. මේ ශාකය ව්‍යාප්ත කර ගැනීමට අපහසු නො වන මලින් තොර ශාක තිබීමෙන් ප්‍රයෝජනයක්‌ සිදු නො වේ. එම නිසා මල් හට ගැනීම උත්තේජනය කිරීම අවශ්‍ය ම කරුණකි.

පැළ බෝ කර ගැනීම සඳහා අතු කැබැලි යොදා ගත හැකි ය. ගැට 3-4ක්‌ සහිත සෙ.මී 6-7ක්‌ පමණ දිග අතු කැබැලි මේ සඳහා තෝරා ගත යුතු ය. ගැටයකට පහළින් කපා ගත් අතු කැබැලිවල පහළ කොළ ඉවත් කර මුල් වර්ධක හෝමෝනයක්‌ ආලේප කරගත හැකි නම් සාර්ථකව මුල් අද්දවා ගත හැකි ය. මෙම හෝමෝන වර්ග වෙළෙඳපොළෙන් මිල දී ගත හැකි ය. "සෙක්‌ටෝ", "සෙරඩික්‌ස්‌", "රූටෝන්" යන නම්වලින් මේවා තිබේ. තැවරිය යුත්තේ කැපුම් තලයේ ය. මෙම අතු කැබැලි ප්‍රචාරණ ගෘහයක්‌ (ප්‍රොපගේටරයක්‌) තුළ තබා මුල් අද්දවා ගැනීම සාර්ථක ක්‍රමයයි. ඉහත ආකාරයට පිළියෙල කරගත් අතු කැබැලි 1 ( 1/2 අනුපාතයට මිශ්‍ර කරගත් කොම්පෝස්‌ට්‌ හා වැලි මිශ්‍රණයක්‌ සහිත තවානක සිටුවා එය පොලිතීන්වලින් ආවරණය කර ප්‍රොපගේටරයක්‌ ලෙසට සකස්‌ කරගත යුතු ය. මෙම ස්‌ථානයට කෙළිsන් ම හිරු එළිය නො වැටෙන සේ තබා ගැනීම අවශ්‍ය ය. දින 2-3කට වරක්‌ ප්‍රොපගේටරය තුළට වාතාශ්‍රය ලැබීමට ඉඩ සැලසීම මුල් ඇදීමට උපකාරී වේ. මෙසේ දින 21ක්‌ පොලිතීනය තුළ තබා ගනිමින් අවශ්‍ය පාරිසරික සාධක නිසි ලෙස ලබා දීමෙන් වැඩි දඬු කැබැලි සංඛ්‍යාවක්‌ මුල් අද්දවාගත හැකි ය.

තබා ගනිමින් අවශ්‍ය පාරිසරික සාධක නිසි ලෙස ලබා දීමෙන් වැඩි දඬු කැබැලි සංඛ්‍යාවක්‌ මුල් අද්දවාගත හැකි ය. මේ කාලය තුළ කුණු වී යන මැරී යන දඬු කැබැලි ඉවත් කිරීම ඉතා වැදගත් ය. දින 21කට. පසු තවානේ පොලිතීනය ඉවත් කිරීමත් සමග සතියකට වරක්‌ දියර පොහොරක්‌ යෙදීම මගින් සති 6-8 අතර කාලයේ දී මුල් අද්දවා ගැනීම සිදු කරගත හැකි ය.

ප්‍රොපගේටරයේ තබා මුල් අද්දවාගත් දඬු කැබැලි ඉන්පසු බඳුන්වලට මාරු කළ යුතු ය. මෙහි දී වැදගත් වන්නේ සුදුසු මාධ්‍යයක්‌ සකස්‌ කර ගැනීම ය. ඒ සඳහා පහත සඳහන් බඳුන් මාධ්‍ය යොදාගත හැකි ය.

බඳුන් මාධ්‍යය
මතුපිට පස්‌ කොටස්‌ 03
කොළ පොහොර 02
දිරන ලද ගොම කොටස්‌ 01
වැලි (ගොරෝසු) 1/2
උළු කැට කැබැලි 1/4

මෙම ද්‍රව්‍ය මිශ්‍ර කරගත් බඳුන් මාධ්‍ය බඳුන්වලට පුරවා මුල් අද්දවාගත් අතු කැබැලි සිටුවා ගත හැකි ය. ව්‍යාපාරයක්‌ ලෙස පැළ සකස්‌ කරන අයට පොලිතීන් වැනි දෙයකින් සකස්‌ කරගත් බඳුන්වල සිටුවා අලෙවි කළ හැකි ය. එසේම සිමෙන්ති බඳුන්වල සිටුවා වර්ධනය කර ගැනීමට ද පුළුවන. බඳුන්වල ජලය හොඳින් බැස යැම වැදගත් ය. තෙතමනය රැඳී තිබීම පැළයට අහිතකර ය. ජලය සැපයීම දින 3කට වරක්‌ පමණ සිදු කිරීම සෑහෙයි.

බෝගන්විලා ශාකය පොහොරවලට හොඳ ප්‍රතිචාරයක්‌ දක්‌වයි. එම නිසා බෝගන්විලා සඳහා ම සකස්‌ කළ පොහොර මිශ්‍රණ වෙළෙඳපොළේ මිල දී ගැනීමට ඇත. මාසයකට වරක්‌ ගොම පොහොරවලට යුරියා ස්‌වල්පයක්‌ කලවම් කර යෙදීමෙන් පැළයේ වර්ධනය එකාකාරව පවත්වාගත හැකි ය. උෂ්ණත්වය වැඩියෙන් පවතින විට පොටෑසියම් වැඩි පොහොර මිශ්‍රණයක්‌ සති 2කට වරක්‌ යෙදීමෙන් ද හොඳ ප්‍රතිඵල ලබාගත හැකි ය.

බෝගන්විලා පැළවල කාලයකට මල් නැති ව තිබෙනු ඔබ ද කොතෙකුත් දැක ඇති. විශේෂයෙන් ම වර්ෂාව වැඩි කාලවල මේ තත්ත්වය දැකීමට පුළුවන. මේ කාලයේ කොළ හැළී යැම ද දක්‌නට ලැබේ. මේ කාලයේ දී ශාකය කප්පාදු කළ යුතු ය. කප්පාදු කිරීමේ දී ශාකයෙන් 1/3ක්‌ පමණක්‌ ඉතිරි කර අනෙක්‌ අතු කපා ඉවත් කළ යුතු වේ. එමෙන්ම සිටුවා ඇති බඳුන තුළ පිටට පෙනෙන ආකාරයට මුල් විහිදී තිබේ නම් ශාකය ගලවා වෙනත් බඳුනකට මාරු කළ යුතු ය.

ඉහත ආකාරයට කටයුතු කිරීමෙන් සාර්ථකව වැඩුණු මලින් පිරුණු බෝගන්විලා වගාවක්‌ පවත්වා ගැනීම අපහසු නො වේ. හොඳින් හිරු එළිය වැටීමත්, තෙතමනය මාධ්‍යයේ රඳා නො තිබීමත්, වැසි ජලය ඉවත් වී යන ආකාරයට මාධ්‍යය සකස්‌ කර ගැනීමත්, නිසි ලෙස පැළෑටි පෝෂක ලබා දීමත් බෝගන්විලා ශාකය මලින් පිරී තිබීමට හේතු වේ.