|
|
||||
|
විදුදය විදුලකර පිරිවෙන්වල අභාවය මහාචාර්ය නලින් ද සිල්වා සාහිත්‍යයෙහි දී හෝ වේවා විද්‍යාවෙහි දී හෝ වේවා කෘතියකට පිළිගැනීමක් ලැබෙන්නේ සමාජයෙහි උගතුන් අතර පිළීගැනීමක් ලැබීමෙන් පසුව යෑයි අපි කීවෙමු. එහෙත් මෙහි දී සාකච්ජා නො වූ වැදගත් ප්‍රශ්නයක් වෙයි. එනම් සමාජයෙහි උගතුන් ලෙස පිළිගැනෙන්නේ කවුරුන් ද යන්න ය. උගතුන් කවුරුන් ද යන්න, විශේෂයෙන් ම ඉහත සඳහන් ආකාරයේ පිළිගැනීමක් ලබා දෙන උගතුන් කවුරුන් ද යන්න තීරණය කෙරෙන්නේ දේශපාලන හා සංස්කෘතික ආධිපත්‍යය පදනම් කර ගනිමිනි. ඉතා පැහැදිලිව ම අද මෙරට තීරණාත්මක කාර්යභාරයක් ඉටු කරනු ලබන්නේ බටහිර ශාස්ත්‍ර හා විද්‍යා උගතුන් විසිනි. ඇතැම් විට බටහිර දැනුම කට ගා ගත් යම් යම් ජනමාධ්‍යකරුවන් අතින් ද ඒ සිදු වෙයි. ඊනියා සාහිත්‍ය පිටු සකස් කරන්නෝ ද මෙරට උගතුන් කවුරුන් ද යන්න පාඨකයන්ට හඳුන්වා දෙති. ඉතා පැහැදිලිව ම මෙරට උගතුන් ලෙස අද හැඳින්වෙන්නේ බටහිර අච්චුවේ සාහිත්‍ය, නාට්‍ය, සිනමා, කාව්‍ය ආදී ක්ෂෙත්රවල නිර්මාණකරුවන් ය. එසේත් නැත්නම් බටහිර ආර්ථික විද්‍යාව, දේශපාලන විද්‍යාව, බටහිර දර්ශනය ආදී විෂය හැදෑරූවන් ය. ඉඳහිට බටහිර විද්‍යාව හැදෑරූ කිහිප දෙනෙක් ද උගතුන් ලෙස හැඳින්වෙති. අද ප්‍රාචීන පඬිවරුන්ට මෙරට තැනක් නැත. ප්‍රාචීන පඬිවරයකු අතරින් පතර සිටිය ද ඔහු ද බටහිර ශාස්ත්‍ර හදාරා ඒ පිළිබඳව ද දැනුමක් ලබා ගැනීමට වෙහෙසයි. විෙද්‍යාaදය විද්‍යාලංකාර පිරිවෙන්වලට ඊනියා විශ්වවිද්‍යාල තත්ත්වය දීමේ ප්‍රතිඵලය වූයේ ප්‍රාචීන පඬිවරුන්ට තිබූ සමාජයීය දේශාපලන බලය මුළුමනින් ම නැති කිරීම ය. අද පිරිවෙන්වල ද දහම් පාසල්වල ද ඉගැන්වෙනුයේ බටහිර අච්චුවට අනුව ය. විසි වැනි සියවසේ මුල් භාගයේ ද සිංහල, පාළි, සංස්කෘත, බෞද්ධ දර්ශනය පෙරදිග ආකාරයට උගත් ප්‍රාචීන පඬිවරුන්ට යම් තරමක වුව ද පිළිගැනීමක් මෙරට විය. එදා බොහෝ පඬිවරු ව්‍යාකරණානුකූලව සිංහලෙන් ලියූ හ. බොහෝ පුවත්පත් ලේඛකයන්ට ද ඒ හැකියාව විය. කණාගාටුවෙන් වුවත් කිව යුත්තේ මාර්ටින් වික්‍රමසිංහ මහතාට ඒ හැකියාව නො වූ බව ය. ඒ මහතා ගේ පොත්පත්වල තිබූ වැරැදි එකල සිටි පඬිවරුන් ගේ විවේචනයට හසු විය. එහෙත් වික්‍රමසිංහ මහතා අයත් වූයේ නැඟී එන බටහිර ක්‍රිස්තියානි නූතනත්ව සම්ප්‍රදායට ය. පඬිවරුන් අයත් වූයේ අවරට යමින් තිබූ සිංහල බෞද්ධ සම්ප්‍රදායට ය. එබැවින් අවසානයේ දී ජයග්‍රහණය වික්‍රමසිංහ මහතාට හිමි විය. බටහිරයන්, විශේෂයෙන් ම ඉංගිරිසින්, අධ්‍යාපනය ඔස්සේ ගෙන ගිය බටහිර ක්‍රිස්තියානි නූතනත්ව ආධිපත්‍යය පැතිරවීම අපට යම් දේශපාලන නිදහසක් ලැබෙන විට ඵල දරා තිබිණි. අපට යම් දේශපාලන නිදහසක් ලැබුණේ සංස්කෘතික ආධිපත්‍යය මුළුමනින් ම මෙන් බටහිර ක්‍රිස්තියානි නූතනත්වයට භාර දෙමිනි. නිදහස් අධ්‍යාපනය, ගමට උසස් අධ්‍යාපනය, එනම් බටහිර උසස් අධ්‍යාපනය ගෙන යැමේ ප්‍රතිඵලය වූයේ බටහිර ශාස්ත්‍ර උගතුන්ට ශාස්ත්‍රීය සමාජයේ දේශපාලන බලයක් ලැබීම සහ භික්ෂුන් වහන්සේ ප්රමුඛ ප්‍රාචීන පඬිවරුන්ට එකී දේශපාලන බලය නැති වීම ය. ඉංගිරිසි කතා නො කරන සිංහල බෞද්ධයෝ බටහිරයන් යටතේ තමන්ට තැනක් නැති බව තේරුම් ගත්ත ද, බටහිර යුදෙව් ක්‍ර්‍රsස්තියානි සංස්කෘතිකාධිපත්යයට විරුද්ධ ව සටන් කළ ද බටහිර ක්‍රිස්තියානි නූතනත්වයට එරෙහි ව සටන් කිරීමේ අවශ්‍යතාව දැන නො සිටිය හ. පනස් හයට අප පිවිසියේ මේ අඩුපාඩු ද සහිත ව ය. පනස් හයේ බලවේගයේ නායකත්වය සඟ, වෙද, ගුරු බලවේගයට හිමි වුණ ද අප
නො දැනුවත් ව මෙන් ඇතැම් සිංහල ගුරුවරු හා වෙදමහත්වරු බටහිර නූතනත්වය ගමට ගෙන යැමේ
මුල් පියවර ද ගත් හ. ගමට බටහිර උසස් අධ්‍යාපනය ලැබීමට පෙර ම ඔවුහු තම පුතුන්ට
බටහිර අධ්‍යාපනය ලබා දීමට නගරයට යෑවූ හ. ඒ ඔවුන් ගේ වරදක් නො වේ. සමාජ ආධිපත්‍යය
බටහිර ක්‍රිස්තියානි නූතනත්වයට හිමි වූ කල ඔවුන්ට වෙනත් කළ හැකි දෙයක් නො වී ය. විෙද්‍යාදය හා විද්‍යාලංකාර පිරිවෙන් එවකටත් විශ්වවිද්‍යාල වුවත්
එහි ප්‍රාචීන පාඨමාලා බොහෝ දෙනකු කියන ආකාරයට ලංකා විශ්වවිද්‍යාලයට වඩා ඉහළ මට්ටමක
පැවතියත් ඔවුහු ඉන් සෑහීSමකට පත් නො වී බටහිර විශ්වවිද්‍යාල ආකෘතිය ඉල්ලා සිටිය හ.
එහි ප්‍රතිඵලය වූයේ ප්‍රාචීන පඬිවරුන් ක්‍රමයෙන් සමාජයෙන් කොන් වී යැම ය. ඔහු වෙනත් වචනවලින් කියා ඇත්තේ සිංහල බෞද්ධයන්ට සංස්කෘතියක්
නැති බව ය. එසේ වුවත් ඉංගිරිසි කතා නො කරන සිංහල බෞද්ධයන් පේරාදෙණියට විරුද්ධව
වුවත් අවසානයේ දී දැන හෝ නො දැන හෝ ඉල්ලා ඇත්තේ පිරිවෙන් වෙනුවට පේරාදෙණිය අච්චුවේ
විශ්වවිද්‍යාලයක් ඇති කරන ලෙස ය. ඒ වෙනුවට සමාජයේ පිළිගැනීම ඇත්තේ එනම් උගතුන් ලෙස පිළිගැනීමට
ලක් වන්නේ බටහිර විද්‍යාව පසු පස නොන්ඩි ගසමින් යන බටහිර සමාජයීය විද්‍යාව හා
ඊනියා මානව ශාස්ත්‍ර හැදෑරූ උගතුන් ය. (මෙහි නොන්ඩි ගසන්නේ ඒ ඒ විද්‍යා හා
ශාස්ත්‍ර බව අවධාරණය කළ යුත්තේ උගතුන් නොන්ඩි ගැසීමට වත් නො දන්නා බැවිනි.) දක්ෂ සිසුන්ට අවශ්‍ය එක්කෝ බටහිර වෛද්‍යවරයකු වීමට ය. නැත්නම් ඉංජිනේරුවරයකු වීමට ය. මෙරට විශ්වවිද්‍යලවල විද්‍යා පීඨවලට ඇතුළු වන්නේ ඉතා වැඩි වශයෙන් ඉංජිනේරු පීඨයට හෝ වෛද්‍ය පීඨයට හෝ ඇතුළු වීමට නොහැකි වූවන් ය. විද්‍යා පීඨවලටත් ඇතුළත් වීමට නොහැකි වූවෝ ආයුර්වේදය ඉගෙනීමට යති. කෙතරම් දැඟලූවත් බටහිර විද්‍යාවට මෙරට මුල්බැස ගැනීමට නොහැකි වී
ඇත. ඉඳහිට දක්ෂ ශිෂ්‍යයකු දෙදෙනකු ඉංජිනේරුවන් හෝ වෛද්‍යවරුන් හෝ වීමට උත්සාහ නො
ගෙන විද්‍යා පීඨවලට ඇතුළු වීමෙන් මේ තත්ත්වයේ වෙනසක් නො සිදු වෙයි. අනෙක් අතට අපේ රටේ සම්ප්රදාය අනුව ද අප වැඩි සැලකිල්ලක් දැක්වූයේ සංයුක්ත තාක්ෂණයට මිස වියුක්ත ප්‍රවාද නිර්මාණයට නො වේ. ඒ කෙසේ වෙතත් වෛද්‍යවරුන්ට හා ඉංජිනේරුවන්ට සමාජයීය පිළිගැනීමක් ලැබුණත් ඔවුන්ට උගතුන් ලෙස පිළිගැනීමක් නො ලැබිණි. එයට හේතුව ඒ වන විට නයිදෙලා හා වෙදමහතුන් සමාජය විසින් උගතුන් ලෙස නොපිළිගනු ලැබීම ය. මෙරට උගතුන් ලෙස අවසානයේ දී පිළිගැනුණේ ධර්ම විනය දැනගත් භික්ෂූන් වහන්සේ හා අවශේෂ ගිහි පිරිස ය. සිංහල වෙදමහතුන් ගොවි මහතුන් හා නයිදෙලා බටහිරයන් විසින් කොන් කරනු ලැබූ සමාජයක අවසානයේ දී දේශීය සම්ප්රදායක් රැකගෙන සිටියේ ප්‍රධාන වශයෙන් ම භික්ෂුන් වහන්සේ හා කලින් සඳහන් ගිහි පිරිස් ය. අවසාන වටයේ දී බටහිරයන් විසින් කොන් කරනු ලැබූ ඒ සම්ප්රදාය රැකගත් උගතුන් වෙනුවට උගතුන් ලෙස කරළියට පැමිණීමට හැකි වූයේ බටහිර මානව ශාස්ත්‍ර හා සමාජයීය විද්‍යා උගත් අයට මිස ඉංජිනේරුවන්ට හා වෛද්‍යවරුන්ට නො වේ. |
||||
|
||||